වවුනියාව සෙට්ටිකුලම විල්පත්තු කැළෑබද ප්‍රදේශයකදී සෝදිසි මෙහෙයුමක නිරත වූ යුද හමුදා භට කණ්ඩායමකට ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තිදෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා. එහිදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් යුද හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන අතර අදාල පුද්ගලයා වව්නියාව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර තිබෙනවා. වෙඩි ප්‍රහාර එල්ල කල අනෙක් දෙදෙනා සොයා […]
ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එනන්ත මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ සහ හා ආරක්ෂක අංශ නිලධාරීන් 60,000කට අධික සංඛ්‍යාවකට ලබා දී අවසන් බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරන්නේ. අමාත්‍යවරිය වැඩි දුරටත් මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 65 % කට පමණ පිරිසකට ලබා දීම සදහා මේ වන විට […]
රුවන්වැල්ල, ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය 13 හැවිරිදි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. එම දරුවා තවත් දරුවන් පිරිසක් සමග දිය නෑමට ගුරුගොඩ ඔයට ගිය අවස්ථාවේ මෙලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 826ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 132 ක් වාර්තා වෙනවා.
අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500ක් බඳවා ගැනීමට පියවර ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. පළමු වටයේදී රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ උපාධිධාරීන් යොමු කළ අභියාචනා සැලකිල්ලට ගෙන මෙම පිරිස බඳවා ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් […]
ඇමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ නිව්යෝර්ක් නගරය ඇතුළු එරට ප්‍රධාන නගරවලට බලපා ඇති අධික හිම කුණාටු තත්වය හේතුවෙන්. මේ හේතුවෙන් නිව්යෝර්ක් නගරයට අඟල් 12 ක පමණ හිම පතනයක් සිදුව තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “ තෙත්බිම් සහ ජලය “ යන්න යොදාගෙන තිබෙනවා. ලෝක තෙත්බිම් දින උත්සවය ආනවිලුන්දාව අභය භූමියේ පැවැත්වීමට කටයුතු කර තිබෙන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාර මහතා, වැඩි දුරටත් සදහන් කළා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක් තද වැසිද ඇතිවිය හැක. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින්විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල තැනින් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. ඒ, තමාට නියම කළ වසර 4ක සිර දඬුවම නැවත සළකා බලන්නැයි ඉල්ලමින්. විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතා වරදකරු බවට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම් නියම කළේ ඉකුත් මස 12 වැනිදායි.
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 323 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට මුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 7ක් පිළිබඳ තොරතුරු තහවුරු කිරීමත් සමගයි. එම මරණ වාර්තා වන්නේ වත්තල, නුගේගොඩ, කොළඹ 2, උඩුගම්පොළ, පොළොන්නරුව, මඩවල සහ ගෙලිඔය යන ප්‍රදේශවලින්. කාන්තාවන් […]
අද දිනයේ මේ දක්වා කොවිඩ් 19 වෛසරය ආසාදනය වූ රෝගීන් 816 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්වරුවේ රෝගීන් 348 දෙනෙකු හඳුනාගත් අතර රාත්‍රියේ හඳුනාගෙන ඇති රෝගීන් ගණන 468ක්. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් […]
අද දිනයේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් 36,396 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මේ වනවිට 95,550 දෙනෙකුට අදාළ එන්නත ලබා දී අවසන් බවයි. එන්නත් ලබා දීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා එය ලබා ගත් පිරිස පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය […]