News Line| Off Air
Generic placeholder image

Feb
7

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Generic placeholder image

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පස්වරු 02.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව කථානායක කාර්යායලය සඳහන් කළා. එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා භාරදී ඇති දුරකථන සංවාද හඬපට ඇතුළත් සී.ඩී පටය මන්ත්‍රිවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්. මීට අමතරව පාර්ලිමේන්තුවේ ඉදිරි සභාවාර පැවැත්වීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමුකිරීමට නියමිත බව […]


Feb
7

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන්ට ශ්‍රී ලංකාවෙන් බ්ලැක් ටී පරිත්‍යාගයක්

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා ජනපති අතර ඊයේ (06) ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තේ තොගය පරිත්‍යාග කරනු ලැබුවා. දුෂ්කර අවස්ථාවේදි චීන රජයට හා ජනතාවට ශ්‍රි ලංකා […]


Feb
7

හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර මංගල්‍යය අද සහ හෙට

Generic placeholder image

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය අද සහ හෙට වීදි සංචාරය කිරීම සදහා සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නවකෝරළයේ ප‍්‍රධාන සංඝනායක ගලබොඩ ශී‍්‍ර ඥානේස්වර නාහිමියන්ගේ අනුශාසනය පරිදි මෙවර පෙරහර සංවිධානය වන්නේ 42 වන වරටයි. සැරියුත් මුගලක් මහ රහතන් වහන්සේලාගේ අගසව් පදවි සම්ප‍්‍රාප්තියත් තුණුරුවන් උදෙසා පවත්වන පූජෝපහාරයක් ලෙසත් පෙරහර මංගල්‍යය […]


Feb
7

රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ සභාපතිධූරය රවීන්ද්‍ර රණ්දෙණියට

Generic placeholder image

ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස පත්කර තිබෙනවා. උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදු කෙරුණා.


Feb
7

මහ වැසි ඇද හැලී ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවේ

Generic placeholder image

පසුගියදා ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ල කිරීමට සමත් වුණා. මෙම ලැව් ගිනි නිසාවෙන් මිනිස් ජිවිත හා වන සතුන් විශාල ප්‍රමාණයක් මිය ගියා. කෙසේ වෙතත් මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ඇතුළු ප්‍රාන්ත දෙකක ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි ඇඳහැලෙමින් තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම වර්ෂාවත් සමඟ සිඩ්නි ඇතුළු නගර කිහිපයකට ගංවතුර අවධානමක්ද මතුව […]


Feb
7

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩට 3 වන වරටත් සිතාසි

Generic placeholder image

2008/2009 කාලසීමාවේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට නඩුව අද කැඳවූ අවස්ථාවේදී 3 වන වරටත් සිතාසි නිකුත් කර තිබෙනවා. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව අද කැඳවූ අතර හිටපු නාවික හමුදාපතිවරයා අද දිනයේදීත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. වත්මන් නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා හරහා […]


Feb
7

අගමැති අද පළමු නිල සංචාරය සදහා ඉන්දියාවට

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් නිළ සංචාරය ලෙස අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ලබන 10 වනදා දක්වා ඉන්දියාවේ රැදී සිටින බවයි. ඉන්දීය අග‍්‍රාමා්‍යත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වනවා.සංචාරය තුළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා […]


Feb
7

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තවත් කොරෝනා රෝගීන් 41 ක් හමුවෙයි

Generic placeholder image

මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 3700 ක් සමග ජපානයේ රඳවා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නැමති නෞකාවෙන් තවත් කොරෝනා රෝගීන් 41 දෙනෙකු හමු වී තිබෙනවා. ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව ජපාන බලධාරීන් සඳහන් කළා. ඒ අනුව එම නෞකාවෙන් හමු වු නව කොරෝනා වෛරස ආසාධිතයින්ගේ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම නෞකාව ජපානයට පැමිණ ඇත්තේ […]


Feb
7

රංජන් අද කටහඩ පරීක්ෂාවකට

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා කටහඩ පරීක්ෂාවක් සදහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයක් මත මන්ත‍්‍රීවරයා රස පරීක්ෂක වරයා වෙත යොමු කරන බවයි. රන්ජන් රාමනායක මහතාට එරෙහි පැමිණිලි විභාගය අවසන් වරට කැදවුයේ පසුගිය 29 වදායි. ලබන 12 වනදා මන්ත‍්‍රීවරයා […]


Feb
7

වොල්බැකියා දෙවනදා මුදා හැරේ

Generic placeholder image

ඩෙංගු මර්දනය සදහා නව බැක්ටීරියා විශේෂයක් හදුන්වා දීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.එම බැක්ටීරියා විශේෂය ලබන දෙවනදා හදුන්වාදීමට නියමිතයි. මෙම බැක්ටීරියාව හදුන්වනු ලබන්නේ වොල්බැකියා නමින්. ඕස්ටේ‍්‍රලියාවේ මොනෑස් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදු කල පර්යේෂණයකින් පසු එරට දී එය සාර්ථකව අත්හදා බලා තිබෙනවා. මෙම බැක්ටීරියාව දැනට භාවිතයට ගන්නා රටවල් ගණන 12 ක්. ඒ […]


Feb
7

නවසීලන්තය පරදා බංග්ලාදේශය පළමු වරට 19 න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයට

Generic placeholder image

වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පළමුවරට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. නවසීලන්ත 19න් පහළ කණ්ඩායම පරදවා ජය ගනිමින්. වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන ඉරිදා දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Feb
7

එස් ටී එෆ් නව අණ දෙන නිළධාරීයා පත් කෙරේ

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, අදාළ තනතුර සඳහා පොලිස්පතිවරයා විසින් යෝජනා කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ නම් සළකා බැලීමෙන් අනතුරුවයි. නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණදෙන නිලධාරියායි. 1985 වසරේ ජනවාරි මස 20 වැනිදා උප […]


News Articles
Latest Videos
Most Popular Post