ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් ලෙස සඳහන්. ඒ අනුව නාමිකව උපදෙස් පමණක් ලබාදෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් […]
තවත් කොවිඩ්-19 රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මොවුන් චෙන්නායි නුවර සිට පැමිණ ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙරට කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142ක් වනවා.
මවුපියන් විසින් ප්‍රතික්ෂේපිත අලුත උපන් බිළිඳුන් හෝ වයස අවුරුද්දට අඩු ළමයින් විවිධ ස්ථානයන්හි අතහැරදමා යාම වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ගෙන ඇති පියවරක් ලෙස ප්‍රතික්ෂේප කරන දරුවන් භාර ගැනීමේ කවුළු ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. පළාත් 9හි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව මෙම අවුළු ඇති කිරීමට එම අධිකාරිය විසින් සැලසුම් කර […]
විද්‍යුත් තැපැල් අතර වඩාත් ජනප්‍රිය සේවාවක් වන Gmail සේවාවේ යම් තාකෂණික දෝෂයක් හටගෙන තිබෙන බව එම සේවා පරිශීලකයින් සදහන් කරනවා. මේ අනුව එය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කරන බවයි අදාල බලධාරීන් සදහන් කරන්නේ.
දෙහිවල ජාතික සත්ව උද්‍යානය එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යෑම සදහා යෝජනවක් ඉදිරිපත්ව තිබෙනවා. එම යෝජනාව පිලිබදව විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව දෙහිවල සත්ව උද්‍යානය පිළියන්දල කහපොළ ප්‍රදේශයට ගෙන යාම සදහායි මෙම යෝජනාව ඉදිරිපත්ව තිබෙන්නේ. සතුන් කූඩු කර ඇති කිරීම වෙනුවට නවීන ලෝකයට ගැලපෙන පරිදි සත්ව හිංසනයෙන් […]
නව වන පාර්ලිමේන්තුව අද සවස 03 දක්වා කල් තබා තිබෙනවා. මේ අනුව එම කාලය තුලදී හෙට දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු කතිකා කිරීම වෙනුවෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
09 වෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළි ගන්නා බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දී තිබෙනවා.
09 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හට තනතුරු හිමිව තිබෙනවා.
09 වන පාර්ලිමේන්තුවේ පළමු ( මංගල ) සභා වාරය මේ වන විට ආරම්භ කර තිබෙනවා. නවවන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා තේරී පත්ව තිබෙනවා.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ත්‍රිකුණාමලය, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
ආසියානු රටවල බොහෝ මිනිසුන් තමන්ගේ සමේ පැහැය වෙනස් කර ගැනීම වෙනුවෙන් බොහෝ දේවල් සිදු කිරීමට පෙළඹීම බහුලව දක්නට ලැබෙන කරුණක්. මෙය බොහෝවිට සමාජයට දිස්වන්නේ මෙම රටවල සිනමාකර්මන්තයෙනි. එනම් චිත්‍රපටයක රඟපෑමට පැහැපත් සමක් තිබිය යුතු බව පොදු මතයක් වී තිබීමෙනි. එමෙන්ම බොහෝ දැන්වීම් මගින් ප්‍රදර්ශනය වන පැහැපත් සමක් විශේෂයෙන් සුදු සමක් සහිත කාන්තාවන් තම සැමියා සමඟ […]