ලොව පුරා කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනයේ පමණක් ලොව පුරා රටවලින් නව කොරෝනා ආසාදිතයන් 5 97,114ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව ගෝලීයව වාර්තා වන කොවිඩ් ආසාදතයින් සංඛ්‍යාව 200,301,683 ලෙස ඉහල ගොස් තිබෙනවා. වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගැබට පැමිණි තිබෙනවා.
නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ කොවිඩ් ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙකුගේ නිවසේ රාජකාරි සිදු කිරීමට ගිය අවස්ථාවේදී. කෙසේ වෙතත් අදාල කෙළ ප්‍රහාරය එල්ල කල 48 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ සේවකයින්ට එරෙහිව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව ආසනගත මගීන්ට වඩා වැඩි මගීන් ප්‍රවාහනය කරන බස් රථවල රියැදුරු සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දී තිබෙන බවයි පැවසෙන්නේ.
පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ විරෝධතාවට එක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ තමාට කොවිඩ් ආසාදිතව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගැනීමට කටයුතු කළ බවයි.
ජූලි 25 ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය අදට යෙදී තිබෙනවා. ලෝකයේ වසරකට ලොව පුරා පුද්ගලයින් 220,000 අධික පිරිසක් මිය යන අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික එම මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 800ක් වන බවයි පැවසෙන්නේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී […]
දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද සහ දැරියගේ පියා ඇතුළු තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. මෙම පොහොය දිනයෙන් භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන අතරබුදුන් වහන්සේගේ පළමු එනම් මංගල ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී. කොරෝනා වෛරසය හේතුවෙන් සියලු ආගමික වතාවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් […]
පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් -19 එන්නත ලබාගෙන නොමැති නම් එය කඩිනමින් දැනුම්දෙන ලෙසයි. එලෙස ලබාගෙන නොමැති පිරිස් සේවය කරන සිය පාසල අයත් කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගන්නා ලෙසයි එහි වැඩි දුරටත් […]
පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. අදාළ කාන්තාවට මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍ර දෙකම එකම දිනයේ ලබාදීම හේතුවෙන් ඇති වූ සංකුලතා නිසා ඇය මේ වන විට පේරාදේණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා.