දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 9ක් අද හුදකලා කර තිබෙනවා. තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කය පලාලි පොලිස් බලප්‍රදේශයේ,පලාලි උතුර මඩකලපුව දිස්ත්‍රික්කය කල්කුඩා පොලිස් බලප්‍රදේශයේ,කල්මඩුකිරිවැවසෙවනගලබහිරාව මොනරාගල දිස්ත්‍රික්කය සෙවනගල පොලිස් බලප්‍රදේශයේ,හබරත්තවෙලහබරුගලමහගමඉදිකොළපැලැස්ස පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශය, මුල්ලියාවේලි පොලිස් බලප්‍රදේශය හා මුලතිව් පොලිස් බලප්රදේශයන් හි ඉතිරි ග්‍රාම […]
ලබන ජුනි 01 වනදා සිට දින 14ක කාලයක් රට වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවදාරණය කර සිටිනවා. ජනතාව එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද යුධහමුදාපතිවරයා සදහන් කර සිටිනවා.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මේ වන විට පවතින තත්වය හමුවේ අධිවේගී මාර්ගවල ගිලන් රථ ධාවනය ගාස්තුවලින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
ග්‍රාම නිලධාරී වසම් 42 ක හුදකලා බව ඉවත් කර තිබෙනවා. එලෙස හුදකලාබව ඉවත් කළ ප්‍රදේශ පහතින්,
ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්වයේ වැඩි වීමක් හා උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර […]
ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඒ සදහා විශේෂ කමිටුවක් පත් කරමින් ඊට අවශ්‍ය එන්නත ලබාදීමේ ක්‍රමවේදය තීරණය කරනු ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කර තිබෙනවා. ඒ විනාඩි 25 ක කාලයක් තුළයි. ඒ අනුව මියගොස් ඇති පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව 220 කට ආසන්න වන බවයි පැවසෙන්නේ. හමාස් සංවිධානයේ උමං සබඳතා ජාලය ඉලක්ක කර ගනිමින් මෙලෙස ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.
අද දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 3051ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක් ජල සැපයුම අත් හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා – ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා බලප්‍රදේශයටත් මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොටසහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර […]
ඊයේ මෙරටින් කොවිඩ් මරණ 34ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 1015කි.