කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 404 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 975ක් වන අතර එය මේ දක්වා දෛනිකව හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන ද වන බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. ඒ සමග මෙරටින් […]
අද දිනය තුළ 6,431 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එන්නත ලබා දීම ආරම්භ කළ පසුගිය මස 29 වැනිදා සිට අද දක්වා කාලය තුළ මෙරට පුරවැසියන් 174,193 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. අදාළ තොරතුරු ඇතුළත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ වාර්තාව […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය තවත් පුද්ගලයින් 5 දෙනෙකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරුකර තිබෙනවා. කපුලියද්ද, මොරටුව, කැටවල, කුරුණෑගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු එලෙස මියගොස් තිබූ අතර ඔවුන් අවුරුදු 45ත් 81ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. එම මරණ 5 සමග […]
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ වාර්තා සහ තොරතුරු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා. ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකර ප්‍රමාදයකින් තොරව අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
තවත් නව ආසාදිතයින් 571 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 66,796ක් ලෙසයි.
ජනමාධ්‍යවේදීන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක්කර තිබෙනවා. කොවිඩ් වසංගතය මෙරටට පැමිණි මොහොතේ සිට ඒ පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දෙමින් විශාල කාර්යයභාරයක නියැලෙන ඉදිරි පෙළ කණ්ඩායමක් වශයෙන් ඔවුන් ඉටු කරන ජාතික කාර්යය අඛණ්ඩව ඉටු කිරීම සඳහා අදාළ එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 912 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ ගණන 65,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 65,053ක් ලෙසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 412ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්වයි. එමෙන්ම දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 වැනිදා විවෘත කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ. ඊට අදාළ නිවේදනය පහතින් :
මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර මීට සුළු මොහොතකට පෙර සොයා ගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. යුද හමුදා විශේෂ බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයා ගනු ලැබුවේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ පහළ ප්‍රදේශයේ ගලක් මත රැඳී තිබිය දී වන අතර රැෆ්ලින් කඹ ආධාරයෙන් අද අලුයම ප්‍රපාතයෙන් පහළට […]
අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පොදු ජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කරගනිම්න් ඔහුට පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධතාවක් එල්ල වු අතර අද මීගමුව අධිකරණයට පැමිණි අවස්ථාවේ විමල් වීරවංශ අමාත්‍යවරයා එම චෝදනාවලට පිළිතුරු ලබා දෙනු ලැබුවා. මහින්ද රාජපක්ෂ මහතා නායකත්ව තනතුරේ සිටින අතර තුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ද නායකත්ව තනතුරක සිටියේ නම් මේ රටේ දේශපාලන […]
මහ මඟ ගමන් ගන්නා කාන්තාවකගේ අත් බෑගය කොල්ලකෑමට තැත් කල පුද්ගලයෙකු බොරලැස්ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා ත්‍රීරෝද රථයකින් පැමිණ එම කාන්තාවකගේ අත් බෑගය සොරාගැනීමට උත්සහ කරන ආකාරය අසල ඇති cctv දර්ශන තුලින් දක්නට ලැබෙන අතර සැකකරු මෙවැනි කොල්ලකෑම් 13ක් පමණ සිදු කර තිබෙන බව පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් තුලින් කරුණු […]
මොනරාගල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ පූර්ව විශ්‍රාම නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා වෛරසය අසාදනයෙන් මිය ගොස් තිබෙනවා. ඉකුත් දා ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාල පුද්ගලයා මොනරාගල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහුව වැඩි දුර ප්‍රතිකාර සදහා මහනුවර රෝහලට ඇතුලත් කර සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා 59 හැවිරිදි අදාල පොලිස් නිලධාරියා […]