News Line| Off Air
Generic placeholder image

Oct
14

කොරෝනා අස්සේ තියන ලංකා ප‍්‍රිමියර් ලීග්

Generic placeholder image

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ සියලූ‍ තරග ක‍්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේ දීය. නොවැම්බර් 21 වනදා සිට ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් 75 දෙනකු සහභාගී වීමට ද නියමිතව තිබෙනවා.


Oct
14

කළුතරින් කොරෝනා ආසාදිතයින් 04ක්

Generic placeholder image

මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 04 දෙනකු හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා.. එම ආසාදිතයින් මතුගම යටදොල , මතුගම බදුගම , පැලවත්ත යන ප්‍රදේශ වලින් වාර්තා වන අතර නාගොඩ රෝහලේදී සිදු කරනු ලැබූ pcr පරීක්ෂණවලදී මේ බව තහවුරු වුණ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි මල්කා ගුණසිංහ මහත්මිය වැඩි දුරටත් සදහන් කළා.


Oct
14

වැඩිම කොරෝනා මරණ වාර්තා වන රටවල් අතුරින් තෙවන තැන ඉන්දියාවට

Generic placeholder image

ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතුරින් ඉන්දියාව තුන්වැනි ස්ථානයට පත්ව අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එ් අනුව මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 110,617ක්. එම මරණ සංඛ්‍යාවෙන් සියයට 53ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බව අනාවරණ වී තිබෙනවා. එමෙන්ම වෙෙරසයට ගොදුරු වීමෙන් මියගිය පුද්ගලයින්ගෙන් සියයට 70ක් පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයක්. […]


Oct
14

කොළඹ බන්ධනාගාර නිලධාරීන් අද පී.සී.අාර්. පරීක්ෂාවට

Generic placeholder image

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට අද දිනයේ පී.සී.අාර්. පරීක්ෂණයට සහභාගී වන ලෙසට දැනුම් දී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, එ් අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ යන බන්ධනාගාරවල නිලධාරීන්ගේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන්ගේ මෙම පරීක්ෂාව සිදු කෙරෙන බවයි. එ් සදහා සදහා සියලු නිලධාරීන්ට පෙනී සිටින්නැයි දන්වා තිබෙනවා. එමෙන්ම සියලුම බන්ධනාගාර රැදවියන්ගේ සෞඛ්‍ය අාරක්ෂාව සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග […]


Oct
14

ශ්‍රී ලංකාව පුරාම කොරෝනා අවදානමක් ඇති බව දැනුම් දෙයි

Generic placeholder image

පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාව පුරාම කොරෝනා අවදානමක් තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ හේතුවෙන් රජය සහ සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කරන ලද එම සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කිරීමට සියලු දෙනා වග බලා ගත යුතු බව ඒ මහතා වැඩි දුරටත් අවදාරණය කරනවා.


Oct
14

කොරෝනා ආසාදිතයින් හමු වීම නිසා බොරැල්ලේ අතුරු පාරක් වසයි

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් 04 දෙනකු වාර්තා වීමත් සමග බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ අතුරු මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. එම අතුරු මාර්ගයේ ආසාදිතයින් ඇසුරු කල පුද්ගලයින් පිරිසක් pcr පරීක්ෂණ සිදු කිරීමට පියවර ගත් අතර එහිදී කොරෝනා ආසාදිත බවට කිසිදු අයෙක් තහවුරු වී නොමැති බවද සදහන්.


Oct
14

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 6ක් වැඩ අරඹයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස් කණ්ඩායම් 6 ක් ඊයේ රාත්‍රියේ සිට යොදවනු ලැබුවා. එ් අනුව කොළඹ සහ මන්නාරම යන ප්‍රදේශවල පිහිටි ඔහුට අයත් නිවෙස් වෙත අදාළ නිලධාරී කණ්ඩායම් දෙකක් ඊයේ රාත්‍රියේම පිටත්ව ගියා. පසුගිය ජනාධිපතිවරණයේදී රජයේ මුදල් අවභාවිතා කිරීම සහ මැතිරණ නීති උල්ලංඝණය කිරීම යන චෝදනාවලට අදාළව මන්ත්‍රී […]


Oct
14

කොරෝනා 5000 සීමාව පනියි

Generic placeholder image

දිවයින තුළ මේ වනවිට කොරෝනා වෙෙරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එ් අනුව මෙතෙක් වාර්තාව වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 5038ක්. මෙතෙක් සුවය ලබා අැති සංඛ්‍යාව 3328ක් වන අතර 1697 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.


Oct
14

මාස 04 කට පෙර ලංකාවට ආ නිරෝධායනය වූ පුද්ගලයෙකුටත් කොරෝනා

Generic placeholder image

මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන සිදු කල පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. ඒ එම පුද්ගලයා නැවත විදේශ ගත වීමට පෙර සිදු කරන ලද PCR පරීක්ෂණයෙනි. අදාල පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා..ඔහුගේ නිවැසියන් හා ඔහු ඇසුරු කල පුද්ගලයින් මේ වනා විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Oct
14

හෙට උදෑසන තෙක් මුහුදු යාම අතුරුදායකයි

Generic placeholder image

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පවසනවා. එම දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බවයි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් […]


Oct
14

කොළඹින් කොරෝනා ආසාදිතයින් 10ක්

Generic placeholder image

මේ වන විට කොළඹ නගරය තුල වෙසෙන පුද්ගලයින් 2884කගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර එයින් පුද්ගලයින් 10 දෙනකු හට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය වැඩි දුරටත් සදහන් කරන්නේ එම 10 දෙනාගෙන් 05 දෙනෙකු පමණක් කොළඹ නගරය තුල ජිවත් වන පුද්ගලයින් බවයි. කෙසේ වෙතත් […]


Oct
14

අදත් දිවයින පුරා වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම […]


News Articles
Latest Videos
Most Popular Post