News Line| Off Air
Generic placeholder image

Nov
25

දිවයින පුරා අදත් තද වර්ෂාපතනයක්

Generic placeholder image

අද දිවයින පුරා තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වලත් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් බොහෝ ප්‍රදේශ වලත් මි.මී. 75 – 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


Nov
24

කොළඹ කොටුව – මහනුවරට නව දුම්රියක් හෙට සිට

Generic placeholder image

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මහනුවර සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් හෙට සිට ධාවනයට එක් කරන බවයි. නව දුම්රිය කොළඹ කොටුව සිට මහ නුවර බලා ගමන් ආරම්භ කරන්නේ පස්වරු 5.20 ටයි.


Nov
24

ජනපති ජාතිය අමතා කල ප්‍රකාශයට ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය සිය ප්‍රණාමය පළ කරයි

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශයෙදී සදහන් කලේ අපේ රටේ ස්වාධිපත්‍ය හා ඒකීය රාජ්‍යත්වයට ගෞරව කරන ලෙසත් අපගේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය යළිත් පිහිටුවන ලද බවට සහතිකයක් බවයි ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ එම ප්‍රකාශයට සිය ප්‍රණාමය […]


Nov
24

විරෝධතාවයන් නිහඩ කරමින් හොංකොං දිස්ත්‍රික් ඡන්දය විමසීම ඇරඹේ

Generic placeholder image

පසුගිය කාලය පුරා පැවැති හොංකොං රාජ්‍ය විරෝධතා ව්‍යාපාරය මේ වන විට යම් නිහඬතාවයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ එරට දිස්ත්‍රික් ඡන්ද විමසීම ආරම්භ වී ඇති නිසයි. විශේෂයෙන්ම මැතිවරණය හේතුවෙන් උද්ඝෝෂණ හෝ ප්‍රචණ්ඩකාරීක්‍රියා වාර්තා වුවහොත් ඡන්දය අවලංගු කරන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග විරෝධතාකරුවන් මෙලෙස සිය විරෝධතාවයන් නවතා තිබෙනවා.


Nov
24

පොදු ජන පෙරමුණේ නිවිතිගල අයවැය එජාප සහයත් සමග දිනයි

Generic placeholder image

පොදු ජන පෙරමුණ බලය හිමිව තිබෙන නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ අයවැය ඉකුත්දා ඉදිරිපත් කෙරුණු අතර එම අයවැය සම්මත කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ සහයද හිමිව තිබෙනවා. ඒ අනුව එජාපයේ සභිකයන් 07 දෙනකුගේ සහයද හිමිව තිබෙනවා.


Nov
24

නව කථානායකධුරය වාසුදේවටද?

Generic placeholder image

නව කථානායකධුරය සදහා ආණ්ඩු පක්ෂයේ නායකයින් විසින් වාසුදේව නානායක්කාර මහතාගේ නම යෝජනා කර ඇති බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මහතා සදහන් කරන්නේ ඒ සදහා තම නම යෝජනාවි ඇති බවට දැනගන්නට ලැබි ඇති බවයි.


Nov
24

රුවන්වැලි මහ සෑ රඳුන්ට රන් පාදම සහිත චූඩා මාණික්‍යය පැළදවීමේ පුණ්‍ය මහෝත්සවය හෙට

Generic placeholder image

අනුරාධපුර රුවන්වැලි මහ සෑ රඳුන්ගේ කොත්වහන්සේට රන් පාදම සහිත චූඩා මාණික්‍යය පැළදවීමේ මහෝත්සවය හෙට දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේත් චූඩා මාණික්‍ය වන්දනා කිරීමේ අවස්ථාව සැඳැහැවතුන්ට හිමිවෙනවා.


Nov
24

එජාපයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් දැඩි තීරණයක් ගැනීමට සුදානමින්

Generic placeholder image

ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා සදහන් කරනවා. මන්තී‍්‍රවරු බහුතරයක් සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂ නායක ධූරයට පත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා නොදුනහොත් එජාප ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඉදිරි මහ […]


Nov
24

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් එගොඩවෙලේ මහතා පත් කෙරේ

Generic placeholder image

විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබෙනවා. ඒ මහතා මිට පෙර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කර තිබෙන අතර සීමාසහිත රක්නා ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද වසර 33 කාලයක් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සේවය කල අයෙකි.


Nov
24

රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

Generic placeholder image

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරන ආකාරයට අද දිනයේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරිමක් හේතුවෙන් ජාඇල සහ වත්තල කටුනායක – සීදුව, ජා ඇළ යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල – මාබෝල , වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශ කිහිපයකට පැය […]


Nov
24

අදත් සවසට තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම නැගෙනහිර, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි වාර්තා වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම […]


Nov
23

ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් රටවල් 120 ක රූමතියන් ලන්ඩනයට පැමිණෙයි

Generic placeholder image

2019 ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් තරග වදින රූමතියන් සියලු දෙනා එංගලන්තයේ ලන්ඩන් අගනුවරට පැමිණ තිබෙනවා. එම අවස්ථාවට පසුගිය වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි මෙක්සිකෝ රූමතිය ද එක්ව සිටියා. 2019 ලෝක රූ රැජිණ උළෙල එළඹෙන දෙසැම්බර් 14 වැනිදා ලන්ඩනයේ පැවැත්වීමට නියමිතයි. ලන්ඩනයේ හදවත බඳු ටවර් පාලම ඉදිරිපිටදී ඔවුන් සමූහ ඡායාරූපයකට පෙනී සිට ඇති […]


News Articles
Latest Videos
Most Popular Post