News Line| Off Air
Generic placeholder image

Oct
29

20 ට කතා නායකවරයා අත්සන් තබයි

Generic placeholder image

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සිය අත්සන තැබුවා. ඒ අනුව අනුමත වූ නීති අද සිට බලාත්මක වනු ඇති. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත දින තුනක විවාදයකින් පසු ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වු ඡන්ද විමසීමේදී තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වුණා.


Oct
29

කළුතර ගම්මාන දෙකක් හැර සෙසු ප්‍රදේශ යථා තත්ත්වයට

Generic placeholder image

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සම‍ග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් පසුගිය දා හුදෙකලා කෙරුණා. තත්ත්වය යම් දුරකට පාලනය කිරීමත් සමග එම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හැරුණු කොට සෙසු සියලු ප්‍රදේශවල සංචාරණ සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව තවමත් හුදෙකලා ගම්මාන ලෙස නම්කර ඇත්තේ මතුගම සහ බදුගම යන ගම්මාන වන අතර එහි සංචරණ සීමා එලෙසින්ම පවතින […]


Oct
29

ත්‍රිකුණාමලයෙදී උසස් පෙළ ලියූ මිනුවන්ගොඩ සිසුවියකට කොරෝනා

Generic placeholder image

අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. එම සිසුවිය ඇතුළු ඇයගේ පවුලේ පිරිස නිරෝධායනය සදහා ත්‍රිකුණාමල මංකිබ්‍රිජ් හමුදා කඳවුරේ රදවා සිට ඇති අතර ඒ හේතුවෙන් මෙම උසස් පෙළ විභාගය සදහා ඇය ත්‍රිකුණාමල සුමේධංකරපුර විද්‍යාලයේ තාවකාලික විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනී සිටියා. එහිදී ඇයටද කොරෝනා වෛරසය ආසාදනය […]


Oct
29

ඊයේ කොළඹ නගරයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් විසිර ගිය ප්‍රදේශ මෙන්න

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ මේ දක්වා වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන හමු වුණා. ඒ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 237ක් ලෙසයි. එයිනුත් කොළඹ නගරයෙන් පමණක් ආසාදිතයින් 161ක් වාර්තා වුණා. මේ අනුව එම කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න, කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් 161ක්, කිරුලපොන 06ක්, පාමංකඩ 02ක්, මෝදර 06ක්, මට්ටක්කුලිය 21ක්, කොටහේන 04ක්, […]


Oct
29

චීනෙන් ගෙනා PCR පරීක්ෂණ යන්ත්‍රය අක්‍රිය වෙයි – pcr වාර්තා නිකුත් කිරීමත් ප්‍රමාදයි

Generic placeholder image

චීනයෙන් ගෙනා රුපියල් මිලියන 250ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් මේ වන විට අක්‍රිය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ නිසා පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම මේ වන විටත් බොහෝ ප්‍රමාදයන්ට ලක්ව තිබෙන බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් කඩිනමින් කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම ප්‍රමාද වීම නිසා තව දුරටත් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව […]


Oct
29

මාර්ෂල් දිවයිනේ පළමු කොරෝනා රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ලොවපුරා රටවල් රැසක ව්‍යාප්ත වුව ද මේ වනතෙක් ඉන් ආරක්ෂා වූ දිවයිනක් ලෙස මාර්ෂල් දිවයින සැළකෙනවා. එහෙත් එරට පළමු කොරෝනා රෝගීන් දෙදෙනා ඊයේ වාර්තා වුණා. එරට මාධ්‍ය නිවේදනය කළේ, ක්වාජලින් ඇටෝල්හි හමුදා බලකොටුවක සේවය කරන කම්කරුවන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආදානය වී ඇති බවයි.


Oct
29

අසනීප තත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමේදී පුද්ගලයින් දෙදෙනෙක් මිය යයි

Generic placeholder image

ඊයේ රාත්‍රියේදී කොළඹ ජාතික රෝහලට අසනීප තත්වයක් හේතුවෙන් රෝගීන් දෙදෙනෙක් ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා මිය ගොස් තිබෙන නිශ්චිත හේතුව මේ දක්වා වාර්තා වී නොමැති අතර මියගිය පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු වලින් ලබා ගන්නා ජෛව සාම්පල් පටල PCR පරික්ෂණයන් සදහා ද මේ වන විට යොමු කර තිබෙන බව යුද […]


Oct
29

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් අද විවෘතව පවතින ප්‍රදේශ

Generic placeholder image

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සහ කුලියාපිටියේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් වසම් පහක් ආශ්‍රිතව අද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඔසුසැල් විවෘතව පවතින බව පොලිසිය පවසනවා. ඒ අනුව සතොස, සමූපකාර, සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතිනු ඇති. පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මුහුණු ආවරණ පැළඳීම, […]


Oct
28

තවත් ආසාදිතයින් 124ක් හඳුනා ගැනේ

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 124 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන්ගෙන් 106 දෙනෙකු මීන් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන අතර සෙසු 18 දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින්. ඒ අනුව, අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 335ක්. මේ දක්වා මිනුවන්ගොඩින් සහ පෑලියගොඩින් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 5,731ක් දක්වා ඉහළ ගොස් […]


Oct
28

තවත් ආසාදිතයින් 211ක් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 9 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 202 දෙනෙකු එලෙස හඳුනාගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ‍9081ක් දක්වා ඉහළ ගියා.


Oct
28

“බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය උසස් පෙළ විභාගයට බාධාවක් නැහැ” – විභාග කොමසාරිස් ජනරාල්

Generic placeholder image

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවුව ද උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට එය බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැළසීමට එකඟ වී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ, විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂාව නිසි […]


Oct
28

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ දිවයිනෙන් පිටව යයි

Generic placeholder image

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද දහවල් දිවයිනෙන් පිටත්ව ගියා. ඊයේ රාත්‍රී 7.30 ට පමණ මෙරටට පැමිණි ඒ මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී නිල වශයෙන් සාකච්ඡා පැවැත්වුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට ආර්ථික සහයෝගීතාව පිළිබඳ අදහස් පළ කෙරුණා. කොරෝනා වසංගතය පහව යාමෙන් පසු […]


News Articles
Latest Videos
Most Popular Post