News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

ඩෙංගුවලින් බේරීමට නම්,

Generic placeholder image

මෙම කාලවකවානුව වන විට ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කරනවා. ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වෛරසයන් ක්‍රියා කරයි. ජනවාරි මාසයේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4300කට අධිකයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා […]


Feb
14

හොඳ සෞඛ්‍යයකට වගේම රුව වඩවන බෙහෙත් නෙල්ලි

Generic placeholder image

ව්‍යවහාරයේදී බෙහෙත් නෙල්ලි යනුවෙන් හැඳින්වෙන නෙල්ලි ඉතාම ගුණදායක පළතුරක්. තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රසයන්ගෙන් සමන්විතයි. නෙල්ලි ආසියාවට ආවේණික ගසක් වන අතර එය පෝෂ්‍ය පදාර්ථවලින් පිරී ඇත. රස පහකින් යුතු රසයක් ඇති අතර සුවිශේෂී සුගන්ධයක් ඇත. නෙල්ලි යුෂ නිතිපතා පරිභෝජනය කිරීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කළ හැකිය. ආයුර්වේදයට අනුව, නෙල්ලි යුෂ මගින් සමේ පෙනුම […]


Feb
14

නිෂ්පාදන වර්ග කිහිපයක් තහනම් කෙරේ

Generic placeholder image

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීම සඳහා එ​ම වර්ග කිහිපයක් රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය ජුනි මස 01 වනදා සිට තහනම් කිරීමට අදාළව පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීමට අදාළව විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ […]


Feb
14

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

Generic placeholder image

ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද දිනයේ පැමිණීමට නියමිත අයඳුම්කරුවන් අනිද්දා (15) පැමිණෙන ලෙසත් අනෙකුත් පිරිස්ද වේලාවන් වෙන්කරගත් දිනට පසුදින පැමිණෙන ලෙසත් සිකුරාදා (17) දිනයේ වේලාවන් වෙන්කරගත් පිරිස් සඳහා සෙනසුරාදා දිනයේ ගමන් බලපත්‍ර ලබාගත හැකි බවයි ඔහු සඳහන් කළේ. ඊයේ (13) දිනයේ අයදුම්පත් භාරගත් සියලු දෙනා සඳහා අද (14) දහවල් 12.00 න් ​පසු ගමන් බලපත්‍ර නිකුත් […]


Feb
10

සුමති සම්මාන රාත්‍රියේදී සියතට සම්මාන

Generic placeholder image

පුංචි තිරයේ මහා කලා මංගල්‍ය සුමති සම්මාන උළෙල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. දෙදහස් විස්ස සහ දෙදහස් විසි එක යන වසර දෙකට අදාළ නිර්මාණ මෙහිදී ඇගයීමට ලක් වුණා. රූපවාහිනී නිර්මාණකරණයේ සැබෑ දක්ෂයින් අගයමින් පැවති මෙම සම්මාන රාත්‍රීයේදී සියත tvත් සම්මානයට පාත්‍ර වුණා. එහිදී දෙදහස් විසි එක වසරේ හොඳම ළමා වැඩසටහනට හිමි සම්මානය දිනා […]


Feb
10

ෂේන් වෝන්ගේ අවසන් කැමති පත්‍රය

Generic placeholder image

දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඔහුගේ වත්කම් ඥාතීන් අතරේ බෙදා දෙන ආකාරය ද එහි සඳහන්ව තිබෙනවා. මෙහිදී සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත අනුව ඔහුට අයත් ඉඩම් වත්කම් දරුවන් තිදෙනා අතරේ බෙදා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 20.7ක් වටිනා ඉඩම් වත්කම් ඔහුගේ දරුවන් […]


Feb
9

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අවස්ථාවක්

Generic placeholder image

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම වෙනුවෙන් වන තරග විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකියි.


Feb
9

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවයි

Generic placeholder image

තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ගොස් තිබෙනවා. කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.


Feb
8

තුර්කියේ සුන්බුන් අතරේ ඉපදුණු බිළිඳා

Generic placeholder image

තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් කඩා වැටුණු වයඹ දිග සිරියාවේ ගොඩනැගිල්ලක සුන් බුන් අතර සිරවී සිටි ගැබිණි මවක් බිළිඳියක් ප්‍රසුත කර ඇති අතර එම බිලිඳියගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබෙනවා. දරු ප්‍රසුතියෙන් පසු මව ජිවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Feb
8

භූ කම්පනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 8000ට ආසන්නයි

Generic placeholder image

තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 8000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා තවදුරටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.


Feb
7

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය පිරිස 4300 ඉක්මවයි

Generic placeholder image

දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 4300 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සංඛ්‍යාව තවත් බොහෝ දුරට ඉහළ යාමට ඉඩ ඇති බව වාර්තා වනවා. මෙය මෑත කාලයේ තුර්කියෙන් වාර්තා වූ විශාලතම භූ කම්පනයයි.


Feb
7

අද කාලගුණ නිවේදනය

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වලත් විටින්විට වැසි ඇතිවේ. උතුරුමැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් […]


News Articles
Latest Videos
Most Popular Post