News Line| Off Air
Generic placeholder image

Oct
19

රිෂාඩ් ට සැගවීමට උපකාර කළ හත්දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

අත්අඩංගුවට ගත්, මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සැගව සිටීමට උපකාර කළ පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසසනවා. අද කොළඹ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ, අත්අඩංගුවට පත් පිරිස අතර වෙෙද්‍යවරියක් ද සිටින බවයි.


Oct
19

පකිස්තාන අගමැතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කරමින් විරෝධතා

Generic placeholder image

පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඒරට වැසියන් විශාල පිරිසක් විරෝධතාවක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කරච්චි නුවරට රැස්වූ දහස් සංඛ්‍යාත විපක්ෂ ආධාරකරුවන් චෝදනා කළේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය රට අස්ථාවර කර ඇති බවටයි. පකිස්තානයේ ප්‍රබල විපක්ෂ කණ්ඩායම් 9 ක් මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කටයුතු කරන බවයි ඒරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. පකිස්තාන හිටපු […]


Oct
19

රිෂාඩ්ගෙන් ප්‍රශ්න කිරීම් අඛණ්ඩව – ඔහුට සැඟවීමට ආධාර කළ තවත් තිදෙනෙකු සොයා පරීක්ෂණ

Generic placeholder image

අද අලුයම අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා.‍ මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත් වුණේ, දෙහිවල, ඒබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැගව සිටියදීයි. ඔහුට සැගව සිටීමට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ අදාළ නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් ද ප්‍රශ්න කිරීම් ආරම්භකර තිබෙනවා. මන්ත්‍රීවරයාට […]


Oct
19

එකම පවුලේ දරුවන් තිදෙනා ළිඳට බිලි

Generic placeholder image

ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ ළිඳකට වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ, අද උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ළිඳ තුළ තිබී ඔවුන්ගේ සිරුරු හමුවී ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයායි.


Oct
19

තවත් කොරෝනා ආසාදිතයින් 47ක්

Generic placeholder image

නව කොරෝනා ආසාදිතයින් 47ක් මේ වනවිට හදුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,122ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.‍ අද දිනයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 4 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර සෙසු 43 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


Oct
19

20 ගැන විවාදය කල් දමන්නැයි ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් කථානායක වෙත ලිපියක්

Generic placeholder image

මේ සතිය තුළ පැවැත්වීමට නියමිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ, රජය ප්‍රමාද වී හෝ ගැසට් කරන ලද රෙගුලාසි අනුව මෙම විවාදය පවත්වන්නේ නම් දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු බවයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය […]


Oct
19

කටුනායක ආයෝජනය කලාපයෙන් තවත් ආසාදිතයින් 03ක්

Generic placeholder image

කටුනායක ආයෝජනය කලාපයෙන් තවත් ආසාදිතයින් 03ක් මේ වන විට හදුනාගෙන තිබෙනවා. මේ අනුව එම කලාපයෙන් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 216 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Oct
19

කොරෝනා රතු අවදානම් කොට්ඨාස 25 – 30ත් අතර ප්‍රමාණයක්

Generic placeholder image

කොරෝනා වසංගතයේ අවදානම නිසි පරිදි තක්සේරු කර ප්‍රාදේශීය වශයෙන් වසා දැමීමට කටයුතු නොකළහොත් රටම වසා දැමීමේ අවදානමක් මතුවනු ඇතැයි රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව රට තුළ පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 340ක් තුළින් කොරෝනා රතු අවදානම් කලාප වී ඇත්තේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25-30 ත් අතර ප්‍රමාණයක්. කොළඹ පැවැති […]


Oct
19

මංගල දිනයේ පාන්දර මනාලියට කොරෝනා

Generic placeholder image

මොරටුමුල්ල, ප්‍රදේශයේ තරුණියකට ඇයගේ විවාහ ගිවිස ගැනීම දිනයේ අලුයම් කාලයේ දී කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මේ අතර එම විවාහ ගිවිස ගැනීමේ උත්සවයට සහභාගීවීමට පැමිණි ඇගේ සමීපතමයින් මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ භාජනය කර තිබෙන අතර එහිදී ද තවත් 27 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය වී තිබෙන බවටද තහවුරු වී තිබෙනවා.


Oct
19

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව හා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට සිට විවෘත කෙරේ

Generic placeholder image

රට තුළ උද්ගත වී ඇති අවදානම් සහගත තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටුවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කටයුතු ජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට හෙට සිට යළිත් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ් වෙෙරස ව්‍යාප්තියයට පනවා ඇති නීති රීතිවලට අනුවයි. ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම හා වාහන පරීක්ෂාකර වාර්තා […]


Oct
19

බදියුදීන් සැගව සිටියේ දෙහිවල වෛද්‍යවරයක්ගේ නිවසක් තුලලු

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද අලුයම් කාලයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූනා. ඒ දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටිය දීය. එම නිවාස ඔහුගේ හිතවතෙක් බව පැවසෙන වෛද්‍යවරයක්ගේ නිවසක් වන අතර සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට එම වෛද්‍යවරයාත් ඔහුගේ බිරිය ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Oct
19

ඔස්ට්‍රේලියාවේ වෙෙරස නීති ලිහිල් කරයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාව දින 100කට අධික කාලයක් වසා තැබීමත් සමග දැඩිකර තිබූ වෙෙරස නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ් අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ දැඩිව තිබු නීති ලිහිල්කර ඇති බවයි. ඊට හේතු වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීම පාලනය කිරිමට හැකිවීමයි. ඒ් අනුව අද සිට ඒම ප්‍රාන්තයේ ජනතාවට නිවෙස්වලින් […]


News Articles
Latest Videos
Most Popular Post