ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාව ඉන්දියාව හා මාලදිවයින යන රටවල් අතර තෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීම සඳහා බවයි වාර්තා වන්නේ.
සුඩානයේ හිටපු අගමැතිවරයෙකු වූ සදික් අල් මහඩි කොරෝනා වෛරසය වැළඳී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. මියයන විට අගමැතිවරයාගේ වයස අවුරුදු 84ක්. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බවයි. සුඩාන හිටපු අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතින් 21දෙනෙකු කොරෝනා […]
මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා රටවල් වඩා තරගකාරීව එන්නත් නිෂ්පාදනය කරන තත්වයක ඔස්ට්‍රියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කොරෝනා මර්දනය කිරීම සදහා නාසයට ඉසිය හැකි වන පරිදි Spray එකක් නිපදවීමට උත්සුක වන බවක් වාර්තා වෙනවා. මැරිනොමෙඩ් බයෝටෙක් නමැති ඖෂධ සමාගමක් විසින් මෙම ඖෂධ දියරය අත්හදා බලමින් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
පවතින තත්ත්වය හමුවේ සැළසුම් කළ දිනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ඉදිරි දින 10 තුළ ගැනීමට බලාපොරොත්තු වන බවයි.
වටවල ප්‍රදේශයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. අහඹු ලෙස සිදු කල PCR පරීක්ෂාවක් තුලින් මේ බව හදුනාගෙන තිබෙනවා. ඉකුත් දා සිදු කල pcr වාර්තාවේ ප්‍රතිපල ලැබීමට පෙර අදාල සිසුවා පාසලට පැමිණ ඇතත් එහිදී පාසල් ගුරුවරුන් ඇතුළු පිරිස ඔහුව යළි නිවෙස වෙත පිටත්කර යවා තිබෙනවා. පාසල් භූමියද […]
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද උදෑසන නව රාජ්‍ය අමාත්‍ය ධුරයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. චමල් රාජපක්ෂ මහතා එලෙස දිවුරුම් දුන්නේ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේයි. ඒ අනුව වත්මන් රජයේ නව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 369 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15,816 දක්වා ඉහළ ගියා.
පවතින වසංගත තත්ත්වය හමුවේ කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට වසා දැමීමට තීරණයකර ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා. ඒ සතියක කාලයක් සඳහායි. විවෘත කිරීමේ නිශ්චිත දිනය පිළිබඳ පසුව දැනුම් දෙන බවයි නිවේදනය කෙරුණේ. මේ අතර මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ද අද සිට එළැඹෙන දෙසැම්බර් 4 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කළ බව […]
හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04ක් අද දහවල් සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මෙම ප්‍රදේශ ආශ්‍රිතව කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමයි. ඒ අනුව මෙලෙස හුදකලා කරන ප්‍රදේශ වන්නේ උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම් වනවා.
මේ වන විට නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩුවේ මරක්කානාම් ප්‍රදේශ හරහා ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා. පැයට කිලෝමීටර් 145ක වේගයෙන් හමන මෙම සුළි කුණාටුවෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට බලධාරීන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ දීය.
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිත ව තිබෙනවා. සමාරම්භක උත්සවය හෙට පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතව තිබෙන අතර අද සිට ලබන දෙසැම්බර් 16 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. කණ්ඩායම් 05ක් තරගවැදීමට නියමිත අතර එම කණ්ඩායම් නම් , කලම්බෝ කින්ග්ස්, ගොල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා ස්ටැලියොන්ස්, දඹුල්ල වයිකින්ස්, කැන්ඩි ටස්කර්ස්. තරගාවලියේ පළමු තරගය […]