ඇමෙරිකා ජනපතිවරණය මේ වන විට පවත්වා අවසන්. එහි ජන්ද ප්‍රතිපල අවසන් අදියරේ ගණනය කිරීම් සිදු වන පසුබිමක එරට ජනපතිවරණය පැවැත් වූ පසු දිනම වාර්තා ගත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් හදුනාගෙන තිබෙනවා. එය සටහන් වන්නේ එක් ලක්ෂ දෙදෙහස් පන්සීය අනු එකක් ලෙසයි. මේ අතර රෝගීන් රෝහල් වෙත ඇතුලත් කර ගැනීමේදී ද ඉතා තදබදයක් පවතින බවයි එරටින් වාර්තා […]
කොරෝනා වෛරසය ආසාදනය වී, සුව වූ සංඛ්‍යාව අද 6000 පසු කළා. ඒ, රෝහල්ගතව සිටි 765 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. දිනකදී සුවය ලැබූ වැඩිම සංඛ්‍යාවත් මෙය වන අතර මින් පෙර එලෙස 506 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියේ, පසුගිය පළමු වැනිදායි. මේ වනවිට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 6,623 දක්වා ඉහළ ගොස් […]
මේ වන විට කොරෝනා රෝග ව්‍යාප්තිය GPS තාක්ෂනය උපයෝගී කරගෙන සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් මෙම සතිය තුළ ඇති කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. ඒ තුලින් නිවැරදිව දිනපතා වාර්තාවන රෝගීන් අනුව රටේ වැඩිම අවදානම ඇත්තේ කුමන පළාතේ ද දිස්ත්‍රික්කයේ ද ආදී වශයෙන් සොයා බලා හුදකලා කල යුතු ප්‍රදේශ හුදකලා කරමින් එම නගරයන් ආදී […]
කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් වූ බොහෝ දෙනෙකු දිගු කාලීන පෙණහලු දුර්වලතා පැවැති පුද්ගලයින් බවට ලන්ඩන් නුවර පර්යෂෙකයින් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් තුළ පැවැති මෙම රෝග තත්ත්වයන් “දිගුකාලීන COVID ” ලෙස හැඳින්විය හැකි බවත්, එම රෝගීන් මාස ගණනාවක් පුරා එම රෝග ලක්ෂණවලින් පීඩා විඳිමින් සිටින්නට ඇති බවත් පර්යේෂකයින් පෙන්වා දෙනවා. කොරෝනා වෛරසය වැළඳී මරණයට […]
ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තිදෙනකු මෙම වසරේ මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අතර කාන්තවක් ද සිටින බවයි පැවසෙන්නේ. මේ පිලිබදව අදහස් දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරිය සදහන් කලේ මේ වසර තුල එච්.අයි.වී. වයිරසය අසාදනය වූ රෝගීන් 11 දෙනකු පමණ හදුනාගෙන ඇති බවයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනකෙු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා. ඒ, මහනුවර – ගඟවටකෝරලය, පාතදුම්බර, මැදදුම්බර, උඩුදුම්බර, උඩපළාත, දෙල්තොට, යටිනුවර, තුන්පනේ, හාරිස්පත්තුව, මිණිපේ, දොළුව, තලාතුඔය සහ අකුරණ යන ප්‍රදේශවලින්. ඒ අනුව එම ආසාදිතයින්ගේ පවුල් දහසකට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ඔවුන් සඳහා රුපියල් […]
මාවනැල්ල ප්‍රදේශයේ අනවසරයෙන් පැවැත් වූ මංගල උත්සවයක මනාල යුවළට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ ඔවුන්ට සිදුකළ පි.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුවයි. වෛසරය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසුවේ, ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයින් 120 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවයි. මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ […]
ඇමරිකාවේ ජනාධිපතිවරණයට අදාළව තීරණාත්මක ප්‍රාන්ත පහක ඡන්ද ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැති බව ඇමරිකානු මාධ්‍ය පවසනවා. ජනාධිපතිවරණය වංචාවක් බවත්, ඡන්ද ගණනය කිරීම නවතන ලෙස ඉල්ලමින් අධිකරණයට යන බවත් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මින් පෙර පවසා තිබුණා. ඒ අනුව පෙනිසිල්වේනියා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල ඡන්ද ගණනය නවතන ලෙස ඉල්ලා තමන් මිචිගන් ප්‍රාන්ත අධිකරණය හමුවට යන බවට […]
මේ වන විට කොරෝනා ආසාදනය වී මෙරට පුද්ගලයින් 24 දෙනකු මරණයට පත්ව තිබෙන අතර එයින් 10 දෙනෙක්ම දෙවන කොරෝනා රැල්ල හේතුවෙන් සිදු මරණ ලෙස සැලකෙනවා. ඒ අතරිනුත් 06 දෙනෙක්ම මරණයට පත්ව තිබෙන්නේ කොළඹ ජාතික රෝහලින් වන අතර මේ පිලිබදව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කලේ ඊට එකම හේතුව […]
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියින් ඇතුළු 7 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. රැඳවියින් දෙදෙනෙකු, කාන්තා රැඳවියින් සිව්දෙනෙකු සහ නිලධාරියෙකු එලෙස හඳුනාගත් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ. ඒ අනුව සියලුම කාන්තා රැඳවියින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තරුණයෙකුට අධිකරණයෙන් නියම කළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකව සියදිවි හානි කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වරද පිළිගෙන ඇති බවයි. ඒ අනුව අධිකරණයෙන් ඔහුට රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙසත්, එය ගෙවීමට අපොහොසත් වන්නේ නම් මසක සිර දඩුවමකට යටත් විය යුතු […]
පෞද්ගලික රෝහලකට පැමිණ පුද්ගලයෙක් විසින් pcr පරීක්ෂනයක් සිදු කරගෙන ඇති අතර එහිදී අදාල පුද්ගලයා රෝහලට සිය තොරතුරු ලබා දීමේදී අසත්‍ය තොරතුරු ලබා දී තිබෙන අතර එම පුද්ගලයාගේ pcr වාර්තාව අනුව ඔහු කොරෝනා අසදිතයෙක් බව හදුනා ගෙන තිබෙනවා.. අදාල පුද්ගලයා සොයා මේ වන විට පොලිසිය පරික්ෂයක් ආරම්භ කර තිබෙනවා.