අද පස්වරුව වනවිට කොරෝනා ෙෙවරසය අාසාදනය වූ පුද්ගලයින් ගණන 1346 ක් දක්වා ඉහළ ගියා. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ, මිනුවන්ගොඩ කොරෝනා ෙපාකුරේ තවත් 39 දෙනෙකු වාර්තා වී අැති බවයි. නිරෝධායන මධ්‍යස්ථානවල 25 දෙනෙකු සහ අැගලුම් කම්හල් ෙස්වකයින්ගේ සමීපතමයින් 14 දෙනෙකු ඒ් අතර වනවා. මේ අතර සමස්ත ආසාදිතයින් අතරින් වෛද්‍යවරු තිදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී […]
පසුගිය දින කිහිපිය තුළ මුහුදු ප්‍රදේශ කිහිපයක් අාශ්‍රිතව විශාල වශයෙන් කැස්බෑවුන් මියයාම පිළිබද පුවත් වාර්තා විය. ඒය කතා බහට ලක්වන්නේ, පසුගිය 4 වැනිදාට යෙදුණු ලෝක සත්ත්ව දිනයත් සමගයි. මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානය ලක් වූයේ මසකට පමණ ඉහතදී නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව දෙසටයි. ඊට හේතුව වූයේ, ඒම නැව ගිනි ගැනීමත් […]
කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. එම ආයතනයේ නිලධාරියෙකුගේ දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ලද අතර එම අදාල නිලධාරියාටද මෙම වෛරසය අසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. ඉන් පසු ඔහු ඇසුරු කල පුද්ගලයින් 12 දෙනෙක් හටද කරන ලද […]
මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 39ක් වාර්තා වී තිබෙනවා. ඒ මේ වන විට නිරෝධායනය සිදු කරන පුද්ගලයින් 25 දෙනෙකු හා මිනුවන්ගොඩ ඇගලුම් සේවකයින්ගේ සමීපතමයින් 14 දෙනකු ලෙසයි.
කොරෝනා ආසාදිතයින් ඉදිරි දින කිහිපය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවීමේ ප්රවනතාවයක් ඇති විය හැකි බව වාර්තා වෙනවා. විශේෂයෙන්මමිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද බොහෝ සේවකයින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වීම ද මෙයට විශාල බලපෑමක් එල්ල කරන බවයි පැවසෙන්නේ.
ආදිවාසී නායක උරුවලිගේ වන්නිලැ ඇත්තේ විසින් දඹානේ සංචාරයට එන සංචාරකයින් වෙත විශේෂ දැන්වීමක් සටහන් කර තිබෙනවා. ඒ පවතින තත්වය හමුවේ තමා සමග සෙල්ෆි ජායා රූප ගැනීමෙන් වලකින ලෙසටත් දඹානේ සංචාරය කිරීමේදී මුහුණු ආවරණ දැමීම අනිවාර්ය බවත් සදහන් කරමින්ය.
ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විගස කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිෙයා්ග කළා. ඒ, නෞකාව ගිනි ගැනීමට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි. ඒහිදී විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය 8 වැනිදා අධි චෝදනා ගොනු කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි […]
දුම්රිය මාර්ගයට විශාල ගල් දමා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රිය ඇල්ල ප්‍රදේශයේ බිංගෙයක් ආසන්නයේදී පෙරළීමට උත්සහ කල තරුණයෙකු පැන යමින් සිටියදී දුම්රිය මාර්ග මුර සංචාරයක නිරතවී සිටි සේවකයෙකු විසින් අල්ලාගෙන පොලීසියට භාර දී තිබෙනවා. 18 හැවිරිදි එම සැකකරු ඇල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන බවයි පැවසෙන්නේ..මෙම අනතුර සිදු කිරීමට තැත් කල අනෙක් […]
රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අැතුළු තිදෙනෙකුට ඒරෙහිව මහාධිකරණය හමුවේ පවරා අැති නඩුව විභාග කිරීමට දින නියමකර තිබෙනවා. ඒ් අනුව අදාළ නඩුව විභාගයට ගැනෙන්නේ, දෙසැම්බර් මස 11 වැනිදා සිටයි. මහාධිකරණය විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර අැත්තේ, රිය අනතුරට අදාළ ජීප් රථය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට, ඔහුගේ […]
රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියාට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙන අතර මේ හේතුවෙන්එම දරුවා ආශ්‍රය කල පුද්ගලයින්ට සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබෙන අතර ඊට අදාලව විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය ද තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
පවතින තත්වය හමුවේ විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරනවා.
උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වය හමුවේ සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකු් කරමින් පවසනවා. කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ප්‍රකාශ කළේ, මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විදිවිදාන යොදා ඇති බවයි. කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්වලට අදාළ සියලු කටයුතු සියලු ප්‍රාදේශීය […]