News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

කොරෝනා 5000 සීමාව පනියි

Generic placeholder image

දිවයින තුළ මේ වනවිට කොරෝනා වෙෙරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එ් අනුව මෙතෙක් වාර්තාව වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 5038ක්. මෙතෙක් සුවය ලබා අැති සංඛ්‍යාව 3328ක් වන අතර 1697 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.


Oct
14

මාස 04 කට පෙර ලංකාවට ආ නිරෝධායනය වූ පුද්ගලයෙකුටත් කොරෝනා

Generic placeholder image

මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන සිදු කල පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. ඒ එම පුද්ගලයා නැවත විදේශ ගත වීමට පෙර සිදු කරන ලද PCR පරීක්ෂණයෙනි. අදාල පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා..ඔහුගේ නිවැසියන් හා ඔහු ඇසුරු කල පුද්ගලයින් මේ වනා විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Oct
14

හෙට උදෑසන තෙක් මුහුදු යාම අතුරුදායකයි

Generic placeholder image

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පවසනවා. එම දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බවයි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් […]


Oct
14

කොළඹින් කොරෝනා ආසාදිතයින් 10ක්

Generic placeholder image

මේ වන විට කොළඹ නගරය තුල වෙසෙන පුද්ගලයින් 2884කගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර එයින් පුද්ගලයින් 10 දෙනකු හට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය වැඩි දුරටත් සදහන් කරන්නේ එම 10 දෙනාගෙන් 05 දෙනෙකු පමණක් කොළඹ නගරය තුල ජිවත් වන පුද්ගලයින් බවයි. කෙසේ වෙතත් […]


Oct
14

අදත් දිවයින පුරා වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම […]


Oct
13

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කොරෝනා ආසාදිතයින් ගණන 74ක්

Generic placeholder image

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කොවිඩ් ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ආසාදිතයන් අතරින් 62ක් නිදහස් වෙළෙඳ කළාපය තුලින්ද ඉන් පිටත කර්මාන්තශාලාවලින් 12 මෙලෙස සොයාගෙන තිබෙනවා.


Oct
13

රනිල් වික්‍රමසිංහ පාස්කු කොමිසම හමුවට

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අද තෙවෙනි දිනටත් පැමිණියා. වික්‍රමසිංහ මහතා පසුගිය 6 වැනිදා ද කොමිසම හමුවේ පෙනී සිටි අතර එහිදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ඔහු කළ ඉල්ලීමක් මත සාක්ෂි විමසීම අද දින දක්වා කල් තැබුණා. ඒ මහතා අද දින කොමිසම හමුවේ පෙනී සිටියේ ඒ […]


Oct
13

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 49 ක් වාර්තා වෙයි

Generic placeholder image

මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් නව ආසාදිතයින් 49 ක් මේ වන විට හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලින්32 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ සේවකයින්ගේ ආශ්‍රිතයින්ගේ 17 ක් ලෙස ඔවුන් තහවුරු කර ගෙන තිබෙනවා.


Oct
13

සුනාමි අනතුරු අැගවීමක් පිළිබද සංසරණය වන නිවේදනයක් නිසා මුහුදු අාශ්‍රිත ප්‍රදේශවල ජනතාව කැළෙඹයි – එවැනි කිසිදු අවදානමක් නොමැති බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

Generic placeholder image

ඉන්දියානු සාගරය තුළ හටගත් බව පැවසෙන භූචලනයක් පිළිබද තොරතුරු අැතුළත් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සම මුහුදු ප්‍රදේශ අාශ්‍රිත ජනතාව නොසන්සුන් වී අැතැයි වාර්තා වනවා. නමුත් එවැනි කිසිදු භූ චලනයක් සිදුව ෙනාමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ නිවේදනය අසත්‍යයක්  බවත් සියත කළ විමසීමකදී අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත […]


Oct
13

පොත් ප්‍රදර්ශනයට ගිය කොරෝනා ආසාදිතයෙක් පිලිබදව වාර්තා වෙයි

Generic placeholder image

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වන ගල්කිස්ස, බඩෝවිට පදිංචි පුද්ගලයෙක් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය නැරඹීමට ද ගොස් තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වෙනවා.


Oct
13

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නැයි පොලිස්පතිට උපදෙස්

Generic placeholder image

පාර්ලිෙම්න්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. එ්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සහ මහජන මුදල් අවභාවිත කරමින් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඡන්දය භාවිත කිරීම සදහා අවතැන් වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනාවලට අදාළවයි.


Oct
13

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ 07කටත් කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුටත් කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අයවළුන් වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආශ්‍රිත පොකුරෙන් මොවුන් හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post