News Line| Off Air
Generic placeholder image

Oct
13

පොත් ප්‍රදර්ශනයට ගිය කොරෝනා ආසාදිතයෙක් පිලිබදව වාර්තා වෙයි

Generic placeholder image

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වන ගල්කිස්ස, බඩෝවිට පදිංචි පුද්ගලයෙක් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය නැරඹීමට ද ගොස් තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වෙනවා.


Oct
13

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නැයි පොලිස්පතිට උපදෙස්

Generic placeholder image

පාර්ලිෙම්න්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. එ්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සහ මහජන මුදල් අවභාවිත කරමින් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඡන්දය භාවිත කිරීම සදහා අවතැන් වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනාවලට අදාළවයි.


Oct
13

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ 07කටත් කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුටත් කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අයවළුන් වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආශ්‍රිත පොකුරෙන් මොවුන් හදුනාගෙන තිබෙනවා.


Oct
13

ජාත්‍යන්තර ස්වභාවික අාපදාවන් අවම කිරීමේ දිනය අද – අාපදාවලින් වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතරින් ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයට

Generic placeholder image

ස්වභාවික අාපදාවන් අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස ඔක්තෝබර් 13 වැනිදා ප්‍රකාශයට පත්කර අැත්තේ, අාපදා අවදානම අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සදහා වන ඒක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගිනි. මෙවර ඒහි තේමාව වී අැත්තේ, ‘අාපදා අවදානම් පාලනය’ යන්නයි. ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ 2020 නවතම දත්තවලට අනුව කාලගුණය අාශ්‍රිතව සිදු වූ කුණාටු, ගංවතුර, තාප තරංග අාදියෙන් සිදු […]


Oct
13

කොරෝනා සැක නිවැසියන්ගේ සනීපාරක්ෂක අපද්‍රව්‍ය කහ බෑගයකට

Generic placeholder image

පවතින තත්වය සැලකිල්ලට ගෙන බස්නාහිර පළාත තුළ දිනපතා බැහැරලන වෙන් කළ කසළ මලු වලට අමතරව කොරෝනා බවට සැක නිවැසියන්ගෙන් සනීපාරක්ෂිත අපද්‍රව්‍ය බැහැරලීමට කහ පැහැති බෑගයක් භාවිතා කරන ලෙසට අදාල පුද්ගලයින්ට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය දැනුම් දෙනු ලබනවා. එමෙන්ම කහපාට කසළ මලුවල බහාලන කසළ ද දින දාහතරක් සිය නිවාස පරිශ්‍රයේම තබා ගනිමින් එයද නිරෝධායනයට ලක් […]


Oct
13

බොරැල්ලේ කඩවල් කිහිපයකුත් වැසේ

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් කිහිපදෙනකු බොරැල්ලේ වෙළෙදපොලවල් රාශියක සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ කඩවල් 06ක් පමණ මෙලෙස වසා දැමීමට තීරණය කර තිබෙනවා.


Oct
13

පින්නවල බ්‍රැන්ඩික්ස් සේවකයින් 19කට කොරෝනා

Generic placeholder image

පින්නවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ ද සේවකයන් 19 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. මේ වන විට එම ආසාදිතයින් ගාල්ල කොග්ගල, මාතලේ ලග්ගල, පල්ලම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළා.


Oct
13

සියලු රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ ලිපින සහ දුරකථන අංක යාවත්කාලින කරන්නැයි පොලීසියෙන් උපදෙස්

Generic placeholder image

පවතින තත්වය හමුවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ගේ වත්මන් ලිපිනයන් හා දුරකථන අංක යාවත්කලින කිරීමට පියවර ගන්නා ලෙස සියලු ආයතන ප්‍රධානින් ගෙන් ඉල්ලීමක් කරන බව පොලීසිය සදහන් කරනවා. එය ඉතා වැදගත් බවත් ඉදිරි දින 03 තුලදී එම කටයුතු සිදු කොට අවසන් කිරීමට වගබලා ගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ […]


Oct
13

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියක් ගැන පරීක්ෂණ

Generic placeholder image

පූගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයෙකු අසනීපයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී ඔහු මියයාමේ සිද්ධියක් ගැන වැඩ බලන පොලිස්පතිවරයාෙග් උපදෙස් මත පරීක්ෂණයක් අාරම්භකර තිබෙනවා. පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි අදාළ තරුණයා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ, මත්ද්‍රව්‍ය චෝදනාවක් මතයි. ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට අැතුළත් කිරීමේදී මෙලෙස මියගොස් තිබුණා.‍ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය […]


Oct
13

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර 1400 අභියස

Generic placeholder image

හදුනාගත් මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිත ගණන 1,400කට ආසන්න වී තිබෙනවා. එය සටහන් වන්නේ 1,397ක් ලෙසයි. ඊයේ දිනයේ දී එම පොකුරෙන් නව ආසාදිතයින් 90 දෙනෙකු හදුනාගත් අතර ආසාදිතයින්ගෙන් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්අ නෙක් ආසාදිතයින් 50 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීපතමයින් වනවා.


Oct
13

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමයි

Generic placeholder image

රට තුළ පවතින වසංගත තත්ත්වයත් සමග විභාග දෙපාර්තෙම්න්තුව මගින් මේ මස පැවැත්වීමට කටයුතු කර තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය ඒෙලෙස කල් […]


Oct
13

දකුණු කොරියාවෙන් දිනයක් තුළ කොරෝනා අාසාදිතයින් 102ක්

Generic placeholder image

දකුණු කොරියාවේ සති දෙකක පමණ කාලයක සිට පහත වැටෙමින් තිබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ සිට යළි ඉහළ යමින් අැතැයි විදෙස් මාධ්‍ය පවසනවා. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඊයේ දිනය තුළ නව කොරෝනා අාසාදිතයින් 106 දෙනෙකු වාර්තා වූ බවයි. ඒරටින් සියය ඉක්ම වූ අාසාදිතයින් ප්‍රමාණයක් මෙලෙස වාර්තා වන්නේ දින 6කට පසුව වීම විශේෂත්වයක්‍. පසුගිය සති දෙකක පමණ සිට […]


News Articles
Latest Videos
Most Popular Post