News Line| Off Air
Generic placeholder image

Nov
30

මහර බන්ධනාගාර සිද්ධිය ගැන පරීක්ෂණය CID යට

Generic placeholder image

මහර බන්ධනාගාරය ආශ්‍රිත ව හටගත් සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා ගෙන් ලද උපදෙස් අනුව පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. අද පස්වරුවේ ආරක්ෂක ලේකම් වරයා දුන් උපදෙස් අනුව මෙම පරීක්ෂණ සිදු වන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.


Nov
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන් පිරිසකට කොරෝනා

Generic placeholder image

මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුමේදී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව රෝහලට 76 දෙනකු ඇතුලත් කර ඇති අතර එයින් 48 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබෙන අතර එහිදී 26 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.


Nov
30

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට තවත් රාජ්‍ය අමාත්‍යධූරයක් හිමි වෙයි

Generic placeholder image

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට තවත් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබා දී තිබෙනවා. ඒ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි .


Nov
30

ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම තවත් ඉහළට – ඉදිරි සති දෙක ගැන අනතුරු ඇගවීමක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ තවදුරටත් පිඩාවට පත්ව තිබෙන ලොව පළමු රට බවට පෙරමුණ ගෙන තිබෙන්නේ ඇමෙරිකාවයි. ඒ අවදානම තවත් ඉහල නංවමින් එරට එරට බෝවන රෝග පිළිබ`ද ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි සදහන් කරන්නේ ඉදිරි සති දෙකක කාලය එරට තව දුරටත් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල වැඩි වශයෙන් […]


Nov
30

PCR පරීක්ෂණ මග හරින පිරිස සොයා අද සිට විශේෂ මෙහෙයුම්

Generic placeholder image

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා. එපමණක් නොව එලෙස pcr මග හරින ලෙසට අනුබල දෙන අයවළුන්ටද එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
30

බදුල්ලට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථයේ සහායකයෙකුට කොරෝනා

Generic placeholder image

කොළඹ සිට බදුල්ලට තොග වශයෙන් බඩු ප්‍රවාහනය කර ලොරි රථයක සහායකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන ඔහු මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඔහු ඇසුරු කල හා පවුලේ සමීපතමයින් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.


Nov
30

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක

Generic placeholder image

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත සහ බන්ධනාගාර භූමියේ විරෝධතාවක් ආරම්භකර තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටියේ සිය නඩු කටයුතු කඩිනමින් අවසන්කර නිවෙස් වෙත යෑම සඳහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසයි.


Nov
30

මහර බන්ධනාගාරයේ ගින්නෙන් එහි දේපළ රැසකට හානි

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඊයේ හටගත් කලහකාරී තත්ත්වය සමග ඇති වූ ගින්නෙන් එහි දේපළ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම බන්ධනාගාරයේ ලේඛනාගාරය, සිර මැදිරි කිහිපයක්, ආහාර ගබඩාව සහ අධිකාරි හා සහකාර අධිකාරි කාර්යාල ගින්නෙන් විනාශ වී තිබෙනවා. එමෙන්ම අදාළ සිද්ධියෙන් තුවාල ලැබූවන් 71 දෙනෙකු මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අද […]


Nov
30

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක්

Generic placeholder image

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හා වේරහැර කාර්යාලය මගින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේදී කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා මින් පෙර හඳුන්වා දී තිබූ දුරකතන අංක ඇමතීම මගින් සේවාලාභීන් පත්වන අපහසුතාව අවම […]


Nov
30

නයිජීරියාවේ ගොවින් 43 දෙනෙකු කපාකොටා ඝාතනය කෙරේ

Generic placeholder image

නයිජීරියාවේ ගොවීන් පිරිසක් කපාකොටා ඝාතනය කර ඇති බවට විදෙස් වාර්තා සදහන් කරනවා. එලෙස ඝාතනය කර ඇති ගොවින් පිරිස 43 දෙනෙක් වන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. තියුණු ආයුධ යොදාගෙන මෙම ඝාතනය සිදු කර තිබෙන අතර එම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


Nov
30

දිගන යළිත් හෙළවෙයි

Generic placeholder image

මහනුවර, දිගන, අඹකොටේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රී යළිත් සුළු භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ, එම කම්පන තත්ත්වය රික්ටර් මාපක 2කට වඩා අඩු අගයක් ලෙස පල්ලේකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇති බවයි. මින් පෙර ද අවස්ථා කිහිපයකදී මහනුවර ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයන් හටගත් අතර ඒ […]


Nov
30

තවත් 558 දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 17,560 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post