News Line| Off Air
Generic placeholder image

Oct
27

තවත් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 156 දෙනෙකු වෛසරය ආසාදිත ධීවර ප්‍රජාවගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 8 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින්. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 457ක්.


Oct
27

තවත් ප්‍රදේශ තුනකට ඇඳිරි නීතිය පැනවේ

Generic placeholder image

පානදුර, මොරටුව සහ හෝමාගම යන පොලිස්බල ප්‍රදේශවලටත් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පැතිර යන වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් එම තීරණය ගෙන තිබෙනවා.


Oct
27

ඇදිරි නිතිය පනවා තිබෙන ප්‍රදේශ වලට නව දැනුම් දීමක්

Generic placeholder image

ඇදිරි නිතිය පනවා තිබෙන ගම්පහ ,කළුතර ප්‍රදේශයන් වල සිටින ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා සදුදා සහ බ්‍රහස්පතින්දා දිනයන් වල වෙළෙද සැල් සහ ඖෂධ සැල් විවෘත කිරීම සදහා අවසර ලැබෙන බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා.ඒ පෙරවරු 8.00 සිට රාත්‍රී 10 දක්වායි. කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශ වල අගහරුවදා සහ සිකුරාදා දිනවල වෙළෙද සැල් සහ ඖෂධ සැල් […]


Oct
27

තවත් කොරෝනා ආසාදිතයින් 293ක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 293 දෙනෙකු හඳුනාගත් බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් 291 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වන අතර සෙසු දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් පුද්ගලයින්. මේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආසාදිතයින් සංඛ්‍යාව 5232ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිවයි‍නේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8706ක්.


Oct
27

තමන් ගමන් ගන්නා පොදුප්‍රවාහන සේවාවල අංක සටහන් කර ගන්නැයි මගී ජනතාවට පොලීසියෙන් දැනුම් දීමක්

Generic placeholder image

මේ වන විට රටේ තත්වය සැලකිල්ලට ගෙන පොදු ප්‍රවාහන සේවා වන් භාවිතා කරන්නේ නම් තමන් ගමන් ගන්නා එම ප්‍රවාහන සේවා වල අංකයන් සටහන් කිරීමට වගබලා ගන්නා බව පොලීසිය සදහන් කරනවා. විශේෂයෙන්ම බස් රථ මගීන් ගේ පහසුව සඳහා එම අංකයන් බසයේ ස්ථාන කිහිපයක පැහැදිලිව දක්වන ලෙස ද බස් හිමිකරුවන්ට දන්වා සිටිනවා.


Oct
27

ඇඳිරි නිතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විදුලිය කැපීමක් නෑ

Generic placeholder image

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන් වල මාසික විදුලි බිල්පත් පදනම් කරගෙන විදුලිය කැපීම සිදු නොකරන බවයි විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය සැලකිල්ලට ගෙන පීඩාවට පත් විදුලි පාරිභෝගිකයන්ට අවශ්‍ය සහන ලබා දීම මෙමගින් සිදු කරන බවයි වැඩි දුරටත් සදහන් […]


Oct
27

මෙරට සිටින විදේශිකයින්ගේ වීසා බලපත් දෙසැම්බර් දක්වා දීර්ඝ කෙරේ

Generic placeholder image

දිවයිනට පැමිණ සිටින සියලු විදේශිකයින් ලබාගෙන ඇති සෑම වර්ගයකම වීසා බලපත්‍ර ලබන දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ, රට තුළ පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින්. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, වීසා දීර්ඝ කිරීම සඳහා ගාස්තු ගෙවීම ඇතුළු ක්‍රියා පටිපාටියට අදාළ උපදෙස් ඉදිරියේදී දැනුම් දෙන බවයි. මේ අතර මේ කාලය තුළ දිවයිනෙන් පිටත්ව […]


Oct
27

“අපි හැදී රට හදමු” වැඩසටහන ඇරඹෙයි

Generic placeholder image

භාවිතයෙන් ඉවත් කරන ලද කාබන් හිස් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිතුක් කරමින් පවසනවා. ඒ සඳහා සකස් කරන ලද ප්‍රථම බහාලුම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුණේ, ජනාධිපති කාර්යාලයේදීයි. පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක මෙම වැඩසටහන නම්කර ඇත්තේ, “අපි හැදී රට හදමු” යනුවෙන්. දිනකට පාසල් […]


Oct
27

කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තිය අභියස – GMOA අනතුරු අගවයි

Generic placeholder image

මේ වන විට පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණ තිබෙන බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා තිබෙනවා. එය එසේ වුවහොත් දැඩි සත්කාර ඒකක වල දැඩි තදබදයක් ඇති වී අසාමාන්‍ය ලෙස මරණ ගණන ඉහළ යා හැකි බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් කර සිටින්නේ. ඉදිරි මාස 02 අතිශය තීරණාත්මක කාලයක් බවත් කොරෝනා වෛරසය […]


Oct
27

වේල්ලවීදිය පොලීසියේ කොස්තාපල්වරයෙකුටත් කොරෝනා

Generic placeholder image

වේල්ලවීදිය පොලිසියේ භෝජනාගාර පාලකවරයා වන පොලිස් කොස්තාපල්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව එම පුද්ගලයා ඇසුරු කල පොලිස් ස්ථනයේ නිලධරීන් පිරිසක් නිරෝධායනය යොමු කර තිබෙනවා.


Oct
27

තවත් කොරෝනා මරණ දෙකක් – සමස්ත මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳීමෙන් තවත් දෙදෙනෙකු මීට ටික වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පැවසුවේ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක් සහ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි. ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා.


Oct
27

කොටුව දුම්රිය පළට හා බස් නැවතුම් පළට පයින් ගමන් කිරීමෙන් වලකින්නැයි පොලීසියෙන් දැනුම් දීමක්

Generic placeholder image

ඇදිරි නිතිය ක්‍රියාත්මක වීම නිසා කොටුව දුම්රිය පළට හා බස් නැවතුම් පළට ජනතාව පයින් ගමන් කිරීමෙන් වලකින ලෙසට පොලිසිය දැනුම් දීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම ඇදිරි නිතිය පැනවීම නිසා දුම්රියන් හා බස් රථ ධාවනය ද බොහෝ දුරට සිමා කිරීම හේතුවෙන් ජනතාව එලෙස එම ස්ථානයන්ට පයින් ගමන් කිරීම ඇදිරි නීතිය කඩ කිරීමක් වශයෙන් සලකන බවයි වැඩි දුරටත් […]


News Articles
Latest Videos
Most Popular Post