News Line| Off Air
Generic placeholder image

Dec
22

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැක. එය වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දිනකිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඊසාන දිග මුහුදු වෙරළ වෙත ළඟා වීමේ හැකියාවක් පවතී. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී […]


Dec
21

2023 රැකියා පොළ යාපනයට

Generic placeholder image

ග්ලෝකල් ෆෙයා 2023 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ රැකියා පොළ සහ ජංගම සේවාවේ පළමු අදියර, දේශිය හා ජාත්‍යන්තර ආයතනවල සහභාගීත්වයෙන් ලබන වසරේ පළමු කාර්තුව තුළ යාපන නගරයේ දී පවත්වන බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කරයි. විදේශගත වීමේදී ණය පහසුකම් ලබා දීම, පුහුණුව ලබා දීම ඇතුළු නොයෙක් ක්ෂේත්‍ර හා මානව සම්පත කළමණාකරණය […]


Dec
21

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් වෙයි

Generic placeholder image

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සඳහා විශ්වවිද්‍යාල තහනම් කරන බව තලෙබාන් සංවිධානය නිවේදනය කර තිබෙනවා. එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කරන බවය. එරට බොහෝ ද්විතීයික පාසල්වලින් කාන්තාවන් ඉවත් කර ඇති අතර මෙම පියවර හරහා විධිමත් අධ්‍යාපනය සඳහා කාන්තාවන්ට ප්‍රවේශය තවදුරටත් සීමා කර තිබේ. මීට මාස […]


Dec
21

කොළඹ රථවාහන ගාල් කිරීමේ ස්ථාන ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Generic placeholder image

නෙළුම් කුලුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විවිධ වැඩසටහන් කිහිපයකට අදාළව රථවාහන ගාල් කිරීමේ ස්ථාන දැනුම්දෙමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 19 සිට එළඹෙන 28 වනදා දක්වා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් නෙළුම් කුලුණ ආශ්‍රිතව විවිධ වැඩසටහන් පැවැත්වෙන අතර ඒ සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා පහත ස්ථානවල අවස්ථාව හිමිවනු ඇති.


Dec
21

කාලගුණය වෙනස් වෙයි

Generic placeholder image

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතී. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, […]


Dec
20

මහනුවර වායු දූෂණය ඉහළට

Generic placeholder image

මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. එවැනි තත්ත්වයක් ඇතිවීමට එහි පිහිටීම සෘජුව බලපා ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය. කෙසේවෙතත් ඉන්දියාවේ සිට හමා ආ වාතයේ පැවති අහිතර තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ නිරීක්ෂණය වූ අහිතකර ස්වභාවය තවදුරටත් දක්නට ඇති බව […]


Dec
20

භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

Generic placeholder image

ආනයනය තහනම් කර තිබූ තවත් කාණ්ඩ අංක 10 කට අයත් භාණ්ඩ යළි මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඊට සංචාරක ක්ෂේත්‍රයට හා ක්‍රීඩා ක්ෂේත්‍රයට අයත් භාණ්ඩ වර්ග රැසක් ඇතුළත්. ඒ අනුව සංචාරක ක්‍ෂේත්‍රයට අවශ්‍ය ශක්තිජනක පාන ආනයනය කිරීම, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය MDF පුවරු, CCTV ඒකක සහ ආරක්ෂක කටයුතු […]


Dec
20

බණ්ඩාරනායක ගුවන්තොටුපොළට AED යන්ත්‍රයක්

Generic placeholder image

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට Automated External Defibrillator යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ. හෘදයාබාධ යනු ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි. හදිසි හෘදයාබාධයකට ගොදුරු වූවන්ගෙන් 95% කටම ජීවිත අහිමි වන්නේ නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙනි. මෙයට පිළියමක් වශයෙන් බොහෝ රටවල පොදු ස්ථාන වල Automated External Defibrillator (AED) යන්ත්‍ර සවිකර ඇත. Automated External Defihtllator යනු රෝගියාගේ ECG තරංග රටාව […]


Dec
19

තායිලන්ත නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළෙයි

Generic placeholder image

තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළීයාමෙන් අතුරුදන් වූ නාවිකයින් 31 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. ඒ වනවිට අදාළ නෞකාවේ නාවිකයින් 100 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මුදාගෙන තිබුණි. මේ වනවිට සහන කණ්ඩායම් නාවිකයින් 75 දෙනෙක් බේරාගෙන ඇති අතර අතුරුදන් ව ඇති පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය.


Dec
19

ජයග්‍රහණයෙන් අනතුරුව මෙසී තම තීරණය වෙනස් කරයි

Generic placeholder image

ඊයේ තරගයේ හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානය දිනාගත් ලියනොල් මෙසී, පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ප්‍රකාශ කරනවා. තමන්ට ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක් අත්විඳීමට අවශ්‍ය බවයි අවසන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ.


Dec
19

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට

Generic placeholder image

ලෝක විවාහක රූ රැජිණ කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවුණා. ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟයි. 2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post