News Line| Off Air
Generic placeholder image

Feb
10

ඊයේ දිනයේ මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 150ක් හදුනා ගැනේ

Generic placeholder image

ඊයේ දිනයේදී මෙරටින් මේ දක්වා හමු වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. වන අතර එම ගණන 252 ක් වනවා. ඊට අමතරව ගම්පහ 227 ක් ද මහනුවරින් නව ආසාදිතයින් 150 ක් ද හමුව තිබෙන බවයි පැවසෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87ක්, රත්නපුර 49ක්, කුරුණෑගල 48ක්, ගාල්ල 27ක්, […]


Feb
10

මෙරටට මැදපෙරදිගින් එන ගුවන් ගමන් වාර ගණන තවත් ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස කිහිපයක් වසා දමා තිබූ ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට පියවර ගැනීමත් සමඟ මැද පෙරදිග ගුවන් සේවා ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. බහරේනයේ ජාතික ගුවන් සේවය, ගල්ෆ් එයාර් ශ්‍රී ලංකාව වෙත නැවතත් ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව එළඹෙන 15 […]


Feb
10

කොවිඩ් දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙනවා – අගමැති කියයි

Generic placeholder image

කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබෙනවා. අගමැතිවරයා මේ බව සදහන් කලේ රීති ප්‍රශ්නයක් නගමින් සමගී ජනබල වේගය පක්ෂයේ එස්.එම් මරික්කාර් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්


Feb
10

මියන්මාර හමුදාව අවුන් සාන් සුකීගේ පක්ෂ කාර්යාලයට කඩා වදී

Generic placeholder image

මියන්මාර නායිකා අවුන් සාන් සුකීගේ පක්ෂ කාර්යාලය එරට හමුදාව විසින් වටලා විනාශ කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.ඊයේ රාත්‍රී කාලයේදී මෙලෙස හමුදාව විසින් බලහත්කාරයෙන් පක්ෂ කාර්යාලය වෙත කඩා වැදී තිබෙනවා. හමුදා පාලනයට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතා පැවැත්වෙන අතරතුර මේ ආකාරයට හමුදාව විසින් එම විරෝධතා නොතකමින් එම පක්ෂ මුලස්ථානය සම්පුර්ණයෙන් විනාශයට පත් කර […]


Feb
10

ජනප්‍රිය රංගන ශිල්පී රාජ් කපූර්ගේ වැඩිමල් පුත්‍රයා වන රජිව් කපූර් දිවි ගමනට සමුදෙයි

Generic placeholder image

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පියෙකු වන රජිව් කපූර් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.ජනප්‍රිය රංගන ශිල්පී රාජ් කපූර්ගේ වැඩිමල් පුත්‍රයා ද වන ඔහු මියයනවිට ඔහු 58 හැවිරිදි වියේ පසුවුවා.


Feb
10

යාපනය රෝහලේ පළමු වරට කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වෙයි

Generic placeholder image

යාපනය ශික්ෂණ රෝහලේදී පළමු වරට කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වී තිබෙනවා. ඒ ලිංගික සංක්‍රාන්ති සැත්කම සිදු කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි පැවසෙන්නේ. මෙම සැත්කම සදහා පැය 12 ක් පමණ කාලයක් ගත වී තිබෙන බවයි පැවසෙන්නේ.


Feb
10

සරසවි සඳහා බඳවා ගන්නා සිසුන් ගණන තවත් ඉහළට

Generic placeholder image

මෙරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. සංඛ්‍යාව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අදාළ බලධාරීන් සමග කළ සාකච්ඡාවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණ ඇත. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, අදාළ බඳවා ගැනීම් සහ පීඨවල ඒ සඳහා ඇති සූදානම පිළිබඳව මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා […]


Feb
10

ඕමන්ත ප්‍රදේශයේ ළිදකට වැටී හත් හැවිරිදි කුඩා දරුවෙක් මියයයි

Generic placeholder image

ඕමන්ත ප්‍රදේශයේ ළිදක තිබී හත් හැවිරිදි පාසල් දරුවෙකුගේ සිරුරක් හමුව තිබෙනවා. අදාල දරුවා තවත් දරුවන් කිහිපදෙනෙකු සමග උපකාරක පන්තියකට සහභගි වීම සදහා නිවසින් පිටව ගොස් ඇති අතර රාත්‍රිය වන තෙක් සිය දරුවා නිවසට නොපැමිණීම නිසා ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සිදු කල සොයා බැලීමකදී අදාල දරුවාගේ මළ සිරුර අසල්වාසී නිවසක ළිදකට […]


Feb
10

දිවයිනේ සියලු පාසල් මාර්තු 15 සිට ආරම්භ කිරීමට තීරණයක්

Generic placeholder image

දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු මස (15) වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. බස්නාහිර සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මේ වන විටත් විවෘත කර ඇති අතර, බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් […]


Feb
10

බදුල්ල නගර සභාවේ කටයුතු කොමසාරිස් පාලනයට

Generic placeholder image

බදුල්ල මහ නගර සභාවේ කටයුතු කොමසාරිස් පාලනයකට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.


Feb
10

ගම්පහ වෙළෙඳසැල් කිහිපයක් තාවකාලිකව වැසෙයි

Generic placeholder image

කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වෙළෙදසැල් ආශ්‍රිතව හමුවීම හේතු කොටගෙන ගම්පහ නගරයේ පිහිටි වෙළෙදසැල් කිහිපයක් වසා දැමීමට පියවර ගන්නා බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කරනවා. ඉකුත් දින 04 තුලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280ක් පමණ සිදු කර තිබෙන අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ.


Feb
10

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත වැසි කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැක. මධ්‍යම,සබරගමුව, ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසනකාලයේදීමීදුම්සහිතතත්ත්වයක්ඇතිවියහැක.


News Articles
Latest Videos
Most Popular Post