News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

නව ආසාදිතයින් 221 දෙනෙකු වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 221 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා ද පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා එම පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 472ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


Nov
27

බස්නාහිරින් හඳුනා ගන්නා ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළට – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Generic placeholder image

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතයින් හමු වීමත් සමග එහි මූලාශ්‍රය ලෙස හඳුනා ගැනෙන්නේ කොළඹ සහ බස්නාහිර පළාත බව සෞඛ්‍ය අංශ පවසනවා. මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වැළකීම සඳහා ජනතාව වගබලාගත යුතු බවයි. කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ හුදෙකලාකර තිබුණ […]


Nov
27

මේ සති අන්තයේත් දුම්රිය ධාවනය සීමා වෙයි

Generic placeholder image

රට තුළ පවතින තත්ත්වය හමුවේ හෙට සහ අනිද්දා දෙදින තුළ දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 30 වැනි සඳුදා දින සිට පසුගිය සතියේ ධාවනය වූ පරිදි එම සියලුම දුම්රිය ධාවනය කිරීමට කටයුතුකර ඇති බවයි. ඒ අනුව සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත්කර තිබෙනවා. එම කාල සටහන […]


Nov
27

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා අගමැති හමුවෙයි (ඡායාරූප)

Generic placeholder image

අද උදෑසන දිවයිනට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ, විජේරාම නිල නිවසේදීයි. එහිදී ප්‍රථමයෙන් අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබ පැතුම් එක් කළා. කොරෝනා වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක් මුහුණ පා ඇති අර්බුදකාරී […]


Nov
27

ශානි අබේසේකර අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරේ

Generic placeholder image

කොරෝනා ආසාදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අංගොඩ මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, වෛද්‍ය උපදෙස් මත ඔහුව එම රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බවයි. ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණේ පසුගිය බදාදා දිනයේදීයි. ඒ අනුව අබේසේකර මහතාව ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණු […]


Nov
27

මහනුවර රෝහලේ කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකුටත් කොරෝනා

Generic placeholder image

මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය තහවුරු කළා. ඇය පැවසුවේ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ සායනයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ මතු වීමත් සමග සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි. එම සායනයේ අනෙකුත් කාර්යය […]


Nov
27

තවත් ආසාදිතයින් 251 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

නව ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 18,742ක්.


Nov
27

හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා කියයි

Generic placeholder image

මඩකලපුව, පූනානි හි පිහිටි එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉදි කළ පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ එය පවරා ගැනීමෙන් පසු අනෙකුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා එම විශ්වවිද්‍යාලයේ සම්පත් යොදා ගැනීමට කටයුතු කරන බවයි. අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් […]


Nov
27

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්

Generic placeholder image

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා පත්කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇති බවයි. මින් පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතායි.


Nov
27

සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා සමු ගනියි (ඡායාරූප)

Generic placeholder image

ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ බුවනොස් අයරෙස්හිදී සිදු කෙරුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෞද්ගලික මට්ටමින් සිදු කෙරුණු අවසන් කටයුතු සඳහා සමීප ඥාතීන් සහ මිත්‍රයින් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටි බවයි. ඉන් පෙර මැරඩෝනාගේ දේහය බුවනොස් අයරෙස්හි පිහිටි ජනාධිපති මන්දිරයේ තැන්පත්කර තැබුණු අතර අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ […]


Nov
27

ජනපති, රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමියන් බැහැ දකියි (ඡායාරූප)

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවා. උන්වහන්සේ වැඩ වාසය කරන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙණ වෙත ගිය ජනාධිපතිවරයා උන්වහන්සේ වෙත සිය සුභාශිංසන පිරිනැමුවා. ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට […]


Nov
27

මහනුවර පාසල් වසා දැමුවේ ඇයි?

Generic placeholder image

මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ඊයේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පෙරේදා පියවර ගත්තා. ඒ, මහනුවර නගරය සහ ආශ්‍රිත නගර කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන්. එමෙන්ම පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් වන තවත් කරුණක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ, බස් රථ ආදි පොදු ප්‍රවාහන සේවාවල ප්‍රමාණය […]


News Articles
Latest Videos
Most Popular Post