රෑ දහයයි ගී දහයයි තුළින් ශී‍්‍ර ලංකාවේ ජයපි‍්‍රයම පුද්ගලයන්ගේ ජීවිතය හා බැදුනු ඔවුන් ආස කරන ගීත දහය ගැන දැනගන්න ඒවාට සවන් දෙන්න සියත 24 හරහා දැන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ජනපි‍්‍රය ගායන ශිල්පී දනිත් ශී‍්‍ර සමග රෑ දහයයි ගී දහයයි වැඩසටහන. Click Here
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පසුගිය සමයේ සිදුවූ ඝාතන සහ කප්පම් සිද්ධීන් කිහිපයකට අදාළ නඩු කිහිපයක් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
කොංගෝවේ සිදුවු ගුවන් අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව එරට බළධාරීන් පවසනවා. අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ ගමන් කළ මඟින් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. මිය ගිය සෙසු පුද්ගලයින් යානය අනතුරට ලක්වී කඩා වැටුණු ස්ථානයේ සිටි පිරිසක් වන බව කොංගෝ බළධාරීන් පවසනවා. අනතුරට හේතුව මෙතෙක් […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ . ඒ අනුව මෙම නිවේදනය අද දින අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබි තිබූ අතර, මේ වනවිට එම නාම ලේඛන […]
සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණෙන් රට පුරා පාරිසරික ආරක්ෂණ ක්‍රමවේදය යලි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලිස් පාරිසරික කොට්ටාසයත්, පොලිස් පාරිසරික දිසාවත් යලි ප්‍රතිසංධානය කරමින් මෙම ක්‍රමවේදය සදහා අවස්තාව ලබා දී තිබෙනවා.
ඊයේ පස්වරුවේ අහුන්ගල්ල-බලපිටිය ප්‍රදේශයේ දී ෆේස්බුක් සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තරුණියන් 03 දෙනකුද ඒ අතර වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර අවුරුදු 17 – 30ත් අතර වයසේ පසුවන්නන් බවයි පොලිසිය සදහන් කරන්නේ. සැකකරුවන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට […]
යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් දැක්වීමක් ලෙස මෙම තීරණය ගෙන කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ අගමැති ඇතුළුව 16 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් තාවකාලිකව පත්කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව නව ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙයයි.
හැටන් ප්‍රදේශයේ නොර්වුඩ් නගරයේ වෙලදසැල් කිහිපයක අද උදැසන ගින්නක් හටගෙන තිබෙනවා. ගෑස් අලෙවි කරන වෙලදසැලකින් ගින්න හටගෙන තිබෙන අතර ඒ අසල වෙලදසැල් පෙළකටද මෙම ගින්න පැතිර ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ. මෙම ගින්නෙන් වෙලදසැල් 02 ක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර අනෙක් වෙළෙදසැලට බොහෝ හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ජිවිත හානි කිසිවක් සිදු […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් අමාත්‍යධුරයේ වැඩභාර ගැනීමට නියමිතව තිබෙනවා. පසුගියදා නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අතර ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විෂයන් හා අදාල අමාත්‍යංශ වුයේ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන ,ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව වාර්තා වෙනවා. මෙම රැස්වීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී මැතිවරණය සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම කොමිෂමේ ඉදිරි ගමන ගැනද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
ඓතිහාසික රුවන්වැලි මහාසෑ රදුන්ට රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය පැළඳවීම අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද දහවල් 12.00ට චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය කිරිමේ කටයුතු අවසන් කෙරෙන අතර අනතුරුවයි මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ.