ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරු 11 පමණ වනවිට ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝ මීටර 500ක දුරින් […]
නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට පළාත් ආණ්ඩුකාරවරයා තීරණයකර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරයා පැවසුවේ.
පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියා අපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබා ගැනීමේ ජාවාරමක් හෙළිවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ව්‍යාජ රැකියා නියෝජිත ආයතන මගින් මෙම ජාවාරම සිදුකරන බවට අනාවරණ වී තිබෙනවා. පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ පෝලන්තයේ රැකියා ලබාගැනීමට නම් අනිවාර්යෙන්ම රැකියා බලපත්‍රයක් තිබිය යුතු බවයි. ඒම නිසා […]
මහර බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය අතරතුර රැඳවියන් බන්ධනාගාරයේ ඖෂධාගාරය බිඳ එහි තිබූ විවිධ ඖෂධ වර්ග භාවිතකර ඇති බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා. බන්ධනාගාරයේ 1600ක පමණ රැඳවියන් පිරිසක් එහි දොරවල් කඩා පිටතට පැමිණ තමන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලෙස පවසා තිබුණා. චන්දන ඒකනායක මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේදී රැඳවියන් […]
පෙර සැළසුම් කර තිබූ දිනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දැනුම් දෙනවා. ඔහු පැවසුවේ, රට තුළ පවතින තත්ත්වය හමුවේ නියමිත විෂයය නිර්දේෂය ආවරණයකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදු වූ බවයි. ඒ අනුව විභාගය පැවැත්වෙන දිනය සති 6කට පෙර දැනුම් […]
ලෝක ඒ්ඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. – ගෝලීය සහයෝගීතාවය සහ හවුල් වගකීම – යන්න මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වන අතර මෙය කොරෝනා වසංගතය ද හේතු කොටගෙන නිර්මාණයකර තිබෙනවා. මෙර ඇස්තමේන්තුගතකර ඇතිට HIV ආසාදිතයින් ගණන 3600ක් වන අතර ඔවුන්ගෙන් 2304ක් HIV ඇති අය වනවා. එමෙන්ම සායනවලින් ප්‍රතිකාර ගන්නා HIV ආසාදිතයින් ගණන 1845ක්. පසුගිය වසර කිහිපය […]
මහර බන්ධනාගාර ගැටුමෙන් පසු රෝහල්ගතකර සිටින රැඳවියන් අතරින් 38 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී තිබෙනවා. එම රැඳවියන් සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී අද තවත් 12දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඊයේ දිනයේ ද ආසාදිතයින් 26දෙනෙකු හඳුනා ගත් අතර ඒ අනුව දැනට රෝහල්ගතකර සිටින රැඳවියන්ගෙන් 38 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව මේ වනවිට තහවුරු […]
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය රැඳවියන් ගණන 9 දක්වා ඉහළ ගියා. පොලිසිය පැවසුවේ, අද තවත් රැඳවියකු මියගිය බවයි. එමෙන්ම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ 107 දෙනෙකු මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක්ම ක්‍රියාත්මක අතර ඒ සඳහා ඊයේ අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් මත පංච පුද්ගල කමිටුවක් ද පත් කෙරුණා. තවත් විමර්ශනයක් […]
ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 503 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 23,987ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. 496ක් දේශීයවත්, විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 6 දෙනෙක් ලෙසත් සහ විදෙස්ගත මුහුදු ආරක්ෂක නිලධාරියෙකු වශයෙනුත් එලෙස ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ දිනයේදීත් […]
ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝ මීටර 590ක් දුරින් ස්ථානගතව පැවැති අතර ඉදිරි පැය 6 තුළදී එය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුව එය එළැඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති. මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව […]
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතාව ඝාතන කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා ඉකුත් 29 වැනිදා අබුඩාබිහිදී ජාත්‍යන්තර පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අැති අතර ප්‍රධාන සැකකරු රටින් පළා ගොස් තිබූ බවයි. එ් […]
මහර බන්ධනාගාරය තුළ පසුගිය 29 වැනිදා ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ගැටුමේදී මියගිය රැඳවියන් සංඛ්‍යාව 8ක්. තුවාල ලැබූවන් අතර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එමෙන්ම අදාළ සිද්ධියත් සමග බන්ධනාගාරය තුළ ඇති වූ ගින්නෙන් එහි ලේඛනාගාරය, සිර මැදිරි කිහිපයක්, ආහාර ගබඩාව සහ […]