News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

කළුතර හා බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයෙන් ඉවත් වෙයි – පී.සී.ආර්. කටයුතුවලටත් බාධා

Generic placeholder image

ස්ථාන මාරු කළ වෛද්‍යවරයෙකු යළිත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අනුයුක්ත කිරීමට විරෝය පළ කරමින් කළුතර සහ බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ඒ සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වීමෙන්. කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එලෙස සිය රාජකාරීවලින් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් […]


Nov
26

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකුට කොරෝනා බව තහවුරු වෙයි

Generic placeholder image

නවසීලන්තයේ සංචාරයක නිරත පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ, ආසාදිත ක්‍රීඩකයින් 6 දෙනාම නිරෝධායනය සඳහා යොමුකර කණ්ඩායමට පුහුණුවීම් සඳහා ලබා දී තිබූ අවසරය ද අත්හිටුවා ඇති බවයි. නවසීලන්තයට පැමිණි පකිස්තාන සංචිතයේ සාමාජිකයින් 53 දෙනා කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ ක්‍රීඩකයින් ආසාදිතයින් බව හඳුනා […]


Nov
26

උතුරේ වසාදැමූ කර්මාන්තශාලා යළි විවෘත කිරීමට තීරණයක්

Generic placeholder image

මේ වන විට උතුරු පළාතේ වසාදමා ඇති කර්මාන්තශාලා රැසක් ඉදිරියේදී යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරනවා. ඒ තුලින් උතුරේ විරැකියාවෙන් පෙලෙන බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලැබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
26

ඉන්දියාවේ උපදේශකවරයෙක් හෙට දිවයිනට

Generic placeholder image

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාව ඉන්දියාව හා මාලදිවයින යන රටවල් අතර තෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීම සඳහා බවයි වාර්තා වන්නේ.


Nov
26

සුඩානයේ හිටපු අගමැතිවරයෙකු කොරෝනා වැළඳී මරුට

Generic placeholder image

සුඩානයේ හිටපු අගමැතිවරයෙකු වූ සදික් අල් මහඩි කොරෝනා වෛරසය වැළඳී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. මියයන විට අගමැතිවරයාගේ වයස අවුරුදු 84ක්. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බවයි. සුඩාන හිටපු අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතින් 21දෙනෙකු කොරෝනා […]


Nov
26

කොරෝනා මඩින එන්නත් අතර Spray එකකුත් අත්හදා බලයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා රටවල් වඩා තරගකාරීව එන්නත් නිෂ්පාදනය කරන තත්වයක ඔස්ට්‍රියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කොරෝනා මර්දනය කිරීම සදහා නාසයට ඉසිය හැකි වන පරිදි Spray එකක් නිපදවීමට උත්සුක වන බවක් වාර්තා වෙනවා. මැරිනොමෙඩ් බයෝටෙක් නමැති ඖෂධ සමාගමක් විසින් මෙම ඖෂධ දියරය අත්හදා බලමින් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Nov
26

සාමාන්‍ය පෙළ විභාගය කවදා ද?

Generic placeholder image

පවතින තත්ත්වය හමුවේ සැළසුම් කළ දිනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ඉදිරි දින 10 තුළ ගැනීමට බලාපොරොත්තු වන බවයි.


Nov
26

වටවල ප්‍රදේශයේ පාසලක සිසුවෙකුටත් කොරෝනා

Generic placeholder image

වටවල ප්‍රදේශයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. අහඹු ලෙස සිදු කල PCR පරීක්ෂාවක් තුලින් මේ බව හදුනාගෙන තිබෙනවා. ඉකුත් දා සිදු කල pcr වාර්තාවේ ප්‍රතිපල ලැබීමට පෙර අදාල සිසුවා පාසලට පැමිණ ඇතත් එහිදී පාසල් ගුරුවරුන් ඇතුළු පිරිස ඔහුව යළි නිවෙස වෙත පිටත්කර යවා තිබෙනවා. පාසල් භූමියද […]


Nov
26

චමල් රාජපක්ෂට තවත් අමාත්‍ය ධුරයක් (ඡායාරූප)

Generic placeholder image

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද උදෑසන නව රාජ්‍ය අමාත්‍ය ධුරයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. චමල් රාජපක්ෂ මහතා එලෙස දිවුරුම් දුන්නේ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේයි. ඒ අනුව වත්මන් රජයේ නව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Nov
26

තවත් රෝගීන් 369ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 369 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15,816 දක්වා ඉහළ ගියා.


Nov
26

කල්මුණේ සියලු පාසල් වැසේ

Generic placeholder image

පවතින වසංගත තත්ත්වය හමුවේ කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට වසා දැමීමට තීරණයකර ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා. ඒ සතියක කාලයක් සඳහායි. විවෘත කිරීමේ නිශ්චිත දිනය පිළිබඳ පසුව දැනුම් දෙන බවයි නිවේදනය කෙරුණේ. මේ අතර මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ද අද සිට එළැඹෙන දෙසැම්බර් 4 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කළ බව […]


Nov
26

හලාවත ග්‍රාමසේවා වසම් 04 ක් හුදකලා කරයි

Generic placeholder image

හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04ක් අද දහවල් සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මෙම ප්‍රදේශ ආශ්‍රිතව කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමයි. ඒ අනුව මෙලෙස හුදකලා කරන ප්‍රදේශ වන්නේ උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම් වනවා.


News Articles
Latest Videos
Most Popular Post