News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

මධුෂ්ගේ මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන්ට භාර දෙයි

Generic placeholder image

අද අලුයම් කාලයේදී වෙඩි පහරකට ලක්ව මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වූ මාකදුරේ මදුෂ්ගේ මෘත ශරීරය පිලිබදව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඉන් අනතුරුව ඥාතීන්ට භාර දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


Oct
20

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ ජනතාවට පන්දහසේ දීමනාව අද සිට

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් අහිමි වූ පුද්ගලයින්ට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම අද සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 400ක්.


Oct
20

ඇලස්කා ප්‍රාන්තයට භූ කම්පනයක්

Generic placeholder image

ඇමෙරිකාවේ, ඇලස්කා ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 7.5 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූකම්පනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කුඩා සුනාමි රළ පහරක් පැමිණ ඇති  බවයි. රළ පහරට පෙර වෙරළාශ්‍රිත ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබුණා‍. කෙසේවෙතත් භූ කම්පනයෙන් හෝ රළ පහරින් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී […]


Oct
20

රටේ පවතින තත්වය හමුවේ කඨින පිංකම් සිදු කල යුතු ආකාරය ගැන මහා සංඝරත්නයෙන් පැහැදිලි කිරීමක්

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසය හමුවේ රට පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙවර කඨින පිංකම් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සම්ප්‍රදානුකුල චාරිත්‍ර ඒ ආකාරයෙන්ම සිදු කරමින් අඩු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලෙසට අස්ගිරි මල්වතු උභය මහා විහාරය විසින් දන්වා තිබෙනවා.


Oct
20

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

Generic placeholder image

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මීට සුළු මොහොතකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කරගත හැකි බවත් ඇතැම් වගන්ති සදහා ජනමත විමසුමක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායකවරයා එහිදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.


Oct
20

අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට පත් යෝෂිත ඒ පිලිබදව තමාට ඇති පළපුරුද්ද ගැන කියයි

Generic placeholder image

අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට පත් යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව තනතුර පිලිබදව සදහන් කලේ තමාට ඒ පිලිබදව පළපුරුද්දක් පවතින බවයි. “හමුදාවෙන් මාව 2016 දී මෙගේ වැඩ තහනම් වුණා. නඩුවක් නැතුවම මගේ වැඩ තහනමකට ලක්වුණා. ඉතින් ඒ අවදියේ දී මගේ පියාට මම වැඩ කළා. ඉතින් මට ඒ පුහුණුවත් එක්ක, අවුරුදු 4කට පස්සේ […]


Oct
20

කොළඹ වෝඩ් පෙදෙසෙන් කොරෝනා ආසදිතයෙක්

Generic placeholder image

කොළඹ වෝඩ් පෙදෙසේ පදිංචි පුද්ගලයකු හටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. 52 හැවිරිදි මෙම පුද්ගලයා පෞද්ගලික සමාගමක උසස් නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහුගේ සමීපතමයින් හා සේවා ස්ථානයේ පිරිසක් පී.සී.ආර්. පරික්ෂණයට ලක් කර ඇති බව ද සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Oct
20

තම ජිවිත කතාව රගන ප්‍රවීණ නළු විජෙයිට ඉන් ඉවත් වන ලෙසට ඉල්ලා මුරලිගෙන් ලිපියක්

Generic placeholder image

සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කතාව පාදක කොටගෙන නිර්මාණය වන 800 නමැති දමිල චිත්‍රපටයේ සිය චරිතයට පණ පොවන තමිල්නාඩුවේ ප්‍රවීන රංගන ශිල්පී විජෙයි සේතුපති හට එම රංගන කටයුතු වලින් ඉවත් වන ලෙසට ලිපියක් යවමින් ඔහු ඉල්ලා සිටිනවා. අදාල නිවේදනය නිකුත් කරමින් මුරලි සදහන් කරන්නේ එම රංගනය හේතුවෙන් ඔහුට සිදු වන විරෝධය හා බලපෑම හේතුවෙන් ඉදිරි […]


Oct
20

අඩු ආදායම්ලාභී ලක්ෂයකට රැකියා පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

Generic placeholder image

අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් පිරිසක් සදහා රැකියා ලබාදීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ආරම්භකර තිබෙනවා. එහි ප්‍රථම අදියර සදහා පුද්ගලයින් 34, 818 දෙනෙකු තෝරාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. එලෙස තෝරාගත් පුද්ගලයින්ට ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 6ක පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. පුහුණු කාලය තුළ ඔවුන්ට රුපියල් 22,500ක මාසික දීමනාවක් ලබාදීමට සැළසුම් කර ඇති […]


Oct
20

තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

Generic placeholder image

අපරාධකරුවන් සෙයා ක්‍රියාත්මක කරන විමර්ශනවලදී තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත් වුණා. ඒලෙස අත්අඩංගුවට පත් වුණේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘කිඹුල ඇලේ ගුණා‘ නමැත්තාගේ සමීපතමයෙක්. පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 320ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ […]


Oct
20

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වාහන නතර කිරීම තහනම්

Generic placeholder image

කොළඹ – මහනුවර සහ කොළඹ – මීගමුව යන ප්‍රධාන මාර්ගවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශ හරහා වාහන ධාවනය කිරීමේදී නතර කිරීම තහනම් බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එම නීතිය අද සිට ක්‍රියාත්මක බවයි.


News Articles
Latest Videos
Most Popular Post