News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

ඇමෙරිකාවේ තවත් කළු ජාතිකයෙක් පොලීසියෙන් වෙඩි කයි

Generic placeholder image

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ පහරට ලක් වී බරපතල තුවාල ලැබූ ජෙකොබ් බ්ලේක් නමැති කළු ජාතික තාරුණයා මරණය සමග සටන් කරමින් සිටින බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරනවා. පොලිස් නිලධාරීන් වෙඩි තබා තිබුනේ නිරායුධ බ්ලේක්ගේ පිටටය. පිටේ තිබී උණ්ඩ 07 ක් ඉවත් කල බව රෝහල් ආරංචි උපුටා දක්වමින් ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා. […]


Aug
27

මන්ත්‍රී 225 දෙනාගේ කාර්ය මණ්ඩල වලට 1350 ක් බදවා ගනී

Generic placeholder image

නව වැනි පාර්ලිමේන්තුවේ තේරී පත් වුනු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගේ කාර්ය මණ්ඩල සදහා 1350 දෙනෙකු බදවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. මිට අදාල බදවා ගැනීම් දැනටමත් අරඹා ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා. පාර්ලිමේන්තුවට තේරීපත් වන සෑම මන්ත්‍රීවරයෙකුටම පෞද්ගලික කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යා හැකි වන පරිදි මන්ත්‍රීවරයෙකුගේ කාර්ය මණ්ඩලය සදහා නිලධාරීහු […]


Aug
27

නිකල් ගබඩාකරගන්නා සුපිරි ශාක

Generic placeholder image

ස්වාභාවිකවම නිකල් විශාල ප්‍රමාණයක් ඇති දුර්ලභ හා වටිනා ශාක ඉන්දුනීසියාවේ වනාන්තරවල සැඟවී ඇතැයි අතීතයේ සිටම ජනතාව අතර ප්‍රචලිත කතාවක් පවතිනවා. නමුත් ඒවා හරසුන් කතා ලෙස බැහැර කිරීමට වඩා ඒවා පිළිබඳව සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සිදු කල යුතුය. මීට වසර 16 කට පෙර ඉන්දුනීසියාවේ දුපතක පිහිටි කුඩා පතල් නගරයක් වන සෝරෝවාකෝ ගවේෂණ කණ්ඩායමක් විසින් ගවේෂණය කර […]


Aug
27

සිංහරාජය හරහා ඉදිවෙන මාර්ගයක් ගැන කියන කතාවේ සුල මුල මෙන්න

Generic placeholder image

මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබෙන සිංහරාජය හරහා ඉදිවෙන මාර්ගයක් ගැන කියවෙන කතාවේ එනම් නෙළුව – ලංකාගම – දෙනියාය මාර්ගය පිලිබදව කවුරුත් නොදත් කතාවක් කියන්නයි මේ හදන්නේ. ඒ පසුගියදා එම ලංකාගම ගම්වාසීන් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත මෙම මාර්ගය සංවර්ධනය කිරීමට ආරම්භ කළා. නමුත් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුවන […]


Aug
27

පුරාණ ඩයිනෝසෝර් ගස් බේරා ගැනීමේ සටන

Generic placeholder image

මෙය ලෝකයේ පැරණිතම හා දුර්ලභ ශාක වලින් එකක් වන අතර, එය වනයේ වැඩෙන එකම ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඉහළ ප්‍රදේශයේ පවතින රහසිගත වැසි වනාන්තර වනවා. 2019 දෙසැම්බර් 15 වන දින ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි නිල් කඳුකරයේ ගිනි නිවීමේ මෙහෙයුමක් වැරදී යාම මේ ගස් වලට හානි ගෙනදෙන ආසන්නතම සිදුවීම විය. අක්‍රමවත් බව හා තද සුළං මගින් පසුපසට ගිනි […]


Aug
27

පළමු ශ්‍රේණියේ සිසුන්ගේ නිල ඇඳුම් පිලිබදව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Generic placeholder image

රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඒ අනුව වලංගු කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කළ බවයි. මෙම තිළිණපත්වල වලංගු කාලය 2020 අගෝස්තු 31 දිනෙන් අවසන් වීමට නියමිතව […]


Aug
27

ගත වූ පැය 24 තුල ඉන්දියාවේ හදුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන 75 000 ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වූ නව ආසාදිතයින් ගණන ඉන්දියවේ ඊයේ දිනය තුල පමණක් 75 000 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 75,995ක් ලෙසයි. එමෙන්ම මේ හේතුවෙන් එරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,307,749 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ලොව පුරා හදුනාගෙන තිබෙන ආසාදිතයින් ගණන 24,332,275 ක්. ගෝලීය වාර්තා වන මරණ ගණන 828,714ක්.


Aug
27

නෙළුම් කුළුණත් රොබෝවරුන්ගෙන් වැඩ කරන්න සැරසෙයි

Generic placeholder image

නෙළුම් කුලුන පරිශ්‍රයේ වැඩ කටයුතු සඳහා දියසෙන් නමැති රොබෝ යන්ත්‍ර 15ක් යෙදවීමට කටයුතු සැලසුම් කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සදහන් කරනවා. මේ අනුව මෙම වැඩ සටහන ලබන වසරේ මුල සිට ආරම්භ කිරීමට හැකි වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ. දියසෙන් නමැති මෙම රොබෝ යන්ත්‍ර මෙරට නිෂ්පාදනයක් බවයි වාර්තා වන්නේ.


Aug
27

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බස්නාහිර , සබරගමුව, හා නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් පැ.කි.මි.40 – 50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද ගිඟුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර […]


Aug
26

ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත්කර දීමට කටයුතු කරන්න

Generic placeholder image

සියලුම ක්ෂේත්‍රවල වැඩ කුඩාම ස්ථානයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති නිසා එයට අනුව දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත්කර දීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකලේ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රාජ්‍යය අමාත්‍යංශ ලේකම්වරුන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවේදීය. රටේ ආර්ථික සංවර්ධනයට සහ ජනතා අභිවෘද්ධියට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍යය අමාත්‍යංශ […]


Aug
26

මහජන ගැලරිය තාවකාලිකව වසා දමයි

Generic placeholder image

නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් මහජන ගැලරිය නැවත විවෘත කෙරෙන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී දැනුම් දෙන බවත් වැඩිදුරටත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post