News Line| Off Air
Generic placeholder image

Nov
6

රිජ්වේ රෝහලේ 33 දෙනෙකුට කොරෝනා

Generic placeholder image

රිජ් ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 33 දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 20 දෙනෙකු දරුවන් වන අතර 12 දෙනෙකු මව්වරුන් බව රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා. මේ අතර එම රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණා. කෙසේ වෙතත් එම වෛද්‍යවරයාට වෛසරය වැළඳී ඇත්තේ රෝහල තුළින් නොවන බව තහවුරු වී […]


Nov
6

තරුණ මළ සිරුරු දෙකක් පාළු නිවසක වහලයේ එල්ලෙමින් තිබියදී සොයා ගනී

Generic placeholder image

පූගොඩ, ජර්මන්වත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක වහලයේ එල්ලෙමින් තිබූ තරුණ මළ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙක් සහ 16 හැවිරිදි පාසල් සිසුවියක්. සිද්ධිය පිලිබදව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ ඔවුන්ගේ පෙම් සබදතාවට දෙදෙනාගේම පවුල් වල දෙමවුපියන් අකමැති වී සිට ඇති බවයි. […]


Nov
6

බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 199කට කොරෝනා

Generic placeholder image

අද වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත සේවය කරන පොලසි නිලධාරීන් 199 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර එම පුද්ගලයින් ඇසුරු කල නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.


Nov
5

බුලත්කොහුපිටිය සහ ගලිගමුව යළි විවෘත කෙරේ

Generic placeholder image

මින් පෙර හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ ගලිගමුව යන පොලිස්බල ප්‍රදේශ යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව අද සිට එම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.


Nov
5

නව ආසාදිතයින් 170ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා වෛසරස් ආසාදිතයින් 170 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම ආශ්‍රිතයින්. ඒ අනුව, අද දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 383ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,570ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 9,092ක් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.


Nov
5

තවත් ආසාදිතයින් 213ක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 213 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.. එහි ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස හඳුනාගත් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව ‍මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,400 දක්වා ඉහළ ගියා.


Nov
5

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

Generic placeholder image

දිනයකදී සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා. එම සංඛ්‍යාව 5ක්. ඒ අනුව කොළඹ 2, වැල්ලම්පිටිය, කොළඹ 12, කොළඹ 14, කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 46, 68, 58, 73 සහ 74 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් තිදෙනෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ නිවෙස්වල සහ රෝහල්වල ආදී වශයෙන් වාර්තා වී […]


Nov
5

කොරෝනා මර්දනයට අදත් ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් රැසක්

Generic placeholder image

කොරෝනා වෛසරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කෙරෙන දෛනික සාකච්ඡාව අදත් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතරයි. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන් අමතමින් කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසයි. මේ වනවිට දිවයන පුරා නිවෙස් 31,457ක 84,000කට ආසන්න පිරිසක් […]


Nov
5

අතවශ්‍ය භාණ්ඩ දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනය සදහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නෑ

Generic placeholder image

අතවශ්‍ය භාණ්ඩ සහිතව දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනය කරන ලොරි රථ සදහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා. ඒ ඊයේ පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේ ගත් තීරණයකට අනුවයි.


Nov
5

අනවසර විදුලි රැහනක් උසස් පෙළ සිසුවෙක්ට මරු කැඳවයි

Generic placeholder image

හතරලියද්ද, ඇලෝටුව ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක් සතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා ඒ වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී 19 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා පසුගිය 2වැනිදා සහභාගී වී ඇති අතර පෙරේදා දිනයේ ද විභාගයට සහභාගී වීමට සූදානමින් සිට තිබෙනවා. එම සිසුවා 2වැනිදා රාත්‍රියේ වෙනත් නිවසක සිට සිය නිවස […]


Nov
5

ලෝක තරුණ ප්‍රජාව අතර කොරෝනා ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා – WHO

Generic placeholder image

මේ වන විට කොරෝනා ව්‍යාප්තිය හමුවේ තරුණ ප්‍රජව ඉලක්කයක් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇගවීමක් කරනවා. එම දත්ත වාර්තා අනුව වර්තමානයේදී වසංගත කාලය තුළ තරුණ තරුණියන් වැඩි වශයෙන් කොරෝනා වෛරසයට ගොදුරු වීමක් දැක ගත හැකි බවයි. ඒ අනුව වයස අවුරුදු 15ත් 24ත් අතර කොරෝනා ව්‍යාප්තිය ප්‍රතිශතයක් ලෙස 14%ක් දක්වා වයස අවුරුදු 25ත් 64ත් […]


Nov
5

කටුගස්තොටින් ආසාදිතයෙක් – ආශ්‍රිතයින් 12ක් නිරෝධායනයට

Generic placeholder image

කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව කටුගස්තොට පොලිසිය පවසනවා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් 12 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාළ පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳ ආයතනයක සේවය කරන අතර ඉකුත් පළමුවැනිදා කුරුණෑගල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වී තිබුණා. ඉන් නිකුත් වූ වාර්තාව අනුව ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ […]


News Articles
Latest Videos
Most Popular Post