News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

සීමාව ඉක්මවා මගීන් ගෙන යන බස් රථවලට එරෙහිව නීතිය තදින්ම

Generic placeholder image

සීමාවක් නොමැතිව මගීන් පටවා ගන්නා බස් රථ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසනවා. පෞද්ගලික මගී ප්‍රවාහන බස් ගාස්තු ඉහළ දැමීමක් කරනු ලැබුවේ මගීන් සීමාකර ධාවනය කිරීමේදී සිදුවන පාඩුව මග හරවා ගැනීමට වුවත් ඇතැම් බස් රථ පෙර පරිදිම මගීන් ගෙන යන […]


Nov
27

කොරෝනා ආසාදිත ශානි අබේසේකරව අයි.ඩී.එච්. වෙත මාරු කරන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

කොරෝනා ආසාදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව ප්‍රතිකාර සඳහා අංගොඩ මූලික රෝහල වෙත මාරුකර යවන ලෙස පාර්ශව කිහිපයක් ඉල්ලීම්කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ හිටපු අධ්‍යක්ෂවරයාව අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කිරීම සම්බන්ධයෙන් සළකා බලන ලෙසයි. එමෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් […]


Nov
27

කොරෝනා ආසාදනය වූ තවත් 410 දෙනෙකුට සුවයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 410 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16,226 දක්වා ඉහළ ගියා.


Nov
27

තැපැල් සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින් හට තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.ඒ එම සාමාජිකයින් වහාම තම සේවා අංශයේ ප්‍රධානියා අමතා අදාල උපදෙස් අනුව සේවයට වාර්තා කල යුතු බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


Nov
27

වනජීවි නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක

Generic placeholder image

පොළොන්නරුව වනජීවී නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. ඒ හේතුවෙන් සේවා රැසක් අඩාල වී තිබෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වන්නේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වනජීවී නිලධාරීන්ට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.


Nov
27

ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා ගනිමින් මාර්ග සංවර්ධනය කිරීම අරඹයි

Generic placeholder image

ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය තාක්ෂණික ක්‍රියාවලියකට යොමු කරමින් මාර්ග සංවර්ධනය කිරීම සදහා ඇස්ෆෝල්ට් තාර නිපදවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම නව නිපදවීම හරහා ඉවතලන ප්ලාස්ටික් පරිසරයට හානියක් නොවන ආකාරයට යොදා ගැනීමේ පළමු පියවර හෝමාගම මීගොඩ ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය සදහා එක් කරගෙන තිබෙනවා.


Nov
27

චීනයේ කොරෝනාවැක් එන්නත් මිලියන 50ක් මිලදී ගන්න තුර්කිය සැරසෙයි

Generic placeholder image

චීනයේ සිනොවැක් සමාගම විසින් නිපදවා තිබෙන කොරෝනාවැක් නම් එන්නත මිලියන 50ක් මිලදී ගැනීමට තුර්කි රජය එකග වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ සදහා වන ගිවිසුමකට අත්සන් තබා තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. ඒ අනුව ලබන ජනවාරි සහ පෙබරවාරි ,යන මාස වලදී එම එන්නත් ලබා දීමට චීනය මේ වන විට කටයුතු කරමින් පසුවන […]


Nov
27

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දිවයිනට පැමිණෙයි

Generic placeholder image

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අද දිවයිනට පැමිණ තිබෙනවා. ඒ සාගර ආරක්ෂාව පිළිබඳ සමුළුවට සහභගි වීම සදහායි.


Nov
27

ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 559 ක්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 559 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 253ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 12,105 ක් සිදුකර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Nov
27

නව පොලිස්පති අද සිය රාජකාරී ආරම්භ කරයි

Generic placeholder image

නව පොලිස්පති අද සිය රාජකාරී ආරම්භ කර තිබෙනවා. මෙරට 35 වන නව පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිර්දේශ කර තිබූ අතර එය පාර්ලිමේන්තු සභාව විසින් තහවුරු කර තිබුණා.


Nov
27

ත්‍රෛපාක්ෂික සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාද සමුළුව අද ඇරඹේ

Generic placeholder image

සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද සහ හෙට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත්වෙනවා. මෙවර මෙම සමුළුව පැවැත්වෙන්නේ වසර 06කට පසුවයි. ඉන්දීය සාගරයේ සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතාව පිලිබදව කරුණු මෙම සමුළුවේදී අවධානය ට යොමුව තිබෙනවා.


Nov
27

කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකි තාක් අවම කරන්නැයි සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

Generic placeholder image

ශ්‍රී ලංකව තුල කොරෝන වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සැලකිල්ලට ගෙන කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව කටයුතු කිරීම තුලින් කඩිනමින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post