News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

එකම පවුලේ දරුවන් තිදෙනා ළිඳට බිලි

Generic placeholder image

ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ ළිඳකට වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ, අද උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ළිඳ තුළ තිබී ඔවුන්ගේ සිරුරු හමුවී ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයායි.


Oct
19

තවත් කොරෝනා ආසාදිතයින් 47ක්

Generic placeholder image

නව කොරෝනා ආසාදිතයින් 47ක් මේ වනවිට හදුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,122ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.‍ අද දිනයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 4 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර සෙසු 43 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


Oct
19

20 ගැන විවාදය කල් දමන්නැයි ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් කථානායක වෙත ලිපියක්

Generic placeholder image

මේ සතිය තුළ පැවැත්වීමට නියමිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ, රජය ප්‍රමාද වී හෝ ගැසට් කරන ලද රෙගුලාසි අනුව මෙම විවාදය පවත්වන්නේ නම් දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු බවයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය […]


Oct
19

කටුනායක ආයෝජනය කලාපයෙන් තවත් ආසාදිතයින් 03ක්

Generic placeholder image

කටුනායක ආයෝජනය කලාපයෙන් තවත් ආසාදිතයින් 03ක් මේ වන විට හදුනාගෙන තිබෙනවා. මේ අනුව එම කලාපයෙන් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 216 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Oct
19

කොරෝනා රතු අවදානම් කොට්ඨාස 25 – 30ත් අතර ප්‍රමාණයක්

Generic placeholder image

කොරෝනා වසංගතයේ අවදානම නිසි පරිදි තක්සේරු කර ප්‍රාදේශීය වශයෙන් වසා දැමීමට කටයුතු නොකළහොත් රටම වසා දැමීමේ අවදානමක් මතුවනු ඇතැයි රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව රට තුළ පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 340ක් තුළින් කොරෝනා රතු අවදානම් කලාප වී ඇත්තේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25-30 ත් අතර ප්‍රමාණයක්. කොළඹ පැවැති […]


Oct
19

මංගල දිනයේ පාන්දර මනාලියට කොරෝනා

Generic placeholder image

මොරටුමුල්ල, ප්‍රදේශයේ තරුණියකට ඇයගේ විවාහ ගිවිස ගැනීම දිනයේ අලුයම් කාලයේ දී කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මේ අතර එම විවාහ ගිවිස ගැනීමේ උත්සවයට සහභාගීවීමට පැමිණි ඇගේ සමීපතමයින් මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ භාජනය කර තිබෙන අතර එහිදී ද තවත් 27 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය වී තිබෙන බවටද තහවුරු වී තිබෙනවා.


Oct
19

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව හා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට සිට විවෘත කෙරේ

Generic placeholder image

රට තුළ උද්ගත වී ඇති අවදානම් සහගත තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටුවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කටයුතු ජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට හෙට සිට යළිත් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ් වෙෙරස ව්‍යාප්තියයට පනවා ඇති නීති රීතිවලට අනුවයි. ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම හා වාහන පරීක්ෂාකර වාර්තා […]


Oct
19

බදියුදීන් සැගව සිටියේ දෙහිවල වෛද්‍යවරයක්ගේ නිවසක් තුලලු

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද අලුයම් කාලයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූනා. ඒ දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටිය දීය. එම නිවාස ඔහුගේ හිතවතෙක් බව පැවසෙන වෛද්‍යවරයක්ගේ නිවසක් වන අතර සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට එම වෛද්‍යවරයාත් ඔහුගේ බිරිය ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Oct
19

ඔස්ට්‍රේලියාවේ වෙෙරස නීති ලිහිල් කරයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාව දින 100කට අධික කාලයක් වසා තැබීමත් සමග දැඩිකර තිබූ වෙෙරස නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ් අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ දැඩිව තිබු නීති ලිහිල්කර ඇති බවයි. ඊට හේතු වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීම පාලනය කිරිමට හැකිවීමයි. ඒ් අනුව අද සිට ඒම ප්‍රාන්තයේ ජනතාවට නිවෙස්වලින් […]


Oct
19

වැල්වත්තේ බැංකුවක නිලධාරීන් දෙදෙනකුටත් කොරෝනා

Generic placeholder image

වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරනවා. එපමණක් නොව ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය මේ වන විට ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙන අතර මෙම නිලධාරීන් දෙදෙනාට වෛරසය ආසාදනය වී තිබෙන්නේ ගනේමුල්ල බැංකු ශාඛාවක ආසාදිතයකු වැල්ලවත්ත බැංකු ශාඛාවට පැමිණීමත් සමග […]


Oct
19

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය මට්ටමෙන් රෝහල්

Generic placeholder image

කොරෝනා වෙෙරස් ආසාදිතයින් ඉහළ යාමත් සමග ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සදහා අවශ්‍ය පහසුකම් සකස් කරමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ් අනුව මේ වනවිට ප්‍රාදේශීය මට්ටමෙන් රෝහල් යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, අදාළ රෝහල්වල පහසුකම් සකස් කිරීම මේ වනවිට අරඹා ඇති බවයි. මේ වනවිට […]


Oct
19

විශ්වවිද්‍යාල විභාග Online ක්‍රමයට

Generic placeholder image

පවතින තත්වය හමුවේ විශ්වවිද්‍යාල විභාග Online ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සදහන් කරනවා. ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් හට දැනුවත් කරන බවද එම කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post