මාවනැල්ලේ මංගල උත්සවයක මනාල යුවලකට සහ මනාලයාගේ මවට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මනාලයා කොළඹ ප්‍රදේශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකු වන අතර මංගල උත්සවයට කොළඹ සිට පැමිණි මනාලයාගේ පාර්ශවයේ සිව්දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වුණා. ඉන් පසු මනාල යුවළට සහ මනාලයාගේ පාර්ශවයට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී එම යුවලට සහ මනාලයාගේ […]
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දී තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා. එතුමා මේ පිලිබදව සදහන් කලේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්.
රිජ් ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 33 දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 20 දෙනෙකු දරුවන් වන අතර 12 දෙනෙකු මව්වරුන් බව රිජ්වේ රෝහලේ අධ්යක්ෂවරයා පවසනවා. මේ අතර එම රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණා. කෙසේ වෙතත් එම වෛද්‍යවරයාට වෛසරය වැළඳී ඇත්තේ රෝහල තුළින් නොවන බව තහවුරු වී […]
පූගොඩ, ජර්මන්වත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක වහලයේ එල්ලෙමින් තිබූ තරුණ මළ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙක් සහ 16 හැවිරිදි පාසල් සිසුවියක්. සිද්ධිය පිලිබදව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ ඔවුන්ගේ පෙම් සබදතාවට දෙදෙනාගේම පවුල් වල දෙමවුපියන් අකමැති වී සිට ඇති බවයි. […]
අද වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත සේවය කරන පොලසි නිලධාරීන් 199 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර එම පුද්ගලයින් ඇසුරු කල නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මින් පෙර හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ ගලිගමුව යන පොලිස්බල ප්‍රදේශ යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව අද සිට එම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
තවත් කොරෝනා වෛසරස් ආසාදිතයින් 170 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම ආශ්‍රිතයින්. ඒ අනුව, අද දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 383ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,570ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 9,092ක් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 213 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.. එහි ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස හඳුනාගත් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,400 දක්වා ඉහළ ගියා.
දිනයකදී සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා. එම සංඛ්‍යාව 5ක්. ඒ අනුව කොළඹ 2, වැල්ලම්පිටිය, කොළඹ 12, කොළඹ 14, කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 46, 68, 58, 73 සහ 74 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් තිදෙනෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ නිවෙස්වල සහ රෝහල්වල ආදී වශයෙන් වාර්තා වී […]
කොරෝනා වෛසරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කෙරෙන දෛනික සාකච්ඡාව අදත් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතරයි. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන් අමතමින් කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසයි. මේ වනවිට දිවයන පුරා නිවෙස් 31,457ක 84,000කට ආසන්න පිරිසක් […]
අතවශ්‍ය භාණ්ඩ සහිතව දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනය කරන ලොරි රථ සදහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා. ඒ ඊයේ පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේ ගත් තීරණයකට අනුවයි.
හතරලියද්ද, ඇලෝටුව ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක් සතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා ඒ වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී 19 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා පසුගිය 2වැනිදා සහභාගී වී ඇති අතර පෙරේදා දිනයේ ද විභාගයට සහභාගී වීමට සූදානමින් සිට තිබෙනවා. එම සිසුවා 2වැනිදා රාත්‍රියේ වෙනත් නිවසක සිට සිය නිවස […]