News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

පී.සී.ආර්. කරන මුවාවෙන් නිවසක් කොල්ල කාලා

Generic placeholder image

පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යැයි පැවසූ පිරිසක් නිවසක් කොල්ල කෑ සිද්ධියක් මහව, කැත්තපහුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. තිදෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවත්, පී.සී.ආර් පරීක්ෂණ කිරීමට පැමිණි බවත් අදාළ නිවැසියන්ට පවසා ඔවුන්ට යම්කිසි ද්‍රවයක් පානය කිරීමට දී තිබුණා. ඉන් නිවැසියන් සිහි විසඥ වී තිබූ අතර කොල්ලකරුවන් නිවසේ තිබූ රන් භාණ්ඩ […]


Oct
30

වැල්ලම්පිටියෙන් ආසාදිතයෙක් – පී.සී.ආර්. ප්‍රතිඵල එන්න කලින් ගැබිනි භාර්යාව සමග කාසල් රෝහලටත් ගිහින්

Generic placeholder image

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා. අදාළ පුද්ගලයා ඇතුළු ඔහුගේ රැකියා ස්ථානයේ පිරිසක් පසුගිය දා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට පෙර අදාළ පුද්ගලයා ප්‍රදේශ කිහිපයක ගොස් තිබෙනවා. ඔහු ප්‍රථමයෙන් ගොස් ඇත්තේ කාසල් රෝහලේ ගැබිනි මාතෘ සායනය වෙතයි. ඒ සිය ගැබිනි භාර්යාව සමඟින්. පසුව මීගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවස […]


Oct
30

ඇදිරි නීතිය අස්සේ කොළඹ හෝටලයක පැවති විවාහ උත්සවයක් පොලිසිය නවතයි

Generic placeholder image

මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැත්වෙමින් තිබු විවාහ මංගල්‍ය උත්සවයක් පොලිසිය විසින් නතර කිරීමට කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මෙම විවාහ මංගල්‍ය උත්සවය 50 කගේ පමණ පිරිසක් සහභාගි වී තිබෙන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙලෙස ඇදිරි නිතිය පනවා තිබෙන මොහොතක […]


Oct
30

ඇදිරි නිතිය පනවා තිබෙන බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන අලෙවි සැල් 157ක් ඇරෙයි

Generic placeholder image

මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙන බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන අලෙවි සැල් 157 ක් අතවශ්‍ය සේවා හාවිතා කරන පිරිසගේ ප්‍රවාහන කටයුතු සිදු කිරීමේදී ඉන්ධන සපයා ගැනීම සදහා විවෘතව තැබීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන අලවිසැල් 62 ක් ද ,ගම්පහ දිස්ත්‍රික්කයේ 68ක් ද කළුතර දිස්ත්‍රික්කයේ ඉන්ධන […]


Oct
30

කුරුණෑගල නගරය වැසෙයි

Generic placeholder image

කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසිය විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු පිරිසක් හමු වීමයි. මිට සමගාමීව කුරුනෑගල විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කිරීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.


Oct
30

තවමත් නිරුපද්‍රිත එකම දිස්ත්‍රික්කය

Generic placeholder image

දිස්ත්‍රික්ක 24ක් පුරා වෛරසය පැතිරී පවතිද්දී, තවමත් නිරුපද්‍රිතව පවතින එකම දිස්ත්‍රික්කය වන්නේ, කිළිනොච්චිය දිස්ත්‍රික්කයයි. සෙසු දිස්ත්‍රික්ක සියල්ලෙන්ම ආසාදිතයින් වාර්තා වන අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ, ගම්පහ දිස්‍ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 2960ක්. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1760ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 144ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 දෙනෙකු සහ […]


Oct
30

140ක් සුව අතට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී සුව අතට හැරුණු 140 දෙනෙකු මේ වනවිට නිවෙස් බලා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මේ වනවිට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 4282ක් වන අතර ආසාදිතයින් 5490 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා.


Oct
30

පොලිසියටත් කොරෝනා – 893ක් නිරෝධායනයට

Generic placeholder image

බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇතැයි පොලිසිය පවසනවා. සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිලධාරීන් 893 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි වාර්තා වන්නේ.


Oct
30

ගිණුම්කරණ විෂයය සඳහා පෙනී සිටින උසස් පෙළ සිසුන්ට මේ වසරේ සිට ලැබෙන අවසරය

Generic placeholder image

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණ විෂයය සඳහා පෙනී සිටින සිසුන්ට මේ වසරේ සිට සැපයෙන අතිරේක පහසුකමක් ලෙස සාමාන්‍යය ගණක යන්ත්‍ර භාවිතයට අවසර හිමි වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, එලෙස භාවිතයට අවසර හිමි වන්නේ වැඩසටහන් සැළසුම් කළ නොහැකි ගණක යන්ත්‍ර බවයි. ඒ අනුව හෙට පැවැත්වෙන ගිණුම්කරණ විෂයය සඳහා එවැනි සාමාන්‍ය […]


Oct
30

මිනුවන්ගොඩින් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්

Generic placeholder image

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසනවා. එම අංශ පෙන්වා දෙන්නේ, පසුගිය දින කිහිපය තුළ කිසිඳු ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් ඊයේ වනවිට වෛරසය ආසාදනය වූවන් 112 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ, දිවලපිටිය, රදාවාන, දොම්පේ යන රෝහල් වෙන් […]


Oct
30

බියගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ හදිසි මරණය

Generic placeholder image

බියගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, හෘදයාබාදයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී ස්ථානාධිපතිවරයා මියගොස් ඇති බවයි. ඔහු නිධන්ගත රෝග කිහිපයකින් පෙළෙන බවත් එම රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවත් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.‍ කෙසේ වෙතත් ස්ථානාධිපතිවරයාගේ සිරුර පිළිබඳ පශ්චාත් […]


Oct
30

ඊයේ හමු වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් – එම ප්‍රදේශයන් මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් වාර්තා වූ අතර එම ආසාදිතයින් ගණන 209 ක්. සමස්ත ඊයේ හදුනාගත් ආසාදිතයින් ගණන 586 වනවා. කොළඹින් හදුනාගත් එම ආසාදිතයින් වාර්තා වන්නේ, ඒ අනුව කොටහේන ප්‍රදේශයෙන් 37 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 32ක්, දෙමටගොඩින් 20ක්, මරදානෙන් 9ක්, නාරාහේන්පිට 18ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 10ක්, ග්‍රෑන්ඩ්පාස් 10ක්, පිටිපන 15ක්, පමුණුගම 13ක් හා තලාහේන ප්‍රදේශයෙන් 8 […]


News Articles
Latest Videos
Most Popular Post