News Line| Off Air
Generic placeholder image

Feb
1

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කෙරේ

Generic placeholder image

තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිට එරෙහි චෝදනා ගැන කල පරීක්ෂණයකින් පසු ඔහු ධුරයෙන් පහ කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


Feb
1

මියන්මාරයේ පාලන බලය එරට හමුදාව අතට

Generic placeholder image

අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය මියන්මාර හමුදාව අතට පත් වී තිබෙනවා.මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගත් අතර මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.


Feb
1

අගමැති හා වරාය සේවකයින් අතර අද විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

අද දිනයේ වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විමට නියම්තව තිබෙනවා.නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් මෙම සාකච්ඡාවට එක්වෙයි. විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි පැවසෙන්නේ.


Feb
1

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මි.මී. 75 පමණ තද වැසි

Generic placeholder image

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත […]


Jan
31

තවත් කොවිඩ් මරණ තුනක් පිළිබඳ තොරතුරු

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එම මරණ වාර්තා වන්නේ කොළඹ 8, කඩුවෙල සහ අඟුරුවාතොට යන ප්‍රදේශවලින් වන අතර එලෙස මියගිය තිදෙනා අවුරුදු 38, 68 සහ 69 යන වයස්වල පසු වූවන්. ඒ සමග මෙරට කොවිඩ් මරණ ගණන 316 දක්වා ඉහළ ගියා. අදාළ […]


Jan
31

පානදුර ඝාතනයේ තොරතුරු හෙළි වෙයි

Generic placeholder image

පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී පසුගියදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තොරතුරු රැසක් හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා. වැලිකඩ බන්ධනාගාර භාරයේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සුද්දා’ නමැත්තා අදාළ ඝාතනයේ සැළසුම මෙහෙයවනු ලැබ ඇති බව අනාවරණ වී තිබෙනවා. ඝාතනය සඳහා යොදා ගත් ටී 56 ගිනි අවිය, පතරොම් 17ක් සහ මැගසිනයක් ඉකුත් […]


Jan
31

තවත් ආසාදිතයින් 486ක් හඳුනා ගැනේ

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 486 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන්ගෙන් 10 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාරා ආශ්‍රයෙන් වන අතර සෙසු 476 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගැනුණා. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල සමස්ත […]


Jan
31

නව ආසාදිතයින් 351 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 351 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 63,644 ලෙසයි.


Jan
31

හෙට සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

Generic placeholder image

හුදෙකලා බවට පත්කර තිබූ කොළඹට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එම මධ්‍යස්ථානය පැවසුවේ නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත, වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෘෘස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩෘෘස් පෙදෙස හා ඇන්ඩෘෘස් පාර යන ප්‍රදේශ එලෙස හුදෙකලා බවින් මුදා හරින […]


Jan
31

තලංගම නිවසකින් ගැබිනියකගේ මළ සිරුරක් හමු වෙයි

Generic placeholder image

තලංගම ප්‍රදේශයේ නිවසකින් අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇය අදාළ නිවසේ කුලී පදනම මත හෝ කෙටි කාලීනව වාසයකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඇය පසුගිය 27 වැනිදා පමණ මිය ගොස් ඇති බවට සැක කෙරෙන අතර ඇයගේ සිරුර හමු වී ඇත්තේ එම නිවසේ කාමරයක් තුළ තිබියදීයි. මියගොස් සිටි […]


Jan
31

“කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නේ හෝ බදු දෙන්නේ නෑ” – අගමැති

Generic placeholder image

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ලබා දීමට යන බවට වෘත්තීය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ පැනයට පිළිතුරු දුන්නේ සිය නිවසේ සිටයි. […]


Jan
31

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක් අද පස්වරුවේ සිට වසා දැමීමට පියවර

Generic placeholder image

බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් ඇතුළු ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට බලධාරීන් තීරණයකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ, පර්ත්හි පිහිටි හෝටලයක ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමත් සමගයි. ඒ අනුව ප්‍රදේශ 15ක් අද පස්වරු 6 සිට එළැඹෙන සිකුරාදා දක්වා දින 5ක කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි බටහිර ඔස්ට්‍රේලියානු කලාප ප්‍රධානී මාක් මැග්ගෝවන් තීරණයකර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post