News Line| Off Air
Generic placeholder image

Jan
31

කොවිඩ් වෛරසය ආසාදිතව සිටි තවත් 882කට සුවයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 882 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 57,000 ඉක්මවා ගියා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත ගණන දැක්වෙන්නේ 57,159ක් ලෙසයි. එමෙන්ම කොවිඩ් රෝගීන් 5,821 දෙනෙකු තවදුරටත් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මෙරට වෛරසය ආසාදිත සමස්ත ගණන දැක්වෙන්නේ […]


Jan
31

පොඩි ලැසීගේ සමීපතමයෙකු ගිනි අවියක් සමග කොටු වෙයි

Generic placeholder image

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේදීයි. එමෙන්ම ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක්ද පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් භාරයට ගැනුණා.


Jan
31

දොරගුළු දමාගෙන වස බී, ගෙල සිඳගත් ව්‍යාපාරිකයා මියයයි

Generic placeholder image

මුන්දලම, පුලිච්චාකුලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී ඇතැයි පොලිසිය පවසනවා. ඊයේ දහවල් කාලය වන තෙක් අදාළ ව්‍යාපාරික ස්ථානය විවෘත නොකිරීම පිළිබඳ සැක සිතූ අසල්වැසියන් ඒ පිළිබඳ සොයා බැලීමේදී එම මෘත ශරීරය හමු වී තිබුණා. අනතුරුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කර ඇති අතර එහි පැමිණි නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ පිහියක් සහ වස […]


Jan
31

රිය අනතුරක් තිදෙනෙක් බිලි ගනියි

Generic placeholder image

කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජා – ඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටී එම අනතුර සිදුව තිබුණා. එම අවස්ථාවේ අදාළ මෝටර් රථයේ තිදෙනෙකු ගමන්කර ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා ඇතුළු තිදෙනා රාගම රෝහලට ඇතුළත් […]


Jan
31

සැෂේ පැකට් භාවිතය මාර්තු 31 සිට තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Generic placeholder image

තනි හා කෙටිකාලීන භාවිතයට ගන්නා සැෂේ පැකට් සඳහා යොදා ගනු ලබන PET සහ PVC පොලිතින් ඇසුරුම් මාර්තු මස 31 වැනිදා සිට තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර ඇති බව සඳහන්. ඒ අනුව යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා […]


Jan
29

කොරෝනා බියෙන් ඩෙන්මාර්කය තව දුරටත් වැසෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ඩෙන්මාර්කය තව දුරටත් වසා දැමෙන බව එරට අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් ඊයේ එරට මාධ්‍ය වෙතට මේ පිලිබදව සදහන් කර සිටිනවා. ඒ අනුව පෙබරවාරි මස 28 වනදා දක්වා ඩෙන්මාර්කය තවදුරටත් වසා තැබෙන අතර වෛරස ව්‍යාප්තිය පැතිරීම මැඩපැවැත්විය නොහැකි වුවත් එය පාලනය කිරීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එරට අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් […]


Jan
29

වයස අවුරුදු 11ක දරුවෙකුගේ ක්‍රියාවක් නිසා මුදල් වංචා කල පුද්ගලයින් දෙදෙනෙකු කොටු වු හැටි

Generic placeholder image

පූජාපිටිය ප්‍රදේශයේ සිදු වූ මුදල් වංචාවක් සිදු කල පුද්ගලයින් දෙදෙනෙකු වයස අවුරුදු 11ක සිසුවෙකු විසින් සිදු කල ක්‍රියාවක් හේතුවෙන් අදාල සැකකරුවන් කොටු කර ගැනීමට හැකිව තිබෙනවා. ඉකුත් දා එම ප්‍රදේශයේ නිවසකට විදුලි උපකරණ ගෙවීමේ ක්‍රමයට ලබා දෙන ආයතනයක කිහිපදෙනෙකු පැමිණි අතර අදාල නිවැසියන් රුපියල් 50,000 ක පමණ විදුලි උපකරණ ලබාගෙන මුදල ගෙවාද අවසන් කර තිබෙනවා. […]


Jan
29

කොරෝනා පුරුෂ සඵලතාවයට ගැටලු ඇති කරයිද? නවතම පර්යේෂණයකින් හෙළිවූ දේ

Generic placeholder image

කොරෝනා ආසාදිත පුරුෂයින් හට එම ආසදිත වෛරසය හේතුවෙන් පුරුෂයින්ගේ “සරු” බවට ගැටලු මතුවිය හැකිබවට පර්යේෂකයන් සදහන් කරනවා. ඒ කරන ලද නවතම පරීක්ෂණයකින් . අදාල පරීක්ෂණයේදී කොරෝනා සරු පුරුෂයින්84 ගේ ශුක්‍රාණු සහ කොවිඩ් ආසාදිත නොවූ සරු පුරුෂයින් 105 කගේ ශුක්‍රාණු මෙලෙස පරීක්ෂණයට යොමු කර තිබෙනවා. කොරෝනා හේතුවෙන් එහිදී සිදුවන බලපෑම ශුක්‍රාණු වල සරු තත්ත්වයට බලපාන බව […]


Jan
29

තණබිම් නොමැතිව ආහාර හිගයෙන් ගවයින් 500 ක් මියයයි

Generic placeholder image

අනුරාධපුර – පදවිය ප්‍රදේශයේ තණබිම් නොමැතිව ආහාර හිගයෙන් ගවයින් 500 කට අධික ගණනක් මිය ඇති බව එම ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරී බන්දුසිරි මහතා සදහන් කරනවා. දැඩි වර්ෂා තත්වය හේතුවෙන් එම ප්‍රදේශය ජලයෙන් පිරි යාම නිසා ඊට හේතු වී ඇත්තේද රක්ෂිත ප්‍රදේශයන් තුල අනවසර වගා කටයුතු කිරීමයි. මේ හේතුවෙන් තෘණ බිම් ගවයින්ට අහිමි වී තිබෙන බවයි […]


Jan
29

රංගන ශිල්පී බිමල් ජයකොඩිටත් කොරෝනා

Generic placeholder image

රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් – 19 වෛරසය වැළඳී ඇතැයි වාර්තා වෙනවා.ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා. ඊයේ උදැසන කරන ලද pcr පරීක්ෂණ වාර්තාව අනුව මේ බව හදුනා ගෙන තිබෙනවා.


Jan
29

නිදහස් දින පෙරහුරුව නිසා කොළඹ වැසෙන මාර්ග මෙන්න

Generic placeholder image

73 වන ජාතික නිදහස් දින සැමරුම හේතුවෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයේ පෙරහුරුව සදහා කොළඹ නිදහස් චතුරශ්‍රයේ හා ඒ අවට පරිශ්‍රයේ විශේෂ රථ වාහන සැලැස්මක් දියත් කර තිබෙනවා. එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන වේලවන් හා මාර්ගයන් පහත පරිදි වේ,


Jan
29

නැවතත් වැඩි වූ කොළඹ කොරෝනා ආසාදිතයින්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 892ක් ලෙස වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වූ දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය වාර්තා අතරට නැවත ඇතුල් වී තිබෙනවා. එම ආසාදිතයින් ගණන 298ක්. ඒ අතරින් කොම්පඤ්ඤවීදියෙන් හා මට්ටක්කුලියෙන් වැඩිම ආසාදිතයින් හමුව තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 203 ක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post