News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

LPL පළමු තරගයේ සුපිරි පන්දු වාරයේදී ලකුණු 5ක තියුණු ජයක් කලම්බෝ කිංග්ස් කණ්ඩායමට

Generic placeholder image

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම ජය ගනු ලැබුවා. සමාරම්භක තරගය ඊයේ(26) පැවැත්වුණේ , කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි. ඒ අනුව, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා සුපිරි පන්දු වාරයේදී ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය . තරගය පැවැත්වුණේ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ […]


Nov
27

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා […]


Nov
26

තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි – මෙරට මරණ සංඛ්‍යාව සියයේ සීමාව අභියස

Generic placeholder image

මීට ස්වල්ප මොහොතකට පෙර වාර්තා වූ තවත් කොරෝනා මරණ තුනක් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 99 දක්වා ඉහළ ගියා. කොළඹ 8, බම්බලපිටිය සහ පෑලියගොඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මෙලෙස මියගොස් තිබූ අතර ඔවුන් 73ත් 87ත් අතර වයස් සීමාවල පසුවන්නන්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Nov
26

නව ආසාදිතයින් 211 හඳුනා ගැනේ

Generic placeholder image

තවත් නව කොරෝනා ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 553ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්තය දැක්වෙන්නේ 18,491ක් ලෙසයි.


Nov
26

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

Generic placeholder image

මියගිය කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අද රාත්‍රී නිකුත් වුණා. එම වාර්තාවට අනුව ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. අද උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිටින අතරතුර හදිසියේ ඇද වැටීමෙන් ඔහු මිය ගොස් තිබුණා. මියයන විට 42 හැවිරිදි වියේ පසු වූ […]


Nov
26

එල්.පී.එල්. තරඟාවලිය හම්බන්තොටදී ඇරඹෙයි

Generic placeholder image

ලංකා ප්‍රීමියර් ලීග් T20 ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එහි කාසියේ වාසිය දිනූ කලම්බු කිංග්ස් කණ්ඩායම තීරණය කළේ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු රැකීමටයි. තරඟාවලිය දෙසැම්බර් […]


Nov
26

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණය කිරීමට ක්ෂේත්‍ර නිලධාරීන්

Generic placeholder image

නිවෙස්ගතව නිරෝධායනය වන පුද්ගලයින් එම ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි සිදු කරන්නේ ද යන්න පිළිබඳ තහවුරුකර ගැනීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම වගකීම පැවරෙන්නේ, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වෙතයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් […]


Nov
26

ශානි අබේසේකර යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

සාක්ෂි වසන් කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ලබන 7 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. මේ අතර ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඔහුව මාරුකර යැවුණේ ඊයේ දිනයේදීයි.


Nov
26

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනපති යටතට

Generic placeholder image

නොවැම්බර් 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනයට අනුව ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගැනුණා. අද උදෑසන එම අමාත්‍යාංශ දෙකෙහි නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දුන් අතර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාත් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාත් එලෙස දිවුරුම් […]


Nov
26

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනු කළ රිට් අයදුම්පත නිශ්ප්‍රභ කෙරේ

Generic placeholder image

2015 වර්ෂයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ රිට් අයදුම්පත අභියාචනාධිකරණය ඊයේ නිෂ්ප්‍රභ කළා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සකස් කිරීම පාරිසරික නීති උල්ලංඝණය කිරීමක් වන අතර නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය නොකිරීමට එරෙහිව අදාළ රිට් අයදුම්පත ඉදිරිපත්කර […]


Nov
26

නව ආසාදිතයින් 342ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් ආසාදිතයින් 342දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. මේ වනවිට දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 18,000 ඉක්ම වූ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ, 18,280ක් ලෙසයි.


Nov
26

කොරෝනා සිරුරු අනිවාර්ය ආදාහනයට එරෙහි පෙත්සම සළකා බැලීම 30වැනිදා

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට පනවා ඇති නියමයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 30 වැනිදා සළකා බැලීමට අද නියම කළා. ඒ, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී […]


News Articles
Latest Videos
Most Popular Post