News Line| Off Air
Generic placeholder image

Aug
23

ලොව පුරා කොරෝනා මරණ ගණන ලක්ෂ 08 ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන ලක්ෂ 08 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. පැය 24 කදී ලොව පුරා කොරෝනා මරණ 5,900 ක් වාර්තා වන බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.


Aug
23

මිලියන 3කට අධික කොරෝනා ආසාදිතයන් පිරිසක් ඉන්දියාවෙන්

Generic placeholder image

ඉන්දියාවේ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන 03 ඉක්මවා ගොස් තිබෙන අතර ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 69,239 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,044,940ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව 56,706ක් ලෙස දැක්වෙනවා.


Aug
23

මහකනදරා වැව සිදෙයි – පැරණි මාර්ගයක් මතුවෙයි

Generic placeholder image

මහ කනදරා වැවේ ජල මට්ටම ඉතා දැඩි ලෙස පහල බැසිමකට ලක්ව තිබෙනවා. ඒ පවතින නියං තත්වය සැලකිල්ලට ගෙනයි. මේ හේතුවෙන් අනුරාධපුර – ත්‍රිකුණාමලය පැරණි මාර්ගය මතුව තිබෙනවා.


Aug
23

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, කෙන්යාවේ සහ කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 376 දෙනෙකු අද (23) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. කෙන්යාවේ සිට පුද්ගලයන් 83, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 35 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ තිබෙන අතර ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 239 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ […]


Aug
23

විද්වත් මණ්ඩලයක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

Generic placeholder image

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පසුගිය දා රැස්වූ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවූ අතර නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ කැබිනට් අනු කමිටුවක් ද පත් කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු කරුණු සහ 20 […]


Aug
23

ට්‍රම්ප්ගේ නියෝගයට එරෙහිව tik tok උසාවි යන්න සැරසෙයි

Generic placeholder image

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් සිය රට තුල tik tok තහනම් කිරීමේ නියෝගයට එරෙහිව එම සමාගම නීතියේ සහය පැතීම සදහා උසාවි යෑමට සුදානම් ව සිටින බව වාර්තා වෙනවා. ඒ ට්‍රම්ප් විසින් කරනු ලැබූ විධායක නියෝගයට එරෙහිවයි. නීතියේ ආධිපත්‍ය තුල ඇමෙරිකාවේ සිටින සිය tik tok පරිශීලකයින්ට සාධාරණයක් කිරීම මෙහි අරමුණ බවයි සමාගම වැඩි දුරටත් සදහන් කරන්නේ.


Aug
23

කොරෝනා ආසාදිත කාන්තාවක් මිය යයි

Generic placeholder image

අංගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. එම මිය ගිය කාන්තාව අධික දියවැඩියාව රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.


Aug
20

මහේලට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් ලෙස සඳහන්. ඒ අනුව නාමිකව උපදෙස් පමණක් ලබාදෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් […]


Aug
20

තවත් කොරෝනා ආසාදිතයින් 16ක්

Generic placeholder image

තවත් කොවිඩ්-19 රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මොවුන් චෙන්නායි නුවර සිට පැමිණ ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙරට කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142ක් වනවා.


Aug
20

ප්‍රතික්ෂේපිත දරුවන් බාරගැනීමට වැඩපිළිවෙලක්

Generic placeholder image

මවුපියන් විසින් ප්‍රතික්ෂේපිත අලුත උපන් බිළිඳුන් හෝ වයස අවුරුද්දට අඩු ළමයින් විවිධ ස්ථානයන්හි අතහැරදමා යාම වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ගෙන ඇති පියවරක් ලෙස ප්‍රතික්ෂේප කරන දරුවන් භාර ගැනීමේ කවුළු ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. පළාත් 9හි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව මෙම අවුළු ඇති කිරීමට එම අධිකාරිය විසින් සැලසුම් කර […]


Aug
20

Gmail සේවාවේ බිද වැටීමක්

Generic placeholder image

විද්‍යුත් තැපැල් අතර වඩාත් ජනප්‍රිය සේවාවක් වන Gmail සේවාවේ යම් තාකෂණික දෝෂයක් හටගෙන තිබෙන බව එම සේවා පරිශීලකයින් සදහන් කරනවා. මේ අනුව එය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කරන බවයි අදාල බලධාරීන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post