පළමු කොවිඩ් ආසාදිත රෝගියා වාර්තා වීමෙන් පසුව ගතවන 03 වන සතියයි මෙය වන අතර මේ අනුව මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රීතව ඇතිවූ කොරෝනා ව්‍යාප්තිය පිලිබදව යම් නිවැරදි තත්වයක් ඉදිරි සතිය තුල දැනගත හැකි බවත් ඒ අනුව ඉදිරි සතිය තීරණාත්මක බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරනවා. නිරෝධායනයට යොමු නොවූ තොරතුරු නොදුන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රීතව තවත් […]
ipl තරගාවලියේ ඊයේ පැවැති මුම්බායි ඉන්දියන්ස් පිළ හා කිංග්ස් ඉල්වන් පන්ජාබ් කණ්ඩායම් අතර තරගයේදී ජයග්‍රහණය තීරණය කරනු ලැබුවේ දෙවන සුපිරි පන්දු වාරයකින්. එම තරගයේදී කණ්ඩයම් දෙකම ලකුණු 176 ක් ලබා ගැනීමට සමත් වූ අතර එහිදී ජයග්‍රහණය තීරණය කිරීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර එහිදී ද දෙපිලම ලකුණු සම තත්වයකට පත් වීම නිසා විස්සයි විස්ස […]
මතුගම අවට හුදෙකලා කර අැති ග්‍රාම නිලධාරි වසම් තුනෙහි උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට ඒ් සදහා පෙනී සිටීමට වෙනම විභාග මධ්‍යස්ථාන සකස්කර තිබෙනවා. මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසුවේ, ඒ අනුව ඔවුන් පෙනී සිටි විභාග මධ්‍යස්ථානවලම වෙනම පරිශ්‍ර විභාග කටයුතු සඳහා වෙන්කර ඇති බවයි. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඕවිටිගල , බදුගම සහ බදුගම නව ජනපදය යන ග්‍රාම […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දෙහිවල ප්‍රදේශයේ සැඟවී සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අලුයම් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කල මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමට ලක්ව සිටින ගම්පහ ප්‍රදේශයේ පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් සදහා ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබන අගහරුවදා සිට ලබා දීම ආරම්භ කරන බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සදහන් කරන්නේ. ඒ එම වැඩසටහනේ පළමු අදියර යටතේයි.
නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. මෙම නාවික සෙබළුන් දෙදෙනා නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටියදි කරන ලද පරීක්ෂණ වලිනුයි මේ බව හදුනාගෙන තිබෙන්නේ.
නවසීලන්තයේ ජැසින්ඩා ආර්ඩර්න් අග්‍රාමාත්‍ය ධූරයට දෙවන වරටත් පත්වී තිබෙනවා. ඒ විශිෂ්ට ජයක් අත් කර ගනිමින්. ඒ අනුව ඇයගේ පක්ෂය එම ජන්දයෙන් පක්ෂය 49% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වුණා. ඇයද එරට තුලව ව්‍යප්ත වෙමින් තිබු කොරෝනා වෛරසය සාර්ථකව මැඩලීම සදහා ප්‍රශංසනීය වැඩපිළිවෙළක් දියත් කල අතර මෙයද එම ජයග්‍රහණයේ ප්‍රධාන හේතුවක් බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.
කොළඹ නාවික තටාංකාගණයේ සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු කොරෝනා අසාදනය වී තිබෙන බව වාර්තා වනවා. මේ අනුව ඔවුන්ගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් මේ වන විට හදුනාගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි වැඩි දුරටත් යුධ හමුදාපතිවරයා සදහන් කලේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
මුරුතලාවේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව ඔහු මහනුවර පෞද්ගලික රෝහලක රසායනාගාරයකින් ලබා ගත් පිසීආර් වාර්තාවක් මගින් ඔහුට දැනුම් දී තිබු අතර එහිදී ඔහුව ලග්ගල රෝහලට ප්‍රතිකාර සදහා යොමුකර තිබුණා. කෙසේ වෙතත් දෙවන වර සිදු කරනු ලැබූ පීසීආර් පරික්ෂණයට අදාල වාර්තාවෙන් එම පුද්ගලයා කොරෝනා අසදිතයෙකු නොවන බවට තහවුරු වීමත් සමග අදාල රසායනාගාර […]
මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19කට පනවා තිබෙන නිරෝධායන ඇදිරි නිතිය නැවත දැනුම් දෙන තුරු දිගටම බල පැවැත්වෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ. මේ අනුව ඇදිරි නීතිය කඩ නොකර හැකි තාක් ඒ ප්‍රදේශ වල ජිවත් වන ජනතාව නිවෙස් වලට වී කාලය ගත කරන ලෙසද ඒ මහතා […]