චීනයේ වුහාන් නගරයේ සිට ඉවත් කර ගන්නා ලද යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථ කිහිපයකට එරට ජනතාවගේ විරෝධය එල්ල වී තිබෙනවා. එම ජනතාව එම බස් රථ ගමන් ගන්නා මාර්ග වල ගිනි අවුළුවමින් එම රථවලට පහරදී තිබෙනවා. ඔවුන් සදහන් කරන්නේ සිය නගරය තුලද මේ හේතුවෙන් වෛරසය පැතිර යෑමේ අවධානමක් මතුව තිබෙන බවයි. කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපති […]
ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් ඊයේ(20) පස්වරු 4.30 සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලී සිටන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවා. වනජිවි නිලධාරින් ඊයේ දින සිට පැය 8ක රාජකාරිය අවසන් විමෙන් පසු කිසිදු රාජකාරියක් සිදු නොකරන බව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියා. රජයේ […]
20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව අද ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කාණ්ඩ දෙකක් යටතේ ඊට රටවල් 10 ක් සහභාගී වන අතර, සත්කාරක ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරගමාලාවට එක්වන්නේ ‘ඒ’ කාණ්ඩය යටතේයි. ‘බී’ කාණ්ඩය යටතේ දකුණූ අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, පකිස්ථානය සහ තායිලන්තය තරග වැදීමට නියමිතයි. වත්මන් ලෝක […]
පහසුකම් රැසක් සහිත පළමු වරට ස්මාර්ට් විදුලි මීටරයක් ලෙකෝ ආයතනය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ දැනට පවතින විදුලි මීටරය තුල විවිධ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා එල්ල වී තිබෙන නිසාවෙන්. ඒ හේතුවෙන් මෙම ආයතනය විසින් පහසුකම් රැසක් සහිත නව ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම නවීන තාක්ෂණය යටතේ නිපදවා ඇති ස්මාර්ට් විදුලි […]
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන අත්අඩංගුවට ගත් බාලසිංහ පේලිගේ සමන්ත හෙවත් ආමි සමන්ත නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. දිවුලපිටිය බඩල්ගම – කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ නිවසකදී සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර විසින් මෙම සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට […]
කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද වන විට මියගොස් ඇති පුද්ගලයන් ගණන 2244ක්. ඒ අනුව ගතවූ පැය 24 තුළදී මරණ 115ක් අලුතින් වාර්තා වී තිබෙනවා. මේ අතර ලොව පුරා වෛරසය ආසාදිතයන් ගණන හැත්තෑ හයදහස ඉක්මවන අතර නව කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙසින් සැලකෙන චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ දිනයේදී වාර්තාවූ මරණ 115ත් සමග අදාළ වෛසරයෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව […]
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාව 30/1 යෝජනාවට අනුකූලව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේදී යම් ප‍්‍රගතියක් ලබා ඇති බවට අදාලව යම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සුදානම් බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එම ප්‍රගතිය පිලිබදව වඩා අවධානයෙන් යුක්තව අධ්‍යනය කරන ලෙසත් එම […]
දඹුල්ල මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දරුවෙක් මිය ගොස් තිබෙන අතර බරපතල තුවාල ලැබූ කාන්තවක් රෝහලට ගෙනියන අතරතුර ජිවිතක්ෂයට පත්ව තිබෙනවා අද උදෑසන සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. දඹුල්ල, ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් […]
හින්දු බැතිමතුන්ගේ විශේෂ මංගල්‍යයක් වන මහාශිව රාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා. අද දිනයේ හින්දු බැතිමතුන් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන අතර රාත්‍රි සිට උපවාස සිදු කරමින් ඔවුන් විමෝක්ෂය අපේක්ෂා කරයි. එමෙන්ම ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ හින්දු බැතිමතුන් උපවාසය යෙදමින් ශීලය සමාදන් වී මෝහාන්දකාරය පරදා ප්‍රඥාව ජය ගැනීම සංකේතවත් කරමින් සමරන මහා ශීව […]
දිවයිනේ නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ යම් වැඩිවීමක් අද සවස් කාලයේ අපේක්ෂා කල හැකි බව කාලගුළණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 70 .80 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
ගින්නක් හේතුවෙන් ඇතිවු දුමාරය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව පොලීසිය පවසනවා. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්‍රදේශයේ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් ඇතිවු දුමාරය නිසා කොළඹ සිට කටුනායක දක්වා රථ වාහන ගමනා ගමනය සඳහා තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමීමට […]
අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී බදුල්ල – හාලිඇල විද්‍යා විදුහලේ සිසුන් සිව් දෙනෙකු ගෝමරන්කඩවල ප්‍රදේශයේදී දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 68 දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා ඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් තිබූ අතර, ඊට ගුරුවරුන් 7 දෙනෙකු ද එක්ව සිටි බව වාර්තා වනවා. පසුව […]