බණ්ඩාරගම පොලිස් වසමේ හුදෙකලාකර ඇති එක් ග්‍රාම නිලධාරී වසමක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණයකර තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට යළි විවෘත කෙරෙන බවයි.
බණ්ඩාරගම පොලිස් වසමේ සහ මහනුවර – අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට තීරණයකර ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ අනුව, බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙනු ඇති. එමෙන්ම මහනුවර, අලවතුගොඩ […]
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් කර කොරෝනා වෛරසය ආසාදනය වන මගීන්ට දීමනා මුදලක් පිරිනැමීමට එම මණ්ඩලය තීරණයකර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ, සිය මණ්ඩලයට අයත් බස් රථයක ගමන් ගැනීමේදී කොරෝනා ආසාදනය වන පුද්ගලයෙකුට රුපියල් 10,000 මුදලක් ද මිය යන පුද්ගලයෙකුට රුපියල් 50,000 මුදලක් ද දීමනා වශයෙන් ලබා දීමට තීරණයකර ඇති බවයි. මගීන්ගේ […]
සනීපාරක්ෂක තුවාවල පවතින මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවේ කියා සිටියා. ඒ, අමාත්‍යවරයා සහ දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් අතර අද පැවැති සාකච්ඡාකදීයි. එම තුවා සඳහා පසුගිය රජය මගින් පනවනු ලැබූ සියයට 30ක බද්දෙන් සියයට 15ක ප්‍රමාණයක් මෙවර අයවැයේදී අඩු කළ අතර ඉතිරි ප්‍රමාණය සෙස් […]
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් ඇද වැටී හදිසියේ මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ, ගාලු පාරේ සිට වෙරළ දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස යතුරුපැදියෙන් ඇද වැටී මියගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි. මෘත දේහය පානදුර මූලික රෝහල වෙත යොමුකර ඇති අතර එය පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කිරීමට පියවර ගෙන ඇති බව පානදුර නගර සභාවේ මහජන […]
කොරෝනා වෛරසය ආසාදිත 294 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව දිවලුපිටිය සහ පෑලියගොඩ ආශ්‍රයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 17,730ක් දක්වා ඉහළ ගියා. ඒ සමග මෙරටින් වාර්තා […]
කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සඳහා වැය වන මුදල ඔවුන්ගේ ඥාතීන් දැරිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රජය මගින් ඒ සඳහා මුදල් වැය නොකරන බව පැවසූ අමාත්‍යවරිය පෙන්වා දුන්නේ ඒ සඳහා වියදම් දැරීමට අපහසු අය වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ලබා ගැනීමට සහය විය හැකි බවයි. විපක්ෂයෙන් නැගුණු […]
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දැනට අබලන් තත්ත්වයේ පවතින බස්රථ 400ක් ප්‍රතිසංස්කරණයකර ජනවාරි පළමුවැනිදා ධාවන බලඇණියට එක්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ, විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ලංගම බස්රථ රැගෙන ඒම හරහා කල්බදු ක්‍රමයට වාරික ගෙවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ මොහොත වන […]
හික්කඩුවේදී ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හික්කඩුව, තොටගමුව පාලම අසලින් දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙකු එලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 7ක සහ 8ක පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙකු මෙලෙස මියගොස් තිබෙනවා.
සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, ඒ යටතේ පළමු අදියර ක්‍රියාත්මක කරමින් වේදිකා නාට්‍යය ක්ෂේත්‍රය සඳහා එම රක්ෂණාවරණය වෙන්කර ඇති බවයි. මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක වන්නේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ උපදෙස් මතයි. ඒ අනුව සුදුසුකම් සපිරූ […]
රට තුළ පවතිව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමුවරට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසනවා. එම අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එම කමිටුව හෙට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ රැස්වන බවයි. සෞඛ්‍ය, කර්මාන්ත හා රාජ්‍ය සේව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශවල ලේකම්වරුන් […]
මහනුවර නගර සීමාවේ පාසල් වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසනවා. ඔහු පැවසුවේ, හෙට සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා නගර සීමාව තුළ පාසල් 45ක් එලෙස වසා දැමෙන බවයි.