උත්සවය සමය තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා නිරෝධායන නීති රීතිවලට අනුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව මෙම උත්සව සමයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මහජනතාව අවධානය යොමු කළ යුතු කරුණු කිහිපියක් එම අමාත්‍යාංශය පෙන්වා දී තිබෙනවා. එම කරුණු පහතින් : 01. මෙවර නත්තල් සමයේ / උත්සව සමයේ සාප්පු […]
තවත් නව ආසාදිතයින් 359 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 316 දෙනෙකු සහ බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 43 දෙනෙකු වශයෙන්. ඒ අනුව මේ වනවිට එම පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 26,181ක්. එමෙන්ම මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ, 29,378ක් වන අතර ආසාදිතයින් 7436 දෙනෙකු රෝහල්වල සහ ප්‍රතිකාර […]
අද (09) දිනය තුළ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 542 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන 21,800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා බොහෝ රටවල් එන්නත් නිෂ්පාදනය කර තිබෙන පසුබිමක ඉන්දියාවද කොරෝනා මැඩලීම සදහා එන්නතක් නිපදවා තිබෙනවා. ඒ එන්නත සදහා අනුමැතිය ලබන සතියේ ලබා දිය හැකි බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.
ගාල්ල, රත්ගම ප්‍රදේශයේ භාවනා යෝගීව වැඩ විසූ විදෙස් ජාතික හිමිනමකගේ සිරුර රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා. නෙදර්ලන්ත ජාතික 56 හැවිරිදි ජිනවංශ නමැති හිමි නමකගේ බවයි කරන ලද විමර්ශන වලදී පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.
මහර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය දා මහර බන්ධනාගාරය තුළ හටගත් කලහකාරී සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
නව මැතිවරණ කොමිසම හෙට සිට රාජකාරි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු සාමාජිකයින් මේ අනුව හෙට සිට සිය ධූරයන්හි රාජකාරි ආරම්භ කරනු ලබයි.
නිරෝධායනය නීති කැඩූ තවත් 30 දෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමාජ දුරස්ථභාවය හා මුහුනු ආවරණය නොපැලදවිම හේතුවෙන්.
මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව වාර්තා වෙනවා. ඒ අදාල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් හදුනා ගැනීමත් සමගයි.
දුෂණය සංවර්ධනයට ඇති විශාලතම බාධාකය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොඉවසීම බව ජනාධිපතිතුමා පවසයි. දූෂණයට එරෙහි සටනේදී රටවැසියා බලගැන්වීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉහළ අවධානයක් යොමු කළේ එබැවින් වන බව ජනාධිපතිතුමා පැවසීය. නාස්තිය හා දූෂණය පිටුදැකීම තම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් ලෙස සලකන බව ජනාධිපතිතුමා සඳහන් කළේ […]
ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයින් 798 දෙනෙක් හදුනාගැනුණු අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 526ක්. දෙවනුට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණ අතර එම ගණන 97. කළුතර දිස්ත්‍රික්කයෙන් 53 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
ඇමෙරිකානු නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් තමන් වැඩ භාරගත් පසු ප්‍රථම දින 100 තුල කොවිඩ් එන්නත් මිලියන 100ක් ලබාදීම ඉලක්ක කර ඇති බව වාර්තා වෙනවා. මේ වන විට ඇමෙරිකාවේ ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත භාවිතය සදහා එරට රජයෙන් අනුමැතිය ලැබී තිබෙනවා.