News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

පොලිස් නිල සුනඛ බලඇණිය ශක්තිමත් කිරීමට පියවර

Generic placeholder image

පොලිස් නිල සුනඛ බලඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ජනතාවගේ සහයෝග ද අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා පොලීසියේ නිල සුනඛ අංශයේ පුහුණුකළ නිල සුනඛයින් 40ක් රාජකාරී සඳහා යොමුකිරීම ඊයේ (25) මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදුවුණා.


Nov
26

අගමැතිගේ නිල නිවසේ පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින්ගේ හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ හමුවක් මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වෙනවා. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බව සඳහන්. රජයේ අමාත්‍යාංශ පිළිබඳව සහ ලබන 3 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගෙන් කළ විමසීමකදී ඔහු […]


Nov
26

කැලිකසල එකතු කරන වේලාව වෙනස් වෙයි

Generic placeholder image

පවිත්‍ර කිරීම් සහ කැලිකසල එකතු කිරීම සිදුකරන වේලාවන් සංශෝධනය කරන බව කොළඹ මහ නගර සභාව තීරණය කර තිඛෙනවා. පවිත්‍ර කිරීම් සහ කැලිකසල එකතු කිරීම තවදුරටත් විධිමත් කිරීම සදහා මෙම පියවර ගත් බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පැවසුවා. ඒ අනුව නිවෙස්වලින් කසල එකතු කිරීමේ කටයුතු පෙරවරු 6.30ට ආරම්භ කෙරෙන අතර මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු අලුයම […]


Nov
26

මාලි රාජ්‍යයේ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු මරුට

Generic placeholder image

මාලි රාජ්‍යයේ ජිහාද් සටන්කාමීන්ට එරෙහි මෙහෙයුමක් අතරතුර සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම අනතුරින් හමුදා නිලධාරීන් 12 දෙනෙකු සහ කෝප්‍රල්වරයෙකු මිය යන්නට ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රංශ ජනාධිපති විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා.


Nov
26

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයඳුම්කරුවන්ට දැනුම්දීමක්

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987 ක දෙසැම්බර් මස 2 වන දින ආරම්භ කිරීමට නියමිතයි. විභාගය දෙසැම්බර් මස 12 වන දින තෙක් පැවැත් වෙනු ඇති. එම විභාගයට පෙනී සිටින පෞද්ගලික අයඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් මගින් යවා තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයඳුම්කරුවන් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් […]


Nov
26

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම හෙට උදෑසන 9 ට

Generic placeholder image

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් හෙට උදෑසන 9 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.


Nov
26

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් නව පාසල් වාරය ආරම්භයේදී

Generic placeholder image

ලබන වසර සඳහා පාසල් නිල ඇඳුම්, නව පාසල් වාරය ආරම්භයේදීම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා ප්‍රකාශ කළා.


Nov
26

තුන්වන පාසල් වාරය මේ මස 29 වනදා අවසන්

Generic placeholder image

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තුන්වන පාසල් වාරය මේ මස 29 වන සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා. ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දුන්නා. අප්‍රේල් මස 6 වනදා 2020 වසරේ පළමු පාසල් වාරය අවසන් කිරීමට […]


Nov
26

අල්බේනියාවේ භූ කම්පනයක්

Generic placeholder image

අල්බේනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක හයයි දශම හතරක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. භූ කම්පන තත්ත්වය හේතුවෙන් ගොඩනැඟිලි රැසක් කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඇල්බේනියාවේ ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්න‌ේ භූ කම්පනය සිදුවන අවස්ථාවේදී ගොඩනැගිල්ලකින් පැනීමට උත්සාහ […]


Nov
26

නව රජයේ පළමු කැබිනට් රැස්වීම හෙට

Generic placeholder image

නව රජය පත් වීමෙන් අනතුරුව පවත්වන ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසුවා. මහ මැතිවරණය පවත්වන තෙක් 16 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් ජනපති ගෝඨාභය […]


Nov
26

නාමල්ට රට යන්න අවසර

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදලි විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස 10 වනදා දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතා විසින් […]


Nov
26

බස්නාහිර පළාතේ විදුලි සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝගයක්

Generic placeholder image

බස්නාහිර පළාතේ මාර්ග දෙපස පිහිටි විදුලි සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් අද පස්වරුව වන විට ඉවත් කරන ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත නියෝග කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන සිට එම බැනර් සහ කටවුට් කම්කරුවන් ලවා ඉවත් කිරීම සිදුවන බව පොලිස් පරිසර කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු […]


News Articles
Latest Videos
Most Popular Post