අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයින් රාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති නිමල් පුංචිහේවා මහතා වන අතර එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.
මේ වන විට එංගලන්තය මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා එරට ජනතාවට ප්‍රධාන කොව්ඩ් එන්නතක් වන “ෆයිසර් / බයෝ එන්ටෙක්“ එන්නත ලබා දීම ආරම්භ කර තිබෙන පසුබිමක එසේ එම එන්නත ලබා ගත් එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ දෙදෙනෙක් ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය සදහන් කරන්නේ […]
අද දිනයේ පෙරවරු 7.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරනවා. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. අදාළ කාල සීමාව තුළ කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා […]
ඊයේ දිනය තුළ නව අ ආසාදිතයින් 697ක් හඳුනාගත් අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, එම ගණන 357ක්.ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,074ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
උතුරු,නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු […]
තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 144 දක්වා ඉහළ ගියා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දින 20ක් වයසැති බිළිඳා සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණය එලෙස වාර්තා වූ මරණ වනවා. එම මරණ පිළිබඳ තොරතුරු පහතින් :
කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොරෝනා රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක අධීක්ෂණය යටතේ අද එම ඖෂධය නිෂ්පාදනය කිරීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර එම ඖෂධය පිළිබඳ පරීක්ෂණයේ නිල වාර්තාව ඉදිරි දින […]
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මස 3වැනිදා දිවයිනට පැමිණීමට නියමත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහායි. ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ, එහෙත් කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ නව කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා. […]
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවා ගියා. ඒ, තවත් නව ආසාදිතයින් 335 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එලෙස හඳුනාගත් නව ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 694ක් වන අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන රෝගීන් […]
පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ අවසන් කටයුතු විද්වත් කමිටුවේ වාර්තාව නිකුත් වන තෙක් සිදු නොකරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ, එලෙස මියගිය රැඳවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් එමගින් සමාජයට වන අහිතකර බලපෑම වළක්වා ගැනීමට එම සිරුරු ආදාහනය කළ යුතු බවට නීතිපතිවරයා කරුණු දැක්වූ අවස්ථාවේදීයි. ඒ […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. ශානි අබේසේකර මහතාගේ නීතිඥවරුන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.
මහර බන්ධනාගාරය තුළ පසුගිය 29 වැනිදා ඇති වූ ගැටුමට හේතුව එහි ඉඩ සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් බව ඒ පිළිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පත් කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. අදාළ කමිටුව මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව සැකසූ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාවරයා වෙත පිළිගැන්වූයේ ඉකුත් සඳුදා […]