කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට ගත් තීරණයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තහවුරු කළ අතර ඔහු පැවසුවේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව එම තීරණයට එළැඹි බවයි.
දිස්ත්‍රික් කඩයිම් ලකුණ එකකින් හෝ දෙකකින් අඩුකර, 6 වන ශ්‍රේණියට ඇතුළත්කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සළකා බලන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ලකුණක් අඩු කිරීම තුළ වැඩි වන සිසුන් ගණන වෙනුවෙන් ඇතැම් විට දැනට පවතිව පන්ති සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට පවා සිදුවිය හැකි බවයි. 2020 වර්ෂයේ […]
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය ඇතිව බස්නාහිර පළාතේ පාසල් මේ මස 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු පැවසුවේ සිසුන් විශාල වශයෙන් සිටින පාසල් සහ අවදානම් තත්ත්වයේ පවතින පාසල් කිහිපයක් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 15 වැනිදා විවෘත කිරීමට කළුතර සහ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්ව තීරණයකර ඇති […]
කොරෝනා වෛරසය ආසාදිත තවත් 348 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 64,505 දක්වා ඉහළ ගියා.
වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව ද පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණා. කෙසේ වෙතත් අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 58,000 ඉක්මවා ගියා. ඒ, අද දහවල් තවත් පුද්ගලයින් 916 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 58,075ක් ලෙසයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 වර්ෂයේදී එළැඹුණු ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සියයට සියයක් වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එසේ පවසා තිබෙනවා. එම කාර්යාලය පවසා ඇත්තේ ශ්‍රී ලංකාව, […]
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොකරන බවත්, එය සියයට සියයක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විෂයය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එකී […]
2020 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය අනුව පාසල්වලට සිසුන් ඇතුළත්කර ගැනීම මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් පාසල්වලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස බලකරමින් අද උදෑසන “පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය“ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ද පැවැත්වුවා. පසුව එම පිරිස පා ගමනින් ජනාධිපති ලේකම් […]
බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වන පළමු පියවර අද රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී ආරම්භ වුණා. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතව තිබෙනවා. 2019 සැප්තැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබුවේය. වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය […]
ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 864ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. එයින් ආසාදිතයින් 27 දෙනකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් වන අතර අනෙක් ආසාදිතයින් 837දෙනා විදේශීය මෙරටින් හදුනා ගත් කොරෝනා රෝගීන් වේ. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362ක් වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනකු ද රත්නපුරෙන් 81 ක් හමුව තිබෙනවා.