උතුරේ මහවිරු සැමරුම් පැවැත්වීමට යාපනය සරසවි සිසුන් සුදානම් වන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල පාලක සභාව පවසන්නේ කිසිදු ආකාරයකට මහා විරු සැමරුමක් සිදු නොකරන ලෙසට ඊයේ දිනයේ යාපනය සරසවි සිසුන්ට දැනුම් දුන් බවයි. සෑම වසරකම මෙලෙස මහවිරු සැමරුම් සිදු කරන බව පැවසෙන අතර සංකර් නමැති එල්.ටී.ටී.ඊ සාමාජිකයා මියයාම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් […]
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයදුම්පතක් විභාගයට කොළඹ මහාධිකරණය නියම කළා. පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සැකපිට […]
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරනවා. විපක්ෂනායකවරයා පත්කිරීමේදී මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් ඔහු පවසයි. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස කටයුතු කරනු කරනු ඇති බවටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන කථානායකවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව […]
බොලිවුඩ් පුරවරයේ සිටින අතිශය ආදරණීය මෙන්ම ජනප්‍රිය යුවළක් වන කාජල් හා අජේ දේව්ගන් එකට රංගනයේ යෙදෙන චිත්‍රපටයක් එළඹෙන වසරේ තිරගත වීමට නියමිතව තිබෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ වසර 11 කට පමණ පසුව මෙම යුවළ එක චිත්‍රපටයක් සඳහා පෙනී සිටීමයි. ඒ ඕම් රවුත් විසින් අධ්‍යක්ෂණය කරන ‘ටන්හාජි ’චිත්‍රපටය තුළිනි. අවසන් වරට කාජල් හා අජේ දේව්ගන් චිත්‍රපටයක […]
අමෙරිකාවේ වොෂිංටන් නුවර ධවල මන්දිරය හදිසියේ වසා දැමීමට කටයුතු කරනු ලැබුවා. මිට හේතුව කුමක්දැයි දැඩි කතා බහට ලක්ව තිබෙනවා. කුරුළු රෑනක් ධවල මන්දිරයට ඉහල අහසේ පියාඹා යෑමක් දැයි මතයක් ඉදිරිපත්ව තිබෙනවා. එම සිදුවීම රේඩාර් පද්ධතියේ සටහන් වීමත් සිදුව තිබෙන බවටයි සක පල කරන්නේ. කෙසේවෙතත් රේඩාර් පද්ධතිවලින් මෙය නිරික්ෂා වීම නිසා ධවල මන්දිරය වසා දැමීමට බලධාරීන් […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් අතර හමුවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවෙසදීය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද ජනපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට දිවුරුම් දෙනු ලබනවා. ඒ අනුව දිවුරුම් දෙන අමාත්‍යවරුන් අතර මෙසේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් වන්නේ, ආරක්‍ෂක – චමල් රාජපක්ෂ ජල සම්පාදන පහසුකම් – වාසුදේ්ව නානායක්කාර නාගරික සංවර්ධන – ගාමිණි ලොකුගේ වාරිමාර්ග හා ග‍්‍රාමීය – මහින්ද යාපා අබේවර්ධන ඉඩම් හා ඉඩම් […]
කල්පිටිය ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අළුයම කාලයේදීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මයි.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට අද විශේෂ සාකච්ඡාවක් සදහා පක්ෂ මූලස්ථානයට කැදවා තිබෙනවා. පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ද සියලු මන්තී‍්‍රවරුන් දැනුවත් කිරීම මෙහිදී සිදුවන බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම පක්ෂයේ ඉදිරි ගමන ගැන මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැත්වෙනවා. පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු 16 දෙනෙකු දිවුරුම් දුන්නා.
දිවයින පුරා අද සවස් කාලයේ තද වැසි ඇති විය හානි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එමෙන්ම ඌව සහ උතුරු මැද පළාත්වල මි.මී 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]
හඳුනානොගත් ගුවන් යානයක් වොෂිංටන් ගුවන් කළාපයට ඇතුල්වීමේ සිද්ධියක් සමඟ හදිසියේම ධවල මන්දිරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිටත් එරට ආරක්ෂක අංශ විසින් මෙම ගුවන් යානය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.