News Line| Off Air
Generic placeholder image

Oct
22

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු කලින් ලැබිලා??

Generic placeholder image

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් මෙරට තුළ ප්‍රහාර මාලාවක් දියත් කිරීමේ හැකියාවක් පවතින බවට පසුගිය වසරේ අප්‍රේල් 4 වැනිදා විදෙස් බුද්ධි අංශයකින් දැනුවත් කිරීමට පෙර මාර්තු මස 26 වැනිදා වනවිට රාජ්‍ය බුද්ධි සේවය දැනසිටි බවට ප්‍රථම වරට ඊයේ අනාවරණ වුණා. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මේ […]


Oct
22

රටක් වශයෙන් ලොක්ඩවුන් වෙන තත්ත්වයක් දැනට නෑ – හමුදාපති කියයි

Generic placeholder image

දැනට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශ දෙස සලකා බලා ඉන් වාර්තා වන ප්‍රමාණය සැලකිල්ලට ගෙන අදාල ප්‍රදේශ වලට පමණක් නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට කටයුතු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රටක් වශයෙන් ලොක්ඩවුන් වෙන තත්ත්වයක් දැනට නොමැති බවයි. මෙරට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය හේතුවෙන් සියලු පුද්ගලයින් සුරක්ෂිත වි සෞඛ්‍ය උපදෙස් […]


Oct
22

එකම පවුලේ 05කට කොරෝනා

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදිත ඩොක්යාඩ් සේවකයෙකුගේ පවුලේ සාමාජිකයින් 05 දෙනාටම කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. වරාය සේවකයාට කොරෝනා ආසාදිත බව හදුනා ගැනීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයින් හට කරන ලද pcr පරීක්ෂනයන්ට අනුව ඒ බව තහවුරු කර තිබෙනවා. මේ අනුව මාස 06 ක දැරියක් හා අවුරුදු 03 දැරිය අසදිතයගේ බිරිද සහ පියා සහ නැන්දනිය […]


Oct
22

කොරෝනා එන්නතක් අත්හදා බැලූ වෙෙරසය ආසාදිත බ්‍රසීල වෙෙද්‍යවරයෙක් මරු දකියි

Generic placeholder image

බ්‍රසීලයේ අත්හදා බැලෙන එන්නතක් ශරීරගත කිරීමට දායක වූ එරට කොරෝනා වෙෙරසය ආසාදිත වයස අවුරුදු 28 ක වෛද්‍යවරයෙක් මියගොස් තිබෙනවා. මෙම එන්නත අත්හදා බලන්නේ, ඇස්ට්‍රාසිනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල එක්වයි. වෙෙද්‍යවරයාගේ මරණයට අදාළ තොරතුරු බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් තවමත් හෙළි කර නොමැති අතර අදාළ පරීක්ෂණවල රහස්‍යබව ආරක්ෂා කිරීම එහි අරමුණයි.


Oct
22

මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුටත් කොරෝනා

Generic placeholder image

මේ වන විට දිවයින පුරා කොරෝනා ආසාදිතයන් වාර්තා වන අතර මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබෙන අතර එහිදී අහඹු ලෙස සිදු කරන ලද PCR පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා කොරෝනා රෝගීන් බවට හදුනාගෙන තිබෙනවා.


Oct
22

සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු කොමිසම හමුවට

Generic placeholder image

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද උදෑසන රැගෙනවිත් තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සදහා ඇය රැගෙනවිත් ඇති බවටයි වාර්තා වන්නේ.


Oct
22

රිෂාඩ් බදියුදීන් අද සහ හෙට පාර්ලිමේන්තුවට

Generic placeholder image

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අද සහ හෙට දෙදින පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගී කරවන ලෙස දන්වා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෟෙඛ්‍ය සහ දේශීය වෙෙද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. වේත්‍රධාරිවරයා මෙම ලිපිය අදාළ අංශ වෙත යොමුකර ඇත්තේ, ඊයේ දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී කථානායකවරයා කළ නියෝගයකට අනුවයි. පාර්ලිමේන්තු බලතල සහ […]


Oct
22

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මත රිෂාඩ් පාර්ලිමේන්තුවට

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද පැවැත්වෙන විවාදය සදහා සහභාගී වීමට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියා. පෞද්ගලික ආරක්ෂක ඇදුමකින් සැරසී දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ඔහු පාර්ලිමේන්තුවට පැමිණි බවයි වාර්තා වන්නේ.


Oct
22

කොට්ටාවේ මාළු කඩයකට හා සමූපකාරයකට සීල් තබයි

Generic placeholder image

කොට්ටාව නගරයේ පිහිටි මාළු කඩයකට හා සමූපකාරයකට සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා අසාදිතයෙකු මෙම ස්ථානයන්ට පැමිණ තිබු බවට සිදු අනාවරණයෙන් අනතුරුවයි. එපමණක් නොව එම පුද්ගලයා ගමන් කර තිබු මාළු වෙළෙදසැලේ සේවකයින් 04 දෙනෙකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා . අදාල පුද්ගලයා ගිය බව පැවසෙන සමූපකාරය ද මේ වන […]


Oct
22

සමාජ මාධ්‍ය වල පළ කර ඇති කාන්තා ජායා රූප නිරුවත් කර නැවත සමාජ මාධ්‍යට මුදා හරින ජාවාරමක්

Generic placeholder image

කාන්තවන් විසින් සිය සමාජ මාධ්‍ය හරහා පළ කරනු ලබන ජායා රූප නිරුවත් කර නැවත අනතර්ජාලයට මුදා හරින ජාවාරමක් පිලිබදව තොරතුරු හෙළිව තිබෙන බව කරන ලද පරීක්ෂනයක් මගින් අනාවරණය වී තිබෙනවා. මෙම ජාවාරමට බොහෝ විට අසු වන්නේ තරුණ පිරිස් විසින් අනත්ර්ජලයට මුදා හරින ලබන නිරාවරණය වූ ජායා රූප බවයි වැඩි දුරටත් සදහන් වන්නේ. මේ වන විට […]


Oct
22

ගෝලීය කොරෝනා රෝගීන් හාර කෝටි දහහතර ලක්ෂය පනියි

Generic placeholder image

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන හාර කෝටි දහ හතර ලක්ෂ අසු හතර දහස් හයසිය තිස් දෙකක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,136,335 ක් ලෙසයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වුණා. දෛනික මරණ 1225 ක් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 227,409 […]


Oct
22

මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

Generic placeholder image

මුලතිව්, මනන්කුඩිඉරිප්පු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු සොයා මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා. ඔවුන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇත්තේ, පසුගිය 19 වැනිදායි. එදින සිට මේ දක්වා ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව ඔවුන් සෙවීම සදහා නාවික හමුදාවේ මූලිකත්වයෙන් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post