News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශයක් යළි විවෘත කෙරේ

Generic placeholder image

මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය යළි විවෘත කෙරුණා. ඒ අනුව එම ප්‍රදේශය මේ මොහොතේ සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.


Nov
6

වාහන දඩ ගෙවා ගැනීමට නොහැකි වූවන්ට සහන කාලයක්

Generic placeholder image

රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ පොලිස් රථ වාහන අංශ මගින් නිකුත් කර ඇති ස්ථානීය දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූවන් සඳහා සහනදායී වැඩ පිළිවෙළක් සකස්කර තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෞඛ්‍ය නිර්දේශ මත වසා දමා ඇති ප්‍රදේශවල සහ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල තැපැල් කාර්යාල විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් අදාළ […]


Nov
6

තෙවැනි කොවිඩ් රැල්ල මීට වඩා භායනක විය හැකි බවට පර්යේෂකයින් අනතුරු අගවයි

Generic placeholder image

තෙවැනි කොරෝනා රැල්ලක් මෙරට තුල ඇති වුවහොත් එය මේ පවතින තත්වයට වඩා භයානක විය හැකි බවට පර්යේෂකයින් අනතුරු අගවා තිබෙනවා. ඒ අනුව මේ තිබෙන වෛරස ප්‍රමාණයට වඩා වැඩි වෛරස් ප්‍රමානයක් එහි අන්තර්ගත විය හැකි බවටත් මේ වන විට මේ පිලිබදව පර්යේෂණය සිදු කරනු ලබන පර්යේෂකයින් අවදාරණය කරන්නේ සුළග හරහා මෙය දැනට බෝ නොවුනද තෙවන රැල්ලක් […]


Nov
6

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 383 දෙනා හමු වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 383 ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ 157 දෙනෙකු හා කොළඹ දිස්ත්‍රික්කයේ 168 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න,


Nov
6

මාතලේ කොරෝනා ආසාදිතයින් 31ක්

Generic placeholder image

මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 31 දෙනකු හදුනාගෙන තිබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරනවා. එම පුද්ගලයින්ගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් 300 කට අධික පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව සදහන්.


Nov
6

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහමග තිබී හමුවෙයි

Generic placeholder image

පුත්තලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහ මග තිබියදී පොලිසිය විසින් හදුනාගෙන තිබෙනවා. අදාල මළ සිරුර නීරෝධයනය අවසන් කර නිවසට යමින් සිටි පුද්ගලයෙකුගේ බවයි පැවසෙන්නේ. මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා හෝටලයක සේවය කර ඇති අතර හෝටලයට පැමිණ ගිය අයෙකු කොරෝනා අසදිතයෙකු ලෙස වාර්තා වීමත් සමග එම හෝටලයේ සියලු දෙනා හෝටලයම තුලම නිරෝධායනයට ලක් කිරීමට පියවර […]


Nov
6

කොරෝනා සුව වී ඇවිත් ගුටි කෑ මැරුණු තරුණයෙක්

Generic placeholder image

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී නැවතත් නිවසට ආ වයස අවුරදු 22 ක තරුණයෙක් පිරිසක් සමග මත් පැන් පානය කර අවසානයේදී දෙපිරිස අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමකදී බරපතල තුවාල ලබා අදාල තරුණයා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වෙනවා. අදාල පුද්ගලයා මිට දින තුනකට […]


Nov
6

කොරෝනා පොකුරු නිර්මාණය වීම ඉදිරි වසර තුන තුළත් පැවැතිය හැකි බවට අනාවැකි

Generic placeholder image

වෛරසය මර්දනය කළ හැකි එන්නතක් නිශ්චිතවම සොයා ගන්නා තෙක් මෙරට තුළ එම පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පැවැතිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවේ, ඉදිරි වසර දෙක තුනක් දක්වා මෙම අවදානම පැවැතිය හැකි බවයි. […]


Nov
6

ස්ථානාධිපතිවරයෙකුටත් කොරෝනා

Generic placeholder image

රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර දිවයින පුරා පොලිස් නිලධාරීන් 358 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. ඉන් 85 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇති අතර බස්නාහිර පළාතෙන් පොලිස් නිලධාරීන් 199 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය […]


Nov
6

03 වන අදියරේ අවදානම් මට්ටම යටතේ ජනතාව පිළිපැදිය යුතු නව මාර්ගෝපදේශ මාලාවක්

Generic placeholder image

ලබන 09 වෙනිදා සිට පවතින ඇදිරි නීතිය ඉවත් කල පසු මේ වන විට ශ්‍රී ලංකව තුන්වන මට්ටමේ අවදානම් මට්ටමට පැමිණෙන නිසාවෙන් ඒ සදහා අනුගමනය කල යුතු බව නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අදාල පිළිපැදිය යුතු නව මාර්ගෝපදේශ මාලාව පහත පරිදි වේ,


Nov
6

ආණ්ඩුවේ වාසි ගන්න වංචනික ලෙස නිරෝධායනය වූ තුන්දෙනෙක් හසුකර ගනියි

Generic placeholder image

නිරෝධායනය වන පුද්ගලයින් සඳහා ලබා දෙන බඩු මල්ල ගැනීමට වංචනික උත්සාහයක නිරත වූ තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවේ, එම බඩු මල්ල ගැනීමේ අරමුණින් නිරෝධායනය වූ අදාළ පුද්ගලයින් තිදෙනා පිළිබඳ දැනටමත් තොරතුරු ලැබී ඇති බවයි. ඔවුන් එලෙස නිරෝධායනය වී ඇත්තේ, තමන් පෑලියගොඩ මත්ස්‍යය වෙළඳසැලට ගිය බවත්, එහි වෙළෙඳුන්ගෙන් මාළු මිල […]


Nov
6

මිනිත්තු 20ක් කොරෝනා ආසාදිත බව හදුනා ගත හැකි පරීක්ෂණ ආරම්භ කරයි

Generic placeholder image

මේ වන විට කොරෝනා අසාදිත බව හදුනා ගැනෙන pcr පරීක්ෂණයේ වාර්තා ලබා ගැනීමට යම් සැලකිය යුතු කාලයක් ගත වීම නිසා එය ඉක්මනින් රෝගීන් හදුනා ගැනීම සදහා යම් ගැටළුවක් වී තිබෙනවා. ඒ හේතුවෙන් මිනිත්තු 20න් කොරෝනා ආසාදිත බව හදුනා ගැනෙන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මේ වන විට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉතා ඉක්මනින් බොහෝ […]


News Articles
Latest Videos
Most Popular Post