News Line| Off Air
Generic placeholder image

Oct
11

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා

Generic placeholder image

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මෙම කොරෝනා ආසාදිත පුද්ගලයින් දඹුල්ල ආර්ථික වෙළෙඳසැල් 80 ක පමණ සැරිසරා ඇති බවට වාර්තා වන අතර මේ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විෂබිජහරණය කිරීමට පියවර ගෙන තිබෙන අතර එම පුද්ගලයින් ඇසුරු කරන ලද ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.


Oct
11

කැලණිය සරසවියේ සිසුවියකටත් කොරෝනා

Generic placeholder image

කැලණිය සරසවියේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සදහන් කරනවා. මෙම සිසුවියගේ පියාට කොරෝනා වෛසරය ආසාදනය වී තිබෙන අතර ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Oct
11

මෙරට කොරෝනා රෝගීන් ගණන 4628 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයින් කඩිනමින් PCR පරික්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කල අතර .යම් පුද්ගලයෙකුට වෛරසය ශරීරගත වී ඇත්නම් එය හඳුනා ගැනීම සිදුකළ හැක්කේ දින 02ත් 10ත් අතර කාලයේදී බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. ඊයේ(10) දිනයේ මිනුවන්ගොඩ පොකුරෙන් හඳුනාගත් නව […]


Oct
11

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ශිෂ්‍යත්ව විභාගය අද

Generic placeholder image

මෙවර ශිෂ්‍යත්ව විභාගය මේ වන විට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පැවැත්වෙනවා. විභාග අපේක්ෂකයින් 331,694ක් මෙවර විභාගය සඳහා පෙනී සිටිනවා. පවතින තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර තිබෙන අතරවිභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් ඒ බව විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 2 – […]


Oct
10

තිසර හා චන්දිමාල් මේජර් නිලයට උසස් කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරුන් ලෙස අධිකාරියට උසස් කර තිබෙනවා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී. තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායට ගජබා රෙජිමේන්තුවේ මේජර්වරයෙකු වශයෙනුත් දිනේෂ් චන්දිමාල් යුධෝපකරණ බලකායේ මේජර්වරයෙකු […]


Oct
10

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

Generic placeholder image

අද (10) දිනයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. මේ අනුව අද රාත්‍රි 10 සිට පසුදින උදෑසන 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවා. ඒ අනුව කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙන්ම කොළඹ 01 […]


Oct
10

ළමා රෝහලේ සාත්තු සේවිකාවකටත් කොරෝනා

Generic placeholder image

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාත්තු සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. මෙම රෝහලේ බිළිඳියකට කොරෝනා ආසාදනය වී තිබෙන බව දැනගත් පසු රෝහල් කාර්ය මණ්ඩලය PCR පරික්ෂණයට ලක්කළ අතර එහිදී මෙම සාත්තු සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.


Oct
10

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4523ක් දක්වා ඉහළට

Generic placeholder image

දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1083ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඊයේ(09) දිනය තුළ පමණක් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 35 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 4523 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් ආසාදිතයින් 3296 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. තවදුරටත් නේවාසිකව 1214 දෙනෙකු ප්‍රතිකාර […]


Oct
10

ශිෂ්‍යත්ව විභාගය හෙට – කොරෝනා ආසාදනය වී සිටින සිසුන් 05 ක් IDH රෝහලේදී ශිෂ්‍යත්වය ලියයි

Generic placeholder image

සැලසුම් කර තිබු පරිදි මෙවර ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. පවතින තත්වය හමුවේ කොරෝනා ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන සිසුන් 05ක් ද හෙට ශිෂ්‍යත්ව විභාගය IDH රෝහලේදී ලිවීමට අවශ්‍ය කටයුතු විභාග දෙපාර්තුමේන්තුව විසින් ලබා දී තිබෙනවා. මේ අතර නිරෝධායන තුල සිටින මෙවර ශිෂ්‍යත්ව විභගය ලියන සිසුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති […]


Oct
9

මීගමුව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමට පැමිණි අයෙකුටත් කොරෝනා

Generic placeholder image

මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අයෙකුටත් කොරෝනා ආසාදනය වී තිබෙන බව කරන ලද PCR පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහු මෙලෙස මෙම රෝහලට පැමිණ තිබෙන අතර 56 හැවිරිදි මෙම පුද්ගලයා කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පැවසෙන්නේ.


Oct
9

හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙක්ටත් කොරෝනා

Generic placeholder image

හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම රෝහලේ වාට්ටු දෙකක්ද ද තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙම කොරෝනා ආසාදනය වූ හෙදියන් දෙදෙනාගේ එක් හෙදියකුගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර තිබෙන බවද සදහන්.


Oct
9

කටුනායක ඇගළුම් කම්හලක සේවිකාවකටත් කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

කටුනායක ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඇයට සිදු කරන ලද PCR පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. මේ අනුව මෙම කර්මාන්ත ශාලවේ අනෙකුත් සේවක සේවිකාවන් හටද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post