මේ වන විට කොරෝනා වෛරසය හමුවේ දැඩි ලෙස අසරණ වී සිටින ඉන්දීය ජනතාවට ශක්තිමත්ව සිටින ලෙසට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම සිය වෙහෙස මහන්සිය නොබලා කොරෝනා රෝගීන්ට සේවය සලසන ඉන්දීය සෞඛ්‍ය සේවකයින්ට ද පාප් වහන්සේ සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඊයේ දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 745ක්.
මෙරටින් නව ආසාදිතයින් 1,851 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,885 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1895 දෙනෙකු හඳුනා ගැනුණු අතර එයින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම ගණන 326ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 309 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 273 ක් වාර්තා වුණා. ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ පහතින්,
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර අද අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනවා. ඒ අනුව කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු මෙලෙස අද සිට ආරම්භ කෙරෙනවා. මෙය මෙරට ඉදිකෙරෙන 7 වැනි අධිවේගී මාර්ගය වන අතර අදියර 03 ක් යටතේ ඉදිකිරීමට නියමිතව තිබෙනවා. එහි අද ආරම්භ කෙරෙන අදියර සදහා වන ව්යදම රුපියල් බිලියන 54.70 ක්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර පළාතෙත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌවසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරනවා. එම ප්‍රදේශ වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයේ , කඩවත පොලිස් බලප්‍රදේශයේ ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමසූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසමසූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසමපහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසමඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම කොළඹ දිස්ත්‍රික්කයේපිළියන්දල […]
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4 කට රටට ඇතුළත් වළක්වමින් පිලිපීනයෙන් වාරණයක් ගෙන තිබෙනවා. ඒ පවතින කොරෝනා අවදානම් හේතුවෙන්.ඒ අනුව ශ්‍රී ලංකාව, බංගල්දේශය, නේපාලය හා පකිස්තානය යන රටවල සිට පිලිපීනයට ඇතුළු වීම හෙට සිට වාරණය කෙරෙනවා.
තවත් කොරෝනා ආසාදිතයින් 1,305 දෙනෙකු අද දින මේ දක්වා වාර්තා වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 118,834 ක්.
සබරගමුව , මධ්‍යම , ඌව , බස්නාහිර , වයඹ යන පළාත් වල සවස් කාලයේ තද වැසි සමග අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. අදාල පළාත් වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වර්ෂාපතයනක් බලපොරොත්තු විය හැකි බවයි පැවසෙන්නේ.
වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා එන්නත භාවිතා කිරීමට කැනඩාව අවසර දී තිබෙනවා. ළමුන් පිළිබඳ තුන්වන අදියරෙහි සායනික අත්හදා බැලීම්වල දත්ත පදනම් කරගෙන මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව, අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා ලබන සඳුදා සිට එන්නත්කරණය ආරම්භ කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ,
ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ ඉන්දියාවෙන් වාර්තාවුණා. එම ගණන 412,618ක්. වාර්තා වී ඇති මරණ ගණන3,982ක්. මේ අනුව ඉන්දියාව මේ වන විට මුහුණදී ඇති මෙම තත්වය පාලනය කිරීම සදහා ලොව පුරාඅ බොහෝ රටවල් ආධාර සපයමින් සිටින අතර ආධාර තොග අවශ්‍ය ස්ථාන වෙත බෙදානොදී තවමත් ගුවන්තොටුපොළ ගබඩාවල රදවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා […]