ඉන්දියාවේ දිල්ලි නගරය තුලට වායු දුෂණය වීමෙන් පසු එරට තුළ ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. එම ආයතනයට ගොස් පුද්ගලයන්ට නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට අවස්ථාව ලබා ගත හැකි අතර විනාඩි 15ක කාලයක් සඳහා ඉන්දීය රුපියල් 300ක් හෙවත් […]
අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මේ වනවිට සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිමල් සිරිපාල එම අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම පරිසර සහ වනජිවි සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්.එම්.චන්ද්‍රසේන, මගී ප්‍රවාහන […]
ජනප්‍රිය ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් ග්‍රාහකයන්ගේ පළ කිරීම්වලට ලැබෙන ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක් ප්‍රථම වරට ඊයේ සිට ක්‍රියාත්මක වනවා. වසර 13ක් පැරණි, ක්‍රියාකාරී ග්‍රාහකයන් මිලියන 321 ඉක්ම වන ට්විටර් හි ප්‍රතිචාර ඉවත් කිරීමේ හැකියාවක් මෙතෙක් පැවතුණේ නැහැ. එහි ඇතැම් පළ කිරීම්වලට අපහාසාත්මක, පීඩාකාරී ප්‍රතිචාර ලැබීම හේතුවෙන් මෙම අවස්ථාව ලබාදීමට එම සමාජ මාධ්‍ය ජාලය […]
ප්‍රංශයේ අධිකරණයක් මගින් අපූරු නඩු තීන්දුවක් ලබාදී තිබෙනවා. අදාළ නඩුවේ ජයග්‍රහණය හිමිව ඇත්ත් තාරාවන් පිරිසකටයි. ප්‍රංශයේ කුඩා නගරයක් වන ඩැක්ස් හි පිහිටි එක් ගොවිපොලක ශබ්දය තමන්ට මහත් හිසරදයක් බවට පවසමින් අසල්වැසියන් අධිකරණය වෙත යොමුව තිබෙනවා. එහිදී තාරාවුන් හඩ නැගීම වහා නවත්වා දමන ලෙස පැමිණිලි පාර්ශ්ව අධිකරණය හමුවේ ඉල්ලා සිටියා. නගරයේ සිට ගම්බද ප්‍රදේශය වෙත පැමිණි […]
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය අධික වීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතිි බව ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසනවා.මේ දිනවල වැඩි වශයෙන් පහතරට එළවළු වර්ග ලැබෙන බව බව ගොවීන් සඳහන් කළා. පසුගිය දින තුනක කාලයක සිට රුපියල් 20 සිට රුපියල් 40 දක්වා මිලකට බෝංචි මිල පහත වැටීමත් සමඟ සමස්ත එළවළු […]
ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටි අතර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කරනු ලැබුවේ ද තමා බව පැවසු […]
කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ ජල නළ පද්ධතියේ සිදුකෙරෙන අලූත්වැඩියාවක් හේතුවෙන් අනිද්දා පෙරවරු 8 සිට පැය 24ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කටුනායක – සීදුව, ජාඇල නගර සභාව, වත්තල – මාබෝල නගර සභාවේ කොටසක් වන මාබෝල ප්‍රදේශයටයි. එමෙන්ම, ජාඇල […]
2019 වර්ෂයට අදාළව ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මත පවත්වනු ලැබූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අවසන් ප්‍රතිඵල අද(22) නිකුත් කළ අතර එම ප්‍රතිඵල www.slbfe.lk යන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි අතර මෙම විභාගය 2019 මැයි 28 දින ආරම්භ වූ අතර, එය 2019 ඔක්තෝම්බර් 08 දින දක්වා නිශ්පාදන, ඉදිකිරීම් හා […]
නාවික හමුදාව විසින් මන්නාරම, වංකාලේ වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ට්‍රහිබෙනවා. ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර දී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිටි මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති […]
දුම්රිය කිහිපයක් ධාවනය කරන වේලාවන් සංශෝධනය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් දරුවන්ගේ පහසුව සඳහා එම පියවර ගත් බවයි. ඒ අනුව, පස්වරු 1.40ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය කරන දුම්රිය පස්වරු 1.25 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ඇති අතර එමෙන්ම පස්වරු 1.45 ට කොටුව සිට පොල්ගහවෙල දක්වා නව දුම්රියක් ධාවනයට එක් කිරීමට […]
කැලෑවක පිපී තිබූ විෂ හතු (බිම්මල්) වර්ගයක් ආහාරයට ගත් එකම පවුලක කාන්තාවක් ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්ව අද (22) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69 ක කාන්තාවක් හා අවුරුදු 75 සහ 45 වයස්වල පසුවන එකම පවුලක සාමාජික පිරිසක්. කැලෑවේ පිපී තිබිය […]
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම 2020 වසරේ මාර්තු 03 වැනිදා දක්වා ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. ලලිත් වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.