ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් නව චූඩාමාණික්‍ය ඊයේ පස්වරුවේ සෑරදුන්ගේ කොත් වහන්සේට පැළඳවීම සිදු කරනු ලැබුවා. ඒ අනුව අද මෙම චූඩා මාණික්‍ය පැළඳවූ කොත නිරාවරණය කිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද පැවැත්වෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ , ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා,වැඩබලන පොලිස්පතිවරයා, ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙයට අද සහභාගී විමට නියමිතව තිබෙනවා.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර ඒ පිලිබදව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉදිරි පැය කිහිපය තුළ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු තීරය අවධානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වලකින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති (Abdul Nasser Al-Harthy) මහතා ඇතුළු දූත පිරිස අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. මෙහිදි සෞදී අරාබියානු රජය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශීංසන පිළිගැන්වූ තානාපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වී තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද දිනයේ සිය අමාත්‍යාංශ වල රාජකාරි ආරම්භ කළා. ඉදිරියේදී ගෙන එන නව පනතක් මගින් රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් කියා සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා සිය […]
සීතල වෙලාවක කෝපි එකක් බොන්න අපි හැම කෙනෙක්ම කැමතියි. කෝපි කියන්නේ කවුරුත් පි‍්‍රය කරන රසවත් පානයක් කියලා හදුවන්න පුළුවන්. ඒ වගේම කෝපි පානයෙන් ලැබෙන වාසිත් බොහොමයක් තියෙනවා. කෝපි වල ප්‍රතිඔක්සිකාරකයන් හා සිරුරට හිතකර පෝෂක වර්ග අන්තර්ගත වනවා. ඒ වගේම කෝපි වල කාබනික සංයෝගයන් මෙන්ම vitamin B, riboflavin, pantothenic පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස්, නියසීන් හා කැෆේනුත් අඩංගුයි. […]
ප්‍රධාන නෞකා මාර්ග රැසක් ආසන්නයේ පිහිටි ක්‍රමෝපාය අතින් මෙන්ම ආර්ථික වශයෙන් අතිශය වැදගත් හම්බන්තොට වරාය 99 වසර බද්දට චීනයට ලබාදීම පසුගිය රජය සිදුකර ඇති වැරැද්දක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව විදෙස් මාධ්‍යයකට ලබාදුන් ප්‍රථම සාකච්ඡාව ලෙස ඉන්දීය එස්.එන්.අයි. ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා […]
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරාහල්ටන් මහත්මිය (Sarah Hulton) අද (25)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. මෙහිදී මහකොමසාරිස්වරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් සිය සුභාශීංසන පළකරමින් සුහද කතාබහක නිරත වී තිබෙනවා. නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ටොම් බර්න් (Tom Burn) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.
සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දේශන පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට දෙසැම්බර් මස 12 වන දින දක්වා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එම කාලය තුළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ ඒවා ළඟ තබාගැනීම සම්පූර්ණයෙන් තහනම් වනව. යම් […]
දකුණු ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත් රංගනයෙන් දායක වන ‘ඩර්බර්’ චිත්‍රපටය 2020 ජනවාරි 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා. ඒ අතර ජනප්‍රිය නළු ධනුෂ්ගේ ‘පට්ටාස්’ චිත්‍රපටයද ලබන වසරේ ජනවාරි 15 වැනිදා දිනම තිරගත කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසනවා. මෙම චිත්‍රපට දෙකම ‘පොංගල්’ දිනය නිමිත්තෙන් එකම දින ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති […]
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගිරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකියි. ඒ අනුව සුළං සහ අකුණු අනතුරු වළක්වා ගැනීමට විමසිලිමත් […]