News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

“බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය උසස් පෙළ විභාගයට බාධාවක් නැහැ” – විභාග කොමසාරිස් ජනරාල්

Generic placeholder image

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවුව ද උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට එය බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැළසීමට එකඟ වී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ, විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂාව නිසි […]


Oct
28

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ දිවයිනෙන් පිටව යයි

Generic placeholder image

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද දහවල් දිවයිනෙන් පිටත්ව ගියා. ඊයේ රාත්‍රී 7.30 ට පමණ මෙරටට පැමිණි ඒ මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී නිල වශයෙන් සාකච්ඡා පැවැත්වුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට ආර්ථික සහයෝගීතාව පිළිබඳ අදහස් පළ කෙරුණා. කොරෝනා වසංගතය පහව යාමෙන් පසු […]


Oct
28

කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සදහා සුදානම් කර තිබු ඇදන් සියයට 90ක් පිරි අවසන්

Generic placeholder image

මේ වන විට මෙරට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සුදානම් කර තිබු ඇදන් අතරින් සියයට 90 කට වඩා මේ වන විට කොරෝනා රෝගීන්ගෙන් පිරිගොස් ඇති බවට වාර්තා වෙනවා. මේ හේතුවෙන් වෛද්‍ය අධික්‍ෂණය යටතේ රෝහල් නොවන වෙනත් මධ්‍යස්ථාන යටතේ රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් හට ප්‍රතිකාර කිරීම සදහා යොමු කිරීමට අවදානය යොමුව තිබෙන බව පැවසෙනවා. විශේෂයෙන්ම මේ […]


Oct
28

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට පනවා තිබූ දැඩි සීමාවන් ඉවත් කෙරේ

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට මාස 4 කට ආසන්න කායලයක් පනවා තිබූ දැඩි සීමාවන් ඉවත් කිරීමෙන් පසු මෙල්බර්න් අගනුවර වෙළඳසැල්, අවන්හල් සහ හෝටල් අද යළි විවෘත කෙරුණා. ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙල්බර්න් නුවර ව්‍යාප්ත වී තිබූ කොරෝනා වසංගතය මේ වනවිට මුළුමනින්ම පාහේ පාලනය කර ඇති බවයි. හෙට සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ට සිය නිවෙස්වලට අමුත්තන් ගෙන්වා […]


Oct
28

ෂරියා විශ්වවිද්‍යාලයට වෙන්න යන දේ

Generic placeholder image

මඩකලපුව, පූනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය අද සිට කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. පොළොන්නරුව මහරෝහල මගින් එහි පරිපාලන කටයුතු සිදු කෙරෙන අතර වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය යොදවා ඇත්තේ ද එම රෝහල මගින්. රෝගීන් 1200කට පමණ මෙහි ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතිනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු නිල වශයෙන් ආරම්භ […]


Oct
28

කොරෝනා බියෙන් කලවාන ළමා වාට්ටුව වසා දමයි

Generic placeholder image

කලවාන මූලික රෝහලේ ළමා වාට්ටුව ප්‍රධාන වෛද්‍යවරියක සේවයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. අදාල වෛද්‍යවරිය pcr පරීක්ෂනයකට භාජනය කර තිබෙන අතර එම පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මෙලෙස එම රෝහලේ ළමා වාට්ටුව වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ අනුව එම වෛද්‍යවරිය සමග සිටි තවත් වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ දසදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ද පියවර ගෙන […]


Oct
28

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයත් වැසෙයි

Generic placeholder image

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇති බව එහි බලධාරීන් සදහන් කරනවා. ඒ එම ආර්ථික මධ්‍යස්ථානනද කොරෝනා අසාදිතයෙකු වාර්තා වීමත් සමගයි. මේ අනුව එම කොරෝනා අසාදිතයා idh රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ සමීපතමයින් හා ආශ්‍රිත පුද්ගලයින් pcr පරික්ෂණයට භාජනය කිරීමට නියමිතව තිබෙනවා.


Oct
28

කොරෝනා වෛරසය මර්දනයට game-changer එන්නතක්

Generic placeholder image

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා එන්නත සාර්ථක වන බවට එම විශේඥයින් සදහන් කරනවා. කොරෝනා වෛරසයට මර්දනය කිරීමට මෙම එන්නත හරහා බොහෝ දුරට හැකි බව පවසන එම විශේෂඥයින් පවසන්නේ ලබන වසරේ එනම් 2021 වසරේ මුල් කාලය තුලදීම වෙළඳපොළට නිකුත් කිරීමට හැකි බවයි. මෙම නිෂ්පාදන කටයුතු වල ප්‍රධාන දායකත්වය දරන ඇස්ට්‍රා සෙනිකා ඖෂධ සමාගම […]


Oct
28

වෙන්නප්පුව නිකේතනයක සේවය කරන තරුණයෙක් හදිස්සියේ මිය යයි

Generic placeholder image

වෙන්නප්පුව ප්‍රදේශයේ නිකේතනයක සේවය කරන තරුණයෙකු ඊයේ හදිස්සියේ මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඔහු එම නිකේතනයේම කාමරයක නවාතැන් ගෙන තිබෙන අතර ඔහුගේ මරණය පිලිබදව වැඩි දුර විමර්ශනයක් සිදු කිරීම සදහා දේහයේ රුධිර සාම්පලයක් පිසීආර් පරික්ෂණයට ලක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන මිය ගිය පුද්ගලයා සති දෙකකට පමණ පෙර අදාල […]


Oct
28

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳැල් සහ ඔසුසැල් හෙට විවෘතයි

Generic placeholder image

දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධසැල් හෙට දිනය තුළ විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා එම වෙළඳසැල් විවෘතව පවතිනු ඇති.


Oct
28

ඇඳිරිය පනවා ඇති අනෙක් දිස්ත්‍රික්කවලට 2 වැනිදායින් පසුවත් එම නීතිය අඛණ්ඩව

Generic placeholder image

බස්නාහිර පළාතට හෙට රාත්‍රී සිට ලබන සඳුදා, එනම් නොවැම්බර් 2 වැනිදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවුව ද මේ වනවිටත් ඇඳිරි නීතිය පනවා ඇති අනෙක් දිස්ත්‍රික්කවලට එය අඛණ්ඩව ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හෙට සිට ඇඳිරි නීතිය පැනවෙන බස්නාහිර පළාතේ ජනතාවට යුද හමුදාපතිවරයා දැනුම් දෙන්නේ, එම පළාතට දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක […]


Oct
28

කොරෝනා වාර්තාවේ ශ්‍රී ලංකාව 71 වැනි තැනට

Generic placeholder image

ශ්‍රී ලංකාව කොරෝනා ලෝක වාර්තාවේ 71 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ දිනය තුළ මරණ තුනක් වාර්තා වූ අතර එය මෙරට දිනයක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා. ලෝක වාර්තාවට අනුව මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 8,870ක් ලෙසයි. […]


News Articles
Latest Videos
Most Popular Post